Year and Month | May, 2018 |
Number of Days | One |
Crew | 7 ( Chiran malli , Roshana, Lakmal, Dinesh, Our guide Peter mama , Ando mama and my self ) |
Accommodation | Dinesh s house in andal oya |
Transport | By bus , and foot |
Activities | Hiking and wild life |
Weather | Sunny and windy |
Route | Colombo -> Andal oya junction ( 22 colombo ampara road ) -> Lathugala and return on the same route. |
Tips, Notes and Special remark |
|
Related Resources | Trip reports on : Walimba hela |
Author | Kavinda S.A |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
වාලිම්භ හෙළ
The uncommon wonderful place hiking at ampara
Bandaraduwa ( බණ්ඩරදූව )
දිනය 2018/06/08
කතා කරගත්ත විදියටම අපි හවස 6.45 ට කොලඹින් මහ ඔය හරහා අම්පාර බස් එකට නගින්න ගමනට කතා උන මම ( කාවින්ද ) ,රෝශන සහ චිරාන් මල්ලි ලෑස්ති උනා.උදේ එනකොටම ගෙනියන්න ඕන බඩු මුට්ටු ඔක්කොම බෑග් එකටත් දාගෙන මම ආව වගේම රෝශනත් ඒ විදියටම කරල තිබුන ගමනේ අනිත් සගය වෙච්ච ලක්මාල් මහියංගණයෙන් අපි එන බස් එකට නගින්න කතා වෙලා හිටපු නිසා එයත් බදුල්ලෙන් ටයිම් බලල මහියංගණය ට එන්න කතා උනා.බස් එක 6.45 ට අදිනව කියල දැන ගත්තත් හරි මම 5ට off උන ගමන් ඉක්මන්ටම එළියට බැස්සෙ ජා ඇල ඉඳල ඉක්මන්ටම කොටුවට යන්න.චිරාන් මල්ලි ඒ වෙනකොටත් ගෙදරින් පිටත් වෙලා හිටපු නිසා ලක්මාක් බුක් කරල දුන්න ටිකට් ටික ගන්න මල්ලිට පුලුවන් උනා.ඔක්කොමත් කරල කොහොමහරි මම කොළබට යද්දි සුපුරුදු පරිදි වෙලාව පහු වෙලා තිබුන.අදාල අය දන්නව ඇති මගෙ චරියාව .මේකෙත් නොහිතපු විදියටම ඒක උනා.මම පරක්කුයි . කොළඹට ඇවිත් අපි බස් එක හොයනකොට “බස් එක ගිහින් ගොඩක් වෙලා ආයෙ තියෙන්නෙ 8.45 තමයි” අහපු සුමිහිරි වදන් පෙල.
දැන් ඉතින් මොනව කරන්නද.වෙන දෙයක් වෙන්න කියල දිනේශ් මගෙ බුකිය හරහා හම්බුන යාලුවා කවදාවත් මුණ ගැහිල තිබුනෙ නැති උනාට හොඳම යාලුවෙක්.දිනේශ්ට කිව්වෙ අපිට බස් එක මිස් උනා බන් අපි එද්දි ඔහාට 5 වත් වෙයි කියල.වෙන කරන්න දෙයක් නොතිබුන හින්දම ලක්මාල්ටත් පනිවුඩේ දීල එන බස් එකක එයාව කලින්ම දිනේශ්ලගෙ ගෙදරට යන්න කිව්වෙ අපි එනකන් හිටියොත් ගොඩක් වෙලා යනකන් මඟ ඉන්න වෙන හින්ද.
කොහොම කොහොමහරි ආයෙත් සීට් බුක් කරන්න ගිය අපිට වෙලාවටම වගේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම සීට් 4න් 3ක් වෙන් කරගන්න පුලුවන් උනා.බස් එක වෙලාවටම පිටත් උනා සින්දුවකුත් දාගෙන යද්දි බස් එකට නගින්න කලින් ගත්තු කෑම පළතුරු වලින් බඩ කට පුරව ගත්තේ ආයෙ කොහෙදි රෑ කෑමට බස් එක් නවත්තයිද දන්නෙ නැති හින්ද.නින්දක් දාගන්න උත්සාහ කලත් අන්තිමට ටික ටික වෙලා යද්දි නම් හොඳ නිදිමතක් ආව.නිට්ටඹුව පහුවෙලා කෑගල්ල පැත්තට එනකොට බෑග් එකත් තුරුලු කරගෙන හිටිය මතකයි ආයෙ ඇහැරෙනකොට බස් එක එහෙට මෙහෙට පැද්දෙනව තමයි මතක.දන්නෙම නැතුව බස් එක හුන්නස්ගිරියට ඇවිත්.උදුදුම්බර පැත්තට යද්දි පල්ලම බහිද්දි කොහොමද කියල ගියපු අය දන්නව ඇතිනේ.බස් එකත් සැලකිය යුතු වේගෙකින් පල්ලම බැස්සුවේ එහෙට මෙහෙට පැද්දෙන මිනිස්සු ටිකක් එක්කමයි.
හුන්නස්ගිරිය පල්ලමෙන් පස්සෙ තැනිතලා මායිම් ප්‍රදේශය.ඒ හරියෙදි ආයෙත් නින්දට වැටුනම ඇහැරෙනකොට නිකන් බීච් එකක් අයිනෙ ඉන්නව වගෙ හැඟීමක් තමයි දැනුනේ ඒ තරමට හුලඟ.බස් එක මඟ නවත්තල තිබුනේ තේ බොන්න.ටිකක් වෙලා යද්දි තමයි අපිට තේරුනේ හුලඟෙ සැරට නවත්තල තියෙන බස් එකත් එහෙට මෙහෙට පැද්දෙන වග.එලියට බැහැපු අපි බිත්තර රොටී කාල ප්ලේන්ට් යක් ගැහුවම ආයෙත් හොඳ පණක් ආව.
එතකොටම තමයි මඟ එද්දි කතා කර කර විස්තර අහපු දිනේශ් ආයෙත් කතා කලේ.තැනේ නම නම් මතක නෑ කොහොමහරි තව ගොඩක් දුර අපිට යන්න තිබුන.එහෙම්මම එලියෙ හිටපු කොන්දොස්තර අය්යට අපිව ආන්ඳල් ඔය හන්දියෙන් බස්සන්න කියල කියපු අපි තේ බීල ඉවර වෙලා බස් එකට ඇවිත් ඉඳගන්නකොට සෙනඟ පුරෝගෙන ආපු බස් එක ටිකක් සෙනඟ අඩු වෙලා තිබුනා.අපි හිටියෙ මහියංගණයත් පහු කරල.ඒ හින්ද ගොඩක් අය බස් එකෙන් බැහැල තිබුන.ආයෙත් සීට් එකට ආව.තේ බිව්වට පස්සෙ හොඳ පණක් ආව.එහෙම කියල අපි නිදියන එක නවත්තනවද.නෑනේ .බස් එක අයේත් පිටත් උනා අපි නිදා ගත්ත.
අපි දැනගෙන හිටපු එකම දේ අපිට ලොකු ගමනක් යන්න තියෙනව ලොකු කට්ටක් කන්න තියෙනව.ඒකට හොඳට නිදාගෙන ඉන්න වෙන එකම තැන බස් එක විතරයි.මොකද බස් එක එහෙට යද්දි උදේ වෙන බව දැනගෙන හිටිය.
මඟ දිගට දෙනේශ්ට කතා කරල විස්තර කිව්ව අපි දැන් තනිකරම කෙලින් පාරක බස් එකත් පාගල යනව.අපි හිටියේ හරියටම අරන්තලාවෙ භුක්ෂු ඝාතනය උන හරියෙ.ඒකත් දිනේශ්ගෙන් දැන ගත්තෙ.ලොකු කැලයක් මැද තිබුන පාර අයිනේ කඩයක් ලඟ බස් එක ආයෙත් නැවත්තුව.වෙලාව පාන්දර 1.30ට ඇති.එතකොටම තමයි බස් එක ඇතුලෙ හිටපු අයිය කෙනෙක් එක්ක කයියට වැටුනේ.
“අයියේ අපිට ආන්ඳල් ඔය හන්දිය හරියෙදි කියන්න පුලුවන්ද” කොහොමහරි එයා ඊට මෙහා බහින බව දැන ගත්තත් එතනම හිටපු අපි බහින්න ඕන තැනින්ම බහින වෙන කෙනෙක්ව සෙට් කරල දුන්න.එයත් එක්කත් කතාවක් දාගෙනම බස් එකේ ඉතුරු ටිකත් එහෙම්මම ගියා.දැන් නම් බස් එකේ සෙනඟ නැතිම තරම්.
අන්ඳල් ඔය හන්දිය- දිනේෂ් කිව්ව විදියට අපි බස් එකෙන් බහින්න ඕන තැන
එතන .එතන ඉඳලත් තව wheel එකක දුරක් යන්න තියෙනව දිනේෂ්ගෙ ගෙවල් තිබුන වලගම්පුරට .එද්දි කතා කරගෙනම ආපු කොන්දොස්තරටත් යන්නම් කියපු අපි බස් එකෙන් බැස්ස.
කොහොමහරි අපි හරි තැනින් බැස්ස.” මචන් උඹල ආයෙ කවද්ද යන්නෙ” අපි අද රෑම ආයෙ පිටත් වෙනව බන්. අපි ආයෙ එනව බන් රෑ ටර්න් එක නම්බරේ ගහගනින්කෝ කෝල් එකක් ගහපන්. සීට් සෙට් කරගන්න පුලුවන් වෙයිද බන්. ඒක අව්ල්ක් නෑ සෙට් කරල දෙන්නම් කෝල් එකක් ගහපන්.එහෙනම් අපි යනව.
ඔය කතා බහෙන් පස්සෙ අපි හිටපු තැනට ආවෙ අයිය කෙනෙක් මල්ලි ඔයාලද දිනේශ්ගෙ යාලුවො.අහ්හ් ඔව් ඔව් අයියේ .අද බස් එක පරක්කුයි වගේ නේද බන් කියාගෙනම අපි ගිහින් එතන තිබුන wheel එකකට ගොඩ උනා.
දිනේශ්ගෙ ගෙදරට යනකොට වෙලාව 5ත් පහු වෙලා.
දිනේශ් – fb එකෙන් සෙට් උන තවත් හොඳ යාලුවෙක් අව්රුද්දක විතර ඉඳල යන්න හිතපු ගමනක් සැරින් සැරේ කල් ගිහින් ගිහින් ඔන්න අද තමයි ඒ හීනෙත් ඉටු වෙන්න යන්නෙ.
ගෙදරට ගියපු අපි phone ටිකත් චාර්ජ් එකට ගහල මූන එහෙම හෝදගෙන අවශය දේවල් ඔක්කොම බෑග් එකට ඔබාගෙන දිනේශ්ගෙ තාත්තටත් සමු දීල අපි කලබලෙන වගේ පිටත් උනේ අපේ ගමනේ මඟ පෙන්වන්නා උන මාමගෙ ගෙදරට යන්න තව ගමෙන් යන බස් එකක යන්න තිබුන නිසයි.පාර දිගේ දුවගෙන දුවගෙන ගිය අපි අන්තිමට ලොකු ඇල පාරකට බැහැල ඒකෙන් එගොඩ වෙලා ආවෙ පොඩි පාරකට.ටිකක් ඉස්සරහට ඇවිදගෙන යද්දිම බස් එක ආව.අපේ ගමනාන්තය උනේ පීටර් මාමගෙ ගෙවල් තිබුන ලාතුගලට.බස් එකට ගොඩ උන අපි එහෙම්ම බස් එකේ අන්තිම නැවතුම්පොළ වෙනකන් ගියේ අලුතින් හම්බුන සෙට් එක අඳුරගනිමින් විස්තර කතා කරමින් ගොඩක්ම වටේ තිබුන කඳු දිහා බල බල ඒවගෙ නම් අහ අහ තමයි දිගටම ගියේ.බස් එකෙන් බැහැපු අපි එතන ඉඳල කිලෝමීටරයක් විතර පයින් ගියේ අපේ මඟ පෙන්වන්න උන පීටර් මාමගෙ ගෙදරට.
පීටර් මාම- ලාතුගල ගමේ ගොඩක් ප්‍රසිද්ද කැලේ කිව්වම නිකන් ගෙදර වගේ කැලේ ඕනම තැනක් ගැන හොඳට දන්න කඳු 7ක් කපල හේන් කොරපු මාමට ගමේ අය කියන්නෙ කැලෑ පීටර් කියල.
හරිම සරල නිහතමානී චරිතයක් බොහොම කෙට්ටුයි එදා මටත් හිතුනේ කෙට්ටු උන්ට මොනවද පුලුවන් අහන උන්ට පීටර් මාමව පෙන්නල දෙන්න පුලුවන් නම් කියල තමයි.
පීටර් මාමත් එක්ක ගමනට එකතු උන අනිත් සගයා තමයි ඇන්ඩො මාම.දෙන්නම කැලේ කාපු කට්ටිය අපිට යද්දි තේරුනේ කැලේ පාරවල් නම් ඕන දෙයක්.ඒ ඒ වෙලාවට සත්තු ගැවසෙන තැන් ගෙනත් ලොකු අවබෝදයක් ඔවුන් සතුව තිබුන.
රතික්දද ටිකක් ඕන පුතේ. ගමන නම් ගොඩක් දුරයි හැතැක්ම 8ක් විතර යන්න තියෙනව කන්දෙ පාමුලට කියපු මාම ලොකුම ප්‍රශ්නෙ වලහ තමයි.වලස්සු ඉන්නවා ඕන තරම් පුතේ කියල එහෙම්මම අපි ලාතුගල පීටර් මාමලගෙ ගෙදරින් ගමන පටන් ගත්ත.වතුර තියෙනව යන දිගටම වැඩිය බර ඕනෙ නෑ අපිට ගොඩ දුර යන්න තියෙනව කිව්ව මාම අපිවත් එක්ක රැලේ ඉස්සර උනේ ඇන්ඩො මාම කට්ටියට පිටිපස්සෙන් ආව.අපි සෙට් එක මැද.
යනකන්ම මාමලගෙන් එයාලගෙ අත්දැකීම් වටේ කඳු වල විස්තර වගේම ඒවට තියෙන අතීත කතා අහ අහ ගියෙ හරිම ආසාවෙන්.එයාල ඒ කතා කියද්දි මම නම් නිකන් අහන් හිටියෙ ඒ කතාව ඉවර වෙන්න නොදී මඟින් තව තව දේවල් අහල කතාව තව දුර යන්න දෙන ගමන්.
කොහොමින් කොහොමින් හරි අපි ටික ටික ගමෙන් ඈතට ඈතට ඇදුන.ට්‍රැක්‍ටර් එක වගේ යන්න පුලුවන් පාරක අපි පාර දිගේම ඇදුනෙ කෙමෙන් කෙමෙන් ගමෙන් ඈත් වෙන ගමන්.මෙච්චර වෙලා ගමන විස්තරය කිව්වත් අපි මේ යන්නෙ කොහෙද කියල තාම කිව්වෙ නෑනේ.ඇත්තටම අපි මෙහෙම යද්දිවත් අපිට කන්ද පෙනුනෙවත් නෑ.අම්පාර වගේ පැත්තටක ඈත කන්දක් නොපෙනෙන දුරක ඉන්නව කියන්නෙ අපි කොච්චර දුරකද ඉන්නෙ කියල හිතා ගන්න පුලුවන්නේ.
ඇත්තටම අපේ ගමනාන්තය උනේ වලිම්භ හෙල එහෙමත් නැත්තම් fairs hood තරණය කිරීමයි.ලංකාවේ දැනට දන්න තරමින් අතලොස්සක් පමණක් තරණය කර ඇති ගොඩක් අය නොදන්න ඈත කැලේ වන සතුන්ගේ නිජ භූමියක අලංකාර ලෙස සැඟව ඇති මේ ඉලක්කය ඇත්තටම අපහසු අවදානම් මාරාන්තික ගමනක් බව නම් කලින්ම කියන්න ඕන.
කිලෝ මීටර් 3ට ආසන්න දුරක් ආපු අපිට එක පාරටම ඈතින් වලිම්භ හෙල දිස් වෙන්න ගත්තට පස්සෙ ඇත්තටම ලොකු සතුටක් හිතට දැනුනෙ.කන්ද දිහා බලාගෙන අපි ලොකු ආසවෙන් ගමන තවත් ඉක්මන් කලද කන්ද තියෙන්නෙ සෑහෙන්න එහා කියල නම් තේරුම් ගියෙ තව දුරක් යද්දි තමයි.
අපි සාමාන්‍ය කැලයක් මැදින් ගිහින් ඊලඟට ඇතුල් උනේ ලොකු ඝන කැලේකට
ලොකු ගස් යටින් අපි ඉදිරියට යද්දි දොල පහරවල් ඇල පහරවල් තරණය කරල අපි ආවෙ ගෝනම් පන්න කියන ඔය ගාවට.ඔයට බැහැපු අපි ඔය දොගේ ඔය මැද තිබුන වැලි පරයකට ගොඩ උනේ උදේ කෑම ගන්න.බත් එක්ක සම්බෝල දාගෙන හරි හටියට බඩ පුරව ගත්ත අපි එතනින් පිටත් උනේ මාමලගෙ කතා ගොඩක් රස වින්දයින් පස්සෙ තමයි.
එතනින් අපි ආවෙ ආයෙත් තැන්නකට හරියටම කිව්වොත් පතනක්.තෙරක් නොපෙනෙන පතනේ තැනින් තැනට තිබුනේ කඳු විටරමයි.මනුස්ස වාසයක් අහල පහල නොතිබුන හරක් ගියපු පාරවල් ඔස්සෙ මාමගෙ හිතේ තියෙන මඟ සලකුනු ඔස්සෙ ගමන ඇදුනු අපි එන මඟ දිගටම තිබුනේ වල් අලින්ගෙ අඩි සලකුනු.ඒ අතර තුර අලි විසින් කඩා බිඳ දමා තියෙන වාඩි පහු කරගෙන ආපු අපිට මාම පෙන්නුවෙ අපි එන්න පැය කිහිපයකට කලින් අලි බෙටි දමා ඇති තැන් පෙන්නපු ඇන්ඩො මාම කිව්වෙ “මේ දැන් ටිකකට කලින් මෙතන ඉඳල තියෙනව” කියල .
මට මතක් වෙනව මාම එන්න කලින් අපිට කිව්ව කතාව.”මාමෙ මෙහෙට ගෙවල් වලට අලි එන්නැද” .”එනවා අලි එනව ඇවිත් වී කාල යනව”.”කොහෙද මාමෙ උන් ඉන්නෙ නැවතිලා ඉන්නෙ “.”උන් ඔය එහා පැත්තෙ කැලේ තමයි ඉන්නෙ අපි දැන් යන්නෙ ඒ කැලේට.” වලස්සු ඉන්නවා ඔය කැලේ ගුහාවල වලිම්බෙත් පහත තියෙන්නෙ ගුහා .ඒ ඔක්කොගෙන ඉන්නෙ වලස්සු”
පතන දිගේ අපි ඒ වෙද්දි කිලෝමීටර් 8කට ආසන්න දුරක් ඇවිත් තිබුන.ඒ එද්දි තමයි ඇඟේ ලේ වතුර වෙන සිද්ඩියක් උනේ.
පීටර් මාම දිනේශ් සහ ලක්මාල් අපිට ඉස්සරහින් ගියා මමයි චිරාන් මල්ලියි ඊට මීටර් 10ක් විතර පිටිපස්සෙන් ගමන් කලා ඇන්ඩො මාම ආවෙ අපිට පිටිපස්සෙන්.අපි ගිය මඟ දෙපසම තැනින් තැන ගස් තිබුන වගේම ඒ ගස් වල හෙවන යට පඳුරු පඳුරු ලොකුවට අකුල් වැවිල තිබුන අතර අනිත් අව්වට නිරාවරණය වෙලා තිබුන තැන් වල තිබුනේ අඩියක් විතර උස පඳුරු ඊට යටින් තිබුනෙ තනිකරම නිදි කුම්බ ඒවට කකුල් හීරිලා මේ පොස්ස්ට් එක type කරද්දිත් තාම කකුල් වල හීරුම් පාරවල් එහෙම් පිටින්මයි.
අපි ටික ටික ඉස්සරහට යද්දි දිනේශ්ල ගිය ඉස්සරහින්ම මම ගිය තැනට උපරිම මීටර් 15ක් ඉස්සරහින් එක පාරටම කලින් කිව්ව පදුරක් අස්සෙන් මතු උනේ තනි සද්ධන්ත අලියෙක්.එක පාරටම කැලේ අස්සෙන් මතු උන ගමන් උන් හිටි තැන් අමතක උන මට කොයි පැත්තට දුවන්නද හිතා ගන්න බැරුව හොල්මන් උනේ මොකුත් හිතා ගන්න බැරුව.ඒ හරියෙ අලිය පැන්නුව නම් දුවල බේරෙන්නවත් බැරි බව දැන ගෙනම වම් පැත්තෙ තිබුන ගල් පොත්තෙන් එහා පැත්තට පැන්නෙ හීන් දාඩියත් දාගෙනමයි.එතකොටම අලියට කෑගහන මාමල දෙන්නගෙ සද්ද ඇහුනත් එක්කම විනාඩියක් විතර අපි කිසිකෙනෙක් සද්ද නැතුව හිටිය වගේ මතක.දිනේශ් කෑ ගහල අපිට කතා කලේ උඹල කොහෙද කියල අහල එතකොට තමයි දැන ගත්තෙ චිරාන් මල්ලි දුවල තියෙන්නෙ සපත්තු දෙකත් දාලමයි.ආයෙත් එතන තිබ්බ ගලකට කට්ටිය එකතු වෙලා ඉඳගෙන හිටියේ මට නම් මොකුත් හිතා ගන්න බැරුව.
“ඌ පැන්නුවද මාමේ මට නම් මොකුත් හිතා ගන්න බැරි උනා”.”නෑ නෑ බන් වෙලාවට ඌ අනිත් පැත්තට ගියා ඌ ඒ ගහ යට නිදාගෙන හිටියෙ බන් අපි එන සද්දෙට ඌ ඇහැරුනේ එහෙම්මම ඌ අනිත් පැත්තට ගියා කෑගැහිල්ලට” එහෙම කිව්වෙ දිනේශ්. “මට නම් උන් හිටි තැන් අමතක උනා බන්”
“මාමේ අලිය පන්නනකොට මොකද කරන්න ඕනෙ”. “අලිය පැන්නුවොත් පුතේ දුවල හරියන්නැහැ .මොකද අලියත් එක්ක දුවල බේරෙන්න බැහැනේ.ඌට පුලුවන් මෙහෙම ඉඳල එක පාරට පයිනව අඩි 7ක් 8ක් ඉස්සරහට.හිතා ගන්න බැරි විදියට.ඌ පැන්නුවත් කරන්න ඕන ඌට කතා කරන එක”.
“ඒකද මාම රාජු රාජු කියල මොකක්ද කියල කෑගැහුවෙ”. ” හ්ම් “.
එතන ඉඳල තමයි මටත් අලි බය දැනෙන්න ගත්තෙ.එතන ඉඳල ගමන යද්දි මම බැලුවෙ කන්ද දිහාවත් වටේ පේන වෙන කඳු දිහාවත් නෙමෙයි වටේ තියෙන පඳුරු දිහා.හීන් දාඩිය දාන්න බය උන වෙලාව නම් කවදාවත් අමතක වෙන එකක් නෑ.එහෙම ඉදිරියට ඇදුන අපි ආවෙ තේක්ක කැලේකට හැම ගහක්ම වගේ පතුරු ගහල පෙරලල තිබුනෙ අලි රන්චුව 80 ක් විතර ඉන්නව කියල මාම කියපු කතාව තවත් සැක දුරු කරමින්.
මෙතන තමයි පුතේ වලිම්භ ලොක්කගෙ ගෙදර. මේ ඔක්කොම ඉඩම් එයාගෙ තිබුනේ.ඒකෙ ගල් මුක්කු එහෙම තාමත් ඇති මේ හරියෙ.ඔය ඉස්සරහ පේන්නෙ වලස් ගල ගේ.ඕක ගුහා වලින් පිරිල.ඔය ගල් තලාව අක්කර 3ක් 4ක් විතර ලොකුයි දැන් අපිට පේන්නැහැ මන් පුතාලට කන්ද උඩට ගියාම පෙන්නන්නම්.මාමෙ වටේ කන්ඳු ගැනත් විස්තරයක් කියන්න ඒ ගමන්ම හොඳද.හරි පුතේ අපි යමු තවත් ගොඩක් දුර යන්න තියෙනව ඒ වෙද්දි වෙලාව දවල් 12ට කිට්ටු කරල තිබුනේ 11.30ට විතර.
අපි දැන් ගමන් කරමින් ඉන්නෙ කන්දෙ වම් පැත්ත්ට.කන්ද ඉස්සරහ තිබුනෙ හෙල හෙල වටෙන් කන්ද අනිත් පැත්තට ගිහින් තමයි කන්ද නගින්න තියෙන්නෙ.ඒ ගමනට තව සෑහෙන දුර යන්න ඕන නිසා මාමත් එක්ක කතා කරගෙන අපි එහා පැත්තෙ තිබුන කන්ද නැගල අනිත් කන්දට බහින්න තමයි තීරණය උනේ.එතනින් කන්ද නගින්න ගත්ත අපි තිබුන අන්තිම වතුර පාර
ඒකේන් වතුර පුරවගෙන මෙහා පැත්තෙ තිබුන කන්ද නැගල ආවෙ ගල් තලාවකට.ගල් තලාවෙ ඉඳල මාම කිව්වෙ අද නම් උඩට යන එක හරිම අවදානම් හුලඟ හොඳටම වැඩියි.හුලං පාර පුදුම සැරක් තිබුනේ.උඩට ගිය වෙලාවෙ අපිව ගහගෙන යන්න තරම් ගියා.මගෙ තොප්පියත් වලිම්බෙන් බිමට වැටුනේ බෑග් එක අනිත් පැත්ත පෙරලුන ගමන්මයි.
අපි ගල් තලාවෙ ඉඳල අනිත් කන්ද බලාගෙන මේක තමයි පුතේ අපි නගින්න ඕන ඉක්මන්ට යමු.එහෙම කියල අපි ඊලඟ කන්දත් නැග්ග පැය එක හමාරක විතර ගමනකින් පස්සෙ අපි කන්ද උඩට ආව.ඒක උඩට එන්න තිබුනෙත් ලොකු ගල් පොත්තක් උඩින්.හුලඟ සැර වෙලාවට නම් හරිම භයානක ගමනක්.එක දිගට පැය 6ක් විතර ඇවිදගෙන ආපු අමාරු ගමනකට පස්සෙ අපි උදේ 6.20ට පටන් ගත්ත ගමන 12.30 වෙද්දි උඩට එන්න පුලුවන් උනා.
උඩට ගිහින් photo ගහල මාමගෙන් ලොකූ විස්තරයක් අරගෙන අපි ආපු පාර බලල දවල් කෑම කාල ඔක්කොම කරල අපි ආයෙත් දවල් 2 වෙද්දි පහලට බහින්න ගත්ත.කන්ද උඩ නම් පුදුම ලස්සනයි වටේටම පේන්නෙ කඳු සානු පතන් කැලෑ ගල් ඔය ව්‍යාපෘතිය වගේ ගොඩක් දේවල්.අම්පාර ටව්න් එක, තොප්පිගල වගේ ගොඩක් තැන් අපි ඈතට දැක්ක.
දවල් 2ට බිමට බහින්න ගත්ත අපි කන්ද පාමුලට ආවෙ අලි නැති වලස්සු නැති මාමගෙම පාරවල් අස්සෙන් ඒ එද්දි කැලේ මැද සැඟ උන නිල් දිය පොකුනු එහෙමත් අමතක වෙන්නෙ නෑ.කන්ද පහලින් ආයෙත් තවලොකු තේක්ක කැලේකට ආපු අපි ආයෙත් පතනට එද්දි හවස 4ට විතර ඇති.වල් අලි අවදානම එන්න එන්න වැඩි වෙන්න ගත්තෙ ඉර එක පැත්තකින් බැහැගෙන යනව අපි කාත් කව්රුත් නැති පාලු පැත්තක තනි වෙලා.එතකොටම මාම කිව්වෙ මේ පැත්තට ගියොත් බන්ඩර දූව එහෙට ගිහින් ගම් මැදින් සෑහෙන දුරක් ආයෙ යන්න ඕන මෙහෙන් අපි ආපු පැත්තෙන් ගියොත් නම් අලි හම්බෙනව පුතේ අපි පරිස්සමට යන්න ඕන.හැබැයි ගමට යන්න පුලුවන් රෑ වෙනකොට.”සද්ද කරගෙන යන විදියට යමු එතකොට අව්ල්ජ් වෙන්නැහැ” ඇන්ඩො මාමත් කිව්ව එක්කම අපි ආපු පාර පැත්තට හැරුනේ මාමල දෙන්නව විශ්වාස කරගෙනමයි.
අපි එද්දි කිලෝමීටර් 14කට විතර දුරක් ඇවිත් තිබුන දැන් අපිට ඒ ගමනම අලි එලියට බහින කැලෙන් ආයෙත් යන්න වෙලා.මාම පදුරු අස්සෙන් එක එක සද්ද දාගෙන ඉක්මනින් ඇදුනෙ අපිට ගමනෙ තියෙන බැරෑරුම් කම පෙන්නමින්මයි .එද්දි නම් විහිලු කතා කිය කිය ආවත් දැන් අපෙ උන් හ්ම් සද්දය්ක් වත් නෑ.මොකද වෙලාව හොඳටම හවස් වෙලා හවස 5.30ට විතර අපිට පිටිපස්සෙන් ඉර බැහැගෙන යනව අපි තැන්නක් නගිනව එතකොට තවත් ඉක්මන්ට ඉර අපෙන් ඈතට යනව අලි අවදානම තවත් ලං වෙනව.යන්න පුලුවන් උපරිම වේගෙන් අපි ගමන ගියේ පැයකට විනාඩි 3ක විතර විවේවකයක් ගන්න ගමන්.
මේක නම් අව්රුද්දකට විතර ඇති නේද බන් මේ ගමන.ඔය වගේ වචන ටිකක් ඇරැන්න අපි ඔක්කොම හිටියෙ දෙගිඩියාවෙන්.මාම කිව්වෙ මේ ටිකේ හොඳ හෝදිසියෙන් යන්න ඕන හරක් පට්ටිය වෙනකන් ඉක්මන්ට යන්න ඕන පුතේ අලි වතුර බොන්න එහෙම බහිනව ඒ තැන් වලින් ඉක්මන්ට යන්න ඕන මේ කැලෙන් එලියට යන්නයි ඕන.එහෙම කියාගෙනම අපි ඔක්කොම හීන් දාඩිය දාගෙන එක දිගට ඇවිද්දෙ අහල පහල පඳුරු දිහා සැකෙන් සැකෙන් බලන ගමන්.වෙලාව රෑ 7ට විතර ඇති අපි ආව ලොකු වතුර පාරක් ගාවට අපිට හොඳ ගනන් ඒ වෙනකොට.මාම කිව්වෙ ඔන්න දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ.පුතාල ආවෙ මාව විශ්වාස කරලනෙ අන්න ඒ හින්ද පුතේ මොකක්වත් කරදරයක් නැතුව එක්කන් එන එක මගෙ යුතුකම.ඒකයි අඩිය ඉක්මන් කරල ආවෙ.මෙතන එහා පැත්තෙ තියෙනව මගෙ හර්ක් පට්ටිය.ඒකට ගිහින් අපි ටිකක් වෙලා ඉඳල ගමන පටන් ගමු පුතාලට අමාරුත් ඇතිනෙ.”
අපි කරුවලේ ආවෙ මාමගෙ හරක් පට්ටිය ගාවට.මිනිස්සු අඩුවෙන් දැකල තිබුන හරක් පට්ටියෙ හරක් , මාමගෙ කට හඬ නොහිටින්න ගාලම දුවනව කැලේට.ඒ තරම් මිනිස්සුන්ට බයක් තිබුන.එතන එහා පැත්තට ගිය අපි එහෙම්මම බිම වැතිරුනා මම නම්.බිස්කට් කාල වතුර බීල ග්ලූකෝස් කාල එහෙම විනාදි 15ක් විතර හිටිය.කකුල් ඔක්කොම කටු වලට හීරිල අල්ලන්න වත් බෑ දැවිල්ලයි.මෙතන ඉඳල කිලෝමීටර් 4ක් වගේ තියෙන්නෙ.එහෙම කියල ගමන පටන් ගත්තෙ මාමගෙ ගමට.යනව යනව ආයෙ ඉවරයක් නෑ එතකොට තමයි මාම කිව්වෙ ටෝච් එක වටේ කැලේට ගහන්න එන ගමන් කියල.පස්සෙ දැන ගත්ත අලි කේස් එක තාම ඉවර නෑ කියල.අපි යන ගමන් පුතේ රත්කඡයක් දාන්න කියල කියන සද්දෙයි අලින්ට මාම කටින් දාපු අමුත් සද්දයි එක්ක කරුවලේම ටෝච් ගහගෙන අපි ගියෙ මඟ දිට අපි යන දෙපැත්තෙ හිටියෙ කැලේට හුරු උන අලි.කරුවලේ හිටපු ගමන් ගුලියක් වගේ ඈතට පෙනුනත් අපි කලබල නොකර මාම පස්සෙන්ම ගියේ කැලේ ගැන ගහ කොල ගැන සතා සිව්පාව ගැන පීටර් මාම හොඳට දන්න නිසා.
අන්තිමට අපි පීටර් මාමගෙ ගෙදරට එනකොට රෑ 8.30ත් පහු වෙලා.බිමට වැටිල පොඩි නිදක් දාල wheel එකේ දිනේශ්ගෙ ගෙදර ගිය අපි ආන්ඳල් ඔය හන්දියට රෑ 12.14 ට එන කොලඹ බස් එකට නැග්ගෙ පහුවදා උදේ ගෙදරට එන්න.
වැඩිය කට්ටිය නොදන්න ඉතාම සුලු පිරිසක් අතලොස්සක් පමන දැනට තරණය කර ඇති තොප්පිගල සහ අම්පාර නගරය අතර
පිහිටි උසම කන්ද වලිම්භ හෙළ තරණය ඒ විදියට අවසන් කරන්න අපිට පුලුවන් උනා.ආයෙත් දවසක ගල් ඔයේ සුන්දර තැනක් බලන්න කතා කරගෙනම පීටර් මාමට සමුදුන්නේ ආයෙත් මාමත් එක්ක ගමනක් යන්න සෙට් කරගෙනමයි.
ගමන් සගයන් ලෙස මම,ලක්මාල්,දිනේශ්,චිරාන් මල්ලි, රෝශන ,ඇන්ඩො මාම සහ පීටර් මාම
ගොඩක් අවදානම්, අනතුරුදායක තරණයට ඉතාමත්ම අපහසු කන්දක් ලෙස වලිම්භ හෙල දක්වන්න පුලුවන් මම මේ කියන දේ ඇත්ත කියල ඔයාලත් ගිය දවසක බලන්න.හුලඟ වැඩි දවස්වල කන්ද උඩ ඉන්න එක ඉතාම අනතුරුදායකයි.
පරිසරය රැක ගන්න විඳින්න ඉතුරු කරන්න ඒ සුන්දරත්වය මතු පරපුරත්.
.