Year and Month | August, 2018 |
Number of Days | One |
Crew | Five (Sobasiri Team) |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Exploring Nature, Hiking, Photography |
Weather | Dark sky but no rain |
Route | Colombo -> Kandy -> Madawala -> Panwila -> Kallebokka -> Kabaragala |
Tips, Notes and Special remark |
|
Related Resources | Erskine Point: Almost a point of no return |
Author | Ranshan |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread |
දුම්බර වන පෙතේ සැඟවුණු ලංකාවේ ‘‘දෙවැනි’’ කිරිගල්පොත්ත
‘‘සොබාසිරි’’ අපි යනු හුදෙක් විනෝදයකට ක්‍රියාදාම සංචාර යන්නවුන් පිරිසක් නොවෙයි. සෑම ගමනක්ම අපට ගවේෂණයකි. මන්ද මිනිස් පහස නොලද, කාලයේ වැලිතලාවෙන් වසං වූ අතිශය දුෂ්කර කඳු, දියඇලි, ගුහා සොයාගෙන යන අපේ සංචාරක දිවිය යනු දුෂ්කර බව, අවදානම හා උද්ෙයා්ගය සපිරි ක්‍රියාදාම චාරිකාවකි. සංචාරක ක්ෂේත්‍රයේ අතිබහුතරය පවා දැන සිටියේ ‘‘කිරිගල්පොත්ත’’ නම් වූ කන්ද හෝර්ටන් තැන්නේ ඇති ලංකාවේ දෙවන උසම කන්ද ලෙසය. ඒ හැර තවත් කිරිගල්පොත්ත නම් ලද කන්දක් නකල්ස් වනයේ සැඟව ඇති බව අති බහුතරය නොදැන සිටියේ සැබවින්ම මීට පෙර කිසිදු සංචාරකයකු දුම්බර වනයේ සිව් වැනියට උසම කිරිගල්පොත්ත (1648) තරණය නොකළ හෙයිනි. සමස්ත දුම්බර වනයේම අතිශය සංවේදී වලාකුළු වනාන්තර ඉසව්ව සොයා ගිය දුෂ්කර ගමන මෙසේ දිග හරින්නෙමි.
මීට දෙවසරකට පමණ පෙර සිට අප නකල්ස් වනයේ පිහිටි කිරිගල්පොත්ත නම් කන්ද සොයා ගැනීමට වෙහෙසුණේ මින් පෙර කිසිවෙකුත් එය තරණය කළ නොමැති නිසාවෙන් සහ කිසිදු මගපෙන්වන්නෙකු පවා මෙම කන්ද මීට පෙර අසා නොමැති නිසාවෙනි. නමුත් මිනින්දෝරු සිතියමේ කිරිගල්පොත්ත ලෙස නමක් නකල්ස් වනපෙතේ සඳහන්ව තිබූ අතර ඇතැම් වන සංරක්ෂණ විස්තරවල කිරිගල්පොත්ත කන්ද සටහන්ව තිබුණි. නමුත් හරි හැටි කන්ද පවතින තැන කීමට කිසිවෙකුත් නොවූයෙන් අපි ගූගල් සිතියම් ආධාර කොට ගෙන මිනින්දෝරු සිතියමේ පිහිටි මීටර 1648 ක් උසැති කන්ද සෙවීමට පටන් ගත්තෙමු.
පසුව අපි අනුමාන කළ ලෙසම සමස්ත නකල්ස් වනයෙම ගූගල් චන්ද්‍රිකා (Google Earth View) රූපවල සුදු වලාකුළකින් වැසුණු ස්ථානය කිරිගල්පොත්ත බව අප සනාථ කරගත්තෙමු. ඒ සඳහා ගූගල් හී Terrain සිතියම් මගින් මුහුදු මට්ටමේ සිට උස සොයා මිනින්දෝරු සිතියමේ කිරිගල්පොත්තට ආසන්නම ලකුණ කළ ගම වන කබරගල සමග සසඳා ඒ ආසන්නයේම තිබෙන මීටර 1600 ට වැඩි උස පරිමාව පෙන්වූ කිරිගල්පොත්ත පිහිටීම අපි නිශ්චිත කරගත්තෙමු.
පසුව අප සියල්ලෝම කතිකා කරගත් පරිදි කොළඹ සිට මධ්‍යම රාත්‍රියේ පිටත්වූයේ කබරගලට උදැහැනැක්කෙම ළඟා වීමේ අරමුෙණනි. නුවර සිට කටුගස්තොට හරහා මඩවලට පැමිණ එතැනින් බඹරැල්ල පාරේ හුළුගඟට පැමිණ මඩුල්කැලේ හරහා කන්දෙගම පාරට හරවා අලුයම් ජාමයේම ගමන් කළෙමු. අපගේ දකුණු පස ඈතින් තවමත් මීදුම් සළු පොරවගෙන නිදිගැට හරින නකල්ස් කඳු වැටිය, ගොම්බානියා සහ යකුන්ගෙගල කඳුවැටිය දැක ගත හැකි වූ නමුත් කඳු මුදුන්වල මීදුම් සළු ඔබ මොබ යමින් තිබුණි. මඩුල්කැලේ පසුවත්ම පසෙකින් හපුතලේ කුඩා ලෝකාන්තය ඈතින් පිහිටා ඇති බවත් ඉදිරියේදී කැලෑබොක්ක කඳු මුදුනත් දැක ගැනීමට බලන් සිටියෙමු.
කැලෑබොක්ක යනු රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතුයායකි. එහි පිහිටි කඳු මුදුනක නැරඹුම් මැදිරියක් තනා සංචාරකයන්ට පැමිණීමට අවස්ථාව උදා කරදී ඇති බැවින් මීට පෙර අප එහි ගිය අයුරු අපට සිහි විය. අංශක 360 ක වපසරියක් දැකිය හැකි කැලෑබොක්ක කඳු මුදුනට කිරිගල්පොත්ත පවා දැක ගත හැකිය. අප ඒ පිළිබඳව දුටුවේ පෙර දිනදී ගත් ඡායාරූප නැවත පිරික්සන විටදීය. තේ දලු තාමත් සීතලට ගුළි වී ඇත. ගම්වැසියෝද කවුළු පියන් මතින් එබිකම් කොට අප දිහා බැලුවේ නිවාඩු දින පාන්දරින් ගමන් කරන්නේ කවුරුන්දැයි විමසන අයුරිනි. කැලෑබොක්ක පසුකර තවත් ඉදිරියට යන විට කබරගල හන්දියට ප්‍රථම කුඩා මංසන්ධියක් හමුවිය. වාසනාවකට එම කඩය විවෘත කළ විගස පමණ විය. හා හා පුරා කියා අප නඩය උණුවෙන් කෝපි කෝප්පයක් විඳගත්තේ මින් පෙර මෙවැනි තදබදයක් එම කඩයේ නොතිබුණු බවට අවට වැසියන් පවසන අතරය.
කිරිගල්පොත්ත තවමත් නිද්‍රා සුවයෙන් පසුවෙයි. පියවි ඇසට මීදුම රහිතව කිරිගල්පොත්ත කන්ද දැකීමට ඇත්නම් එය වාසනාවකි. මන්ද මීට පෙර අප මෙම ප්‍රදේශයේ පැමිණි විට හා ගූගල් වීදි සිතියම් හා චන්ද්‍රිකා සිතියම් වලත් මුළු දවස පුරාම මෙම කන්ද මීදුමෙන් වැසී ඇති හෙයිනි. ඊට හේතුව අප සොයා ගත් අතර ඒ පිළිබඳව ලිපියේ ඉදිරියේදී සටහන් කරන බැවින් ගමනේ මුලට නැවතත් අපි සේන්දු වුණෙමු. අපි කබරගල මංසන්ධියට පැමිණ හුලංකැලේ ප්‍රදේශයට පිවිසුණෙමු. මහනුවර දිස්ත්‍රික්කයෙන් අපි දැන් පිවිසියේ මාතලේ දිස්ත්‍රික්කයටය. තවමත් වේලාව උදෑසන 7 ට වූ බැවින් අපි යා හැකි උපරිම දුරට වාහනයේ පැමිණ පසුව GPS මගින් සලකුණු කර පැමිණි ලැයිම් නිවාස පේළිය බලා කොන්ක්‍රීට් මාර්ගයක් දිගේ පිය මැන්නෙමු.
මෙම ප්‍රදේශයේ පිහිටි අවසන් ජනාවාසය මෙම ස්ථානය වන අතර අප GPS සිතියම් බැලූ කල අප යා යුතු නිවැරදි ඉසව්ව වෙතත් යා යුතුව පවතින GPS මග ආසන්නයටත් පැමිණ සිටියෙමු. අප කොතරම් කඳු නැග්ගද අප යන සෑම ප්‍රදේශයක්ම අපට අලුත් වේ. එබැවින් අප හැකි සෑම විටම කැලයට පිවිසීමට ප්‍රථම අසල ගම්වාසීන්ගෙන් එම පරිසරය හා අනතුරුදායක ස්ථාන පිළිබඳව හොඳින් විමසා දැනගනු ලබයි. නැතහොත් හැකිනම් මග එළිපෙහෙළි කිරීමට හෝ මග පෙන්වීමට කෙනෙකු සොයා ගනියි. මන්ද ඔවුන් උපන් ගම හා ජීවිතය ගෙවන එම කාලය වන බැවින් එහි පවතින අනතුරු හා සැකැස්ම ඔවුන් දන්නා නිසාවෙනි. එබැවින් අප ආරක්ෂාව පෙරදැරිකොට GPS අනුසාරයෙන් මගපෙන්වන්නටද මග පෙන්වමින් අප ගමන් කිරීම සාමාන්‍ය සිරිත වේ. මන්ද GPS මගින් අප සොයාගෙන යනු ලබන්නේ කෙටිම හා පහසුම මාර්ගය වන බැවිනි.
හුලංකන්ද ඉහළ කොටසේ පිහිටි තේ වතු යාය මතින් ගොස් එහි කෙලවරින් අප වන පියසට ඇතුළු වූයේ දැවැන්ත කූඩලු ප්‍රහාර මධ්‍යයේය. මෙම කූඩැල්ලන් ඉතා දිගු හා විශාල විය. බොහෝ විට මුන්ට මිනිස් ලේ රස බැලීමට මේ අවස්ථාව උදාවූයේ වසර ගණනකට පෙර බැවින්දෝ අඩි තබන ඇසිල්ලෙන් දෙතුන් දෙනෙකු සපත්තු මත එල්ලුණහ. කෙසේ නමුත් අපි සියල්ලන්ටම කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රම කියාදී පැමිණියේ මෙවැනි ප්‍රහාරයක් කල්තියාම අප අපේක්ෂා කළ බැවිනි. එම නිසාම සියල්ලෝම ඇලුමිනියම් සල්ෆයිඩ් (ALUM) සමඟ පොල්තෙල් හෝ ඩෙටෝල් මිශ්‍ර කර සාන්ද්‍රණය වැඩි දියරයක් සාදා සපත්තුවල තවරා ගත්තේ තවත් ක්‍රම සමහර ඇත්තෝ අනුගමනය කරන විටය.
GPS මගින් අප ගමන කොටස් 4කට වෙන් කරන ලද්දේ පිළිවෙළින් අප එම නැවතුම්පොළවල් වෙත යාමෙන් නිවැරදිව ගමන සිදුකර ගත හැකි හෙයිනි. මන්ද කඳු ගැටයේ යාමෙන් අනවශ්‍ය ලෙස ප්‍රපාතවලට බැසීමට හෝ අතිරේක කඳු නැගීමට අනවශ්‍ය හෙයිනි. තේ යාය පසුකර මීටර 300 ක් පමණ ගිය විට අපි දිය දහරාවකින් එතෙර වී එනසාල් යායක් මැදින් උතුරු දෙසට ගමන් කළෙමු.
මුහුදු මට්ටමේ සිට උස (Altitude) නිර්ණය කරන මෘදුකාංග භාවිත කොට බැලූ කල අපි මීටර් 1250 ක පමණ උසක සිටින බව දැන ගත්තෙමු. ප්‍රධාන තේ වත්තෙන් කිලෝමීටරයක පමණ දුර පැමිණියද මෙම ප්‍රදේශයේ මීට පෙර දුර අතීතයේ තේ වගා කටයුතු සිදුකර අැති බවට ලක්ෂණ දැකිය හැකි විය. මන්ද තට්ටු ක්‍රමයට ගල් අතුරා සකස් කළ බිම් කඩවල නටබුන් දැක ගත හැකි වූ හෙයිනි. අපත් සමග පැමිණි මග පෙන්වන්නා පැවසූ පරිදි මීට වසර 30කට පමණ පෙර මෙම ප්‍රදේශවල තේ වගාව සිදුකළද පසුව එම ප්‍රදේශවල දුෂ්කරතාව සහ එනසාල් ව්‍යාප්තිය හේතුවෙන් මෙම බිම් අත්හැර දැමූ බවයි. මන්ද කලකට ඉහත මෙම ප්‍රදේශයේම නකල්ස් වනයෙන් බොහෝ අභ්‍යන්තර ප්‍රදේශ අයත්ව තිබුණේ සාමාන්‍ය ජනතාවට වුවද මීට කාලයකට පෙර ඔවුන් සියළු වන සීමාවෙන් ඉවත්කොට නකල්ස් ප්‍රේරණ කලාපවල අක්කර ගණනින් ඉඩම් ලබාදී පදිංචිකොට ඇත.
කෙසේ හෝ දුෂ්කරව ප යන මෙවැනි චාරිකා තුළ වනයේ පිහිටීම, එහි අතීත විස්තර, භූමියේ සැලැස්ම සහ ජන ජීවිතය ගැන විපරම් කිරීම අපගේ පුරුද්දක් විය. ඒ තුළ අප අපගේ චාරිකාව හුදෙක් ප්‍රායෝගික කරණයකට පමණක් සීමා නොකර න්‍යායාත්මක වනය සහ ජනජීවිතය ආදී කරුණු පිළිබඳව දැන ගත්තෙමු. පළමු කඩඉම පසුකොට තරමක වියළි ස්වභාවයක් උසුලන වනපියස අතරින් අපි ඉදිරියට යාමට පටන් ගත්තෙමු.
මෙම ප්‍රදේශයේ අතරින් පතර විශාල ගල් කුට්ටි තිබූ අතර ශාක පිහිටීමද පෙර තරම් ඝන නොවීය. මන්ද ශාක පිහිටීම අතර දැඩි ගණනක දුර පිහිටි නිසාවෙන් මාර්ගය කපාගෙන යාමට එතරම් වෙහෙසක් ගැනීමට අපට සිදු නොවුණි. නමුත් සමස්ථ වනයම ගස්වලින්ම වැසී තිබුණි. මීදුම් සළු වනය මතට අනාරාධිතව පැමිණෙන බව අප නෙත් කොනින් දුටුවේ ගමනේ අවසානයට තව බොහෝ දුර තිබූ නිසාවෙනි.
‘‘මෙන්න කටු අත්තක්, බලාගෙන එන්න ළමායි’’ කියා පැවසුවේ මග පෙන්වන්න හා මා සමග ගිය මියුරංග සහෝදරයා විසිනි. ඔහු පැවසූ කටු ගසේ කටු තිබුණේ පොකුරු ලෙසය. නිරායාසයෙන්ම එම අඩි තුන පැනීමේදී කටු ගස ඇල්ලිය යුතු වුවද කටු වල පිහිටීම සහ කටු අතර ගසේ කඳ ඇල්ලීමට ඉඩ නොතිබුණු නිසාවෙන් පොළොව අල්ලා එම කඩ ඉම සියල්ලෝම පැනගත්හ. ‘‘මහත්තයා, ඕං පොඩ්ඩක් ඉන්නවනං’’ කියා මගපෙන්වන කදිරා ටිකක් එහාට ගොස් ගසක් පාත් කර යමක් කඩා ගනු අපි දිටිමු. එය එක් වරම කටේ දමාගෙන රසබැලූ ඔහු අපටද එහි පැමිණෙන ලෙස දැන්වූයේ වනයේ යාමේදී ජීවිතයේ පැවැත්මට අවශ්‍ය ආහාර හා ජලය වනයෙන්ම සොයා ගැනීමේ ක්‍රමයක් පෙන්වමිනි. ඒවා කුඩා පෙර වර්ගයක් විය.
රතු පාටින් ඉදී තිබූ පේර ගෙඩි මිදි ගෙඩි තරම් කුඩා විය. එම ප්‍රදේශයේ ගස් බොහෝමයක තිබූ හෙයින් හිමින් සීරුවේ කිහිප දෙනෙක් පේර කැඩීමේ නිරතව ඒවා කඩා සෙස්සන් අතර බෙදා දුන්නේ කුස ගින්නට පිහිටක් වෙමිනි. මන්ද දෙවන නැවතුම්පොළට යනතුරු උදෑසන ආහාර ගැනීම අප කල් දමා ගත්තේ ගමනේ සැලසුම වූ නිසාවෙනි.
විනාඩි විස්සක පමණ කාලයක් මිඩංගු කොට අපි එම පේර අත්දැකීම් විඳගත් පසු නැවත ගමන ආරම්භ කළෙමු. තවත් මීටර තුන් හාරසියයක් ගමන් කළ පසු අපගේ උස මට්ටමට ගස් පිහිටි ඉසව්වකට පැමිණියෙමු. එහිදී කැලෑබොක්ක සිට අරංගල සහ අම්බොක්ක කඳු දක්වා වපසරියක් අප දැක ගත්තෙමු. තවද අනෙක් පසින් රත්තොට අවට කුඩා පතන කිහිපයක් සහ ඉතා ඈතින් ගම්මඩුව සහ නාවුල දක්වා ප්‍රදේශ අපි දැක ගත්තෙමු.
නැවත ගමන් ඇරඹූ අප තෙත් කලාපයකට ඇතුළු වුණෙමු. පරිසරයේ ආර්ධතාවය වැඩි බවක් අප දුටු අතර ක්‍රමයෙන් දෙවන නැවතුම්පොළ අසලට අප කිට්ටු වී ඇති බව GPS මගින් දුටුවෙමු. මෙම දෙවන නැවතුම්පොළ විශේෂයෙන් අප සලකුණු කොට පැමිණියේ මේ අසල වනයේ පැහැදිලිවම දැවැන්ත නාය යාමක් සිතියම්වල පෙන්වූ නිසාවෙනි. මෙම නාය යෑම සිදුව වසර කිහිපයක් වේ. මෙම නායයෑම් තුළින් ප්‍රබල දිය පහරක් මතුව එය ගලාගෙන යාම වර්තමානයේ පවා සක්‍රීයව පවතින බව අප දැනගත්තේ මේ දියවර නිර්මාණය කරන බඹරකිරි ඇල්ල නිසාවෙනි.
අපට අවශ්‍ය වූයේ මෙම නාය යෑම පටන් ගත් කන්ද මුදුනේ ආසන්නතම ස්ථානයට යාමටය.කෙසේ හෝ අපි පර්චස් 40 ක පමණ වක්‍රාකාර පතනකට පැමිණියෙමු. එම ප්‍රදේශය ජල උල්පත් ගණනාවක උපත දෙන ස්ථානය විය. ඊට පහළින් ඍජුවම ඇත්තේ නාය යෑමේ ආරම්භක ස්ථානයයි. මෙහි පොළොව තදින් එරෙනසුලු විය. ජල ධාරිතාව හා තෙත් බව අධික විය. පොළොව යටින් පැන නඟින දියවර සෑදුණු වළවල් පොෙළාව යටින්ම පහළට ගලා යන්නාක් මෙනි. අසල වන පියසට රිංගා ගත් අප විපරම් කළේ නාය යෑමේ මුල බැලීමටය. මීදුම නිසාවෙන් එය ඉතාමත් මඳ වශයෙන් අපට දැක ගැනීමට ලැබුණි.
ගමනේ හරි අඩක් නිම කළ නිසාවෙන් ගිවිස ගත් පරිදි සියල්ලෝම උදෑසන ආහාර ගන්නට විය. ලංකාවට ආවේණික මකර කටුගස්සා සහ මැඩියන් වර්ග කිහිප දෙනෙකු අප දුටු අතර මෙම දිය උල්පත් වළවල් තුළද ඉස් ගෙඩියන් බහුලව දක්නට ලැබුණි. මෙම කුඩා පතන සිතියම තුළ තිබුණේ ඉතාමත් කුඩාවෙනි. කෙසේ හෝ මීදුම අපට නොදන්වාම පැමිණ ගුවනට විවෘත අවකාශය වසාගත්තේ අපව වනයේ සිරකළාක් මෙනි. කෙසේ නමුත් ඡායාරූප ගෙන මද විවේකයක් ගෙන මෙම පරිසරයේ සුන්දරත්වය විඳ අප ඊළඟ නැවතුම් පොළ බලා පිටත්වූයේ නැවතත් ඝන වන පියසකට ඇතුළු වෙමිනි.
GPS සිතියමට අනුව අප පෙර සලකුණු කොට පැමිණි කඩඉම් 4න් දෙකකට ළඟා වුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේය. දෙවන නැවතුම් පොළ වූයේ කිරිගල්පොත්තේ උතුරු බෑවුමේ රත්තොට බඹරකිරිඇල්ල පෙදෙසට වන්නට නාය ගිය ස්ථානයේ පටන්ගැන්මට මදක් ඉහළින් පිහිටි කුඩා පතනකි. උදෑසන ආහාරය සහ සමූහ ඡායාරූපය රැගෙන අප නැවතත් දුම්බර වනරොදට පිවිසියේ GPS මාර්ගයේ ගමන් කරමින් තෙවන නැවතුම්පොළ සොයා ගැනීමටයි.
කට්ටිය පොඩ්ඩක් අහන්න. තව පැය දෙකක් ඇතුළත අපිට කන්ද මුදුනට යන්න පුළුවන්. මේ වෙනකම් අපි කපාගෙන ආපු පාරට වඩා ඉදිරියේ අපිට යන්න තියෙන පාර ගොඩක් අමාරුයි. දැන් අපි ඇතුළුවෙන්නේ ගූගල් සිතියමේ සුදු පාට මීදුමෙන් වැහිලා තියෙන කොටසකට. ඒ හින්දා කට්ටිය ඉක්මන් ගමනින් එකා පිටිපස්සේ එන්න. නවතින්න එපා. ඒ මගේ විධානය විය. මන්ද සිතියම ආධාරයෙන් සේම මේ දක්වා පැමිණි වන පියසේ සංයුතිය සහ ඉදිරි වන පියසේ අප දුටු සංයුතිය පිළිබඳ ඉවෙන් මෙන් අප දන්නා නිසා කල්තියාම නඩය දැනුම්වත් කළේ අනතුරුදායක ස්ථානවලින් ආරක්ෂා විය යුතු නිසාවෙනි.
වන පියස දැඩි ලෙස නිහඬය. නිසොල්මන්ය. සමස්ත වනයම වසා ගෙන ඇත්තේ නෙලු ශාක වලිනි. අඩි තුන හතරක පරතරයක දැවැන්ත ගස් පිහිටා තිබූ අතර ඒ සියලුම හිඩැස් අතර එක යායට අංශක 360කට කෙළවරක් නොපෙනන ඉසව්ව වෙන තුරු තිබුණේ අඩි 3ක් පමණ උසට වැඩුණු නෙලු ගස් සමූහයයි. නෙලු ගස්වලට වඩා අප උස් වූ බැවින් නෙලු ගස් අතරින් ඉදිරියට යන අපගේ පෙනෙනුයේ ඔළුව කොටස පමණි. මන්ද නෙලු ශාක අතරින් ඍජුවම යන විට පිටුපසින්ද අප නැවතත් නෙලු ගස්වලින් වැසෙන හෙයිණි.
දෙපා හෝ පොළොවේ පවතින බාධක අපට නොපෙනුනද මෙවන් කැලයක පොළොව දඩි අනතුරුදායක නොවන බව අප දැන සිටියේ මින් පෙරද මෙවැනි නෙලු පිරි උයන් අපට හමුව තිබූ හෙයිණි.
නෙලු ශාක පත්‍ර තරමක් විශාලය ගසේ කඳ තද නොවන අතර එක පොකුරට ගස් වැවී ඇති හෙයින් අතු මගින් මුළු වනයම එකම පොළොවක් ලෙස දිස් විය. නෙලු මල් පිපුණු ඉසව්වද කදිම වූ අතර නෙලු ගස් කොළ සහ අවට තුරු මුදුන් අතර ප්‍රදේශය දැඩි ලෙස අන්ධකාරයක ගිලී තිබුණි. පරිසරයේ අඳුරු බව කියැවුණේ ගුප්ත කථාවකි. අදෘශ්‍යමාන බලවේග පිළිබඳ මැවෙන චිත්‍රපටයක ගුප්ත පරිසරයක පසු බිම වැනි අත්දැකීමක් අපි මෙහි වින්දෙමු. මුළු වන පියසම එකම මීදුමෙන් වැසී යන ලදී. විසල් තුරු කඳන් හැර අනෙක් හිස් අවකාශය සුදු මීදුමෙන් පිරුණේ ඇසිපිය ගසන්නටත් මත්තෙනි.
මෙවැනිම පරිසරයක් අප අවාරේ මහ වැස්සේ සිරිපොදේ යන විටත් නකල්ස්හිම උසම කන්ද වන ගොම්බානියා කන්ද තරණයේ දී අත්විඳ ඇති නිසා එතරම් තර්ජනාත්මක බවක් අපට නොදැණුනු නමුත් මුල් වරට මෙවැනි ගමනක පැමිණි නඩයේ කිහිප දෙනෙකුට මෙම සජීවී අත්දැකීම සිහිනයක් දෝ කියා සිතෙන තරමට පුදුමය දනවනසුලු විය. මිනිස් වාසයෙන් කිලෝමීටර් 5ක පමණ දුරින්ද පැය 4කට ආසන්න දුෂ්කර කඳු තරණයක ද සිටි හෙයින් මෙවැනි අත්දැකීමක් ලංකාවේ බොහෝ අයට විඳගැනීමට අවස්ථාව නොලැබෙනු නොඅනුමානය. නමුත් ලංකාවේ අතිශය දුෂ්කරම ඉසව් කෙසේ හෝ සොයාගෙන තරණය කරන අය සොබාසිරි කණ්ඩායමට මෙය තවත් අභියෝගයක් පමණක් විය.
වේවැල් හාතාවාරිය වැනි කටු සහිත ගස් අතරින් ද ගමන් කරමින් නෙලු කැලය ඉවර වූ පසු අපි ඍජුවම අංශක පනහක පමණ ආනතියකින් යුත් කන්දක් නැගීමට පටන් ගත්තෙමු. මේ වන විට අප විසින් සලකුණු කරගෙන පැමිණි තෙවන නැවතුම්පොළට ආසන්නව සිටි අතර ප්‍රදේශයේ තෙත් ගතිය සහ මීදුමේ ඝණත්වය එන්න එන්නම තීව්‍ර වන්නට විය. මෙසේ ගමන් කරමින් සිටිය දී එකවරම අප පිවිසියේ බට කැලයකටයි.
උණ බට යනු කැලයක ජලය සොයා ගත හැකි හොඳම නිදසුනක් වන්නේ ඒ තුළ ජලය අන්තර්ගත හෙයිනි. ඒ නිසාමදෝ සමස්ත උණ කැලයම අපගේ හිසටත් උඩින් ජල බිඳු කඩා වැටෙන්නට විය. වර්ෂාවකින් තොරව අප තෙත් වන්නට වූයේ පරිසරයේ තිබූ අධික තෙත් බවයි. පෙර කී පරිදි අප මෙම කන්ද වලාකුළු වනාන්තරයක් ලෙසට සැලකීමට ගත් තීරණයේ නිදසුන මෙම ඉසව්ව තුළ අපට පැහැදිලි විය. මන්ද ගූගල් චන්ද්‍රිකා සිතියමටත් මීදුම වලාකුළින් වැසුණු කන්දේ මෙම කොටස තුළ වාතයේ තෙතමනය අධික විය. එමනිසාම මෙම මුදුනත නිතරම වලාකුළින් වැසී පවතින්නේ ජල අංශුවල ක්‍රියාවලිය හේතුවෙනි. උණ යාය තුළ ජනනය වන ජලය වලාකුළු සමග එකතු වීම අපට ද දක්නට ලැබිණි. පොළොව ද අධික තෙත් ගතියෙන් යුක්ත විය. අප අවට සහ ඉහළින් ජල බිංදු කඩා වැටෙන්නට විය.
කිරිගල්පොත්ත යනු හුළුගඟේ උපත පිහිටි කන්දයි. තවද මීට යාබද ගොම්බානියා කඳුවැටියෙන් සුප්‍රකට තෙල්ගමු ඔය නිර්මාණය වේ. තෙල්ගමු ඔය මුල් දියවර පිහිටියේ කිරිගල්පොත්ත හා ගොම්බානියා කඳු අතරය. එම නිසා කිරිගල්පොත්ත කන්ද තෙල්ගමු ඔයට ජලය සපයන අතිරේක ජල පෝෂක කන්දකි. තවද උතුරු බෑවුමෙන් නායගිය ස්ථානයේ සිට පහළට ගලා යන දියවර තවත් දිය උල්පතකට කදිම නිදසුනකි. මෙම සියල්ල එකතු වන ස්ථානය නම් ගූගල් චන්ද්‍රිකාවල සිතියම්වල (Satellite Maps) වලාකුළින් වැසී තිබෙන අපගේ තුන්වෙනි නැවතුම් පොළ පිහිටි ඉසව්වයි. බට කැලේ ගමන බොහෝ දුෂ්කර වූයේ යන්තමින් හෝ අඩි පාරක් සකසා ගෙන ගියද මග අහුරමින් බට වැටී තිබුණු හෙයිනි. එසේම පස එරෙන සුලු වූයේ අධික තෙතමනය නිසාවෙනි. පරිසරයේ ගුප්ත බවත් අන්ධකාරය දසතින්ම වෙලා ගන්නා විට අප බටකැලය පසුකරමින් ගමනාගමනයේ අවසන් අදියර වෙත ළඟා වෙමින් තිබූ බව GPS මගින් දැක ගත හැකි විය. බට කැලය අවසන් විය.
මීළඟට අප පිවිසි කැලය මා හට සිහිපත් කළේ අප නැග්රුක් සිට හෝර්ටන් තැන්නේ අභ්‍යන්තර වන රොදකට පිවිස ගලගම ඇල්ල සොයා ගිය ගමනයි. එහිද පරිසරය වර්ණවත් වූයේ කොළ පාටේ විවිධ වර්ණ ස්ථර මගින් සේම සෑම ගස් කඳකම තිබූ පාසි වර්ග මගිනි. මෙම ඉසව්ව ද එලෙසමය. විශාල වේවා කුඩා සිහින් කඳන් වේවා කැඩී වැටුණු ගස් කඳක් වේවා මේ සියල්ලෙම මුළුමනින්ම පාහේ පාසිවලින් වැසී තිබුණු හෙයිනි. ගස් කඳන් බොහෝමයක් කළු පැහැතිය තෙත්ගතිය බහුල නිසා දිරාපත්වීමටත් ලක්ව තිබුණි. බට කැලයට වඩා මෙම කොටස තවත් අමාරු වූයේ මෙහි බොහෝ ස්ථානවල අපට කෙළින්ම සිටගෙන යාමට නොහැකි වූ නිසාවෙනි.
මෙම ඉසව්ව මුහුදු වට්ටමේ සිට මීටර් 1600 කිට්ටුවට පැවැති අතර දැඩි ශීත කාලගුණයක් වූයෙන් මෙම ඉසව්වේ අප කූඩැල්ලන්ව දුටුවේ නැත. එම නිසාම දෙකට නැවී පොළොවට අත තබා ඉදිරියට යාම ගමන ඉක්මන් කරවීය. GPS සිතියම අනුගමනය කිරීම සාර්ථක කරමින් අපි මීටර් 1630 ක් උසැති කඳු මුදුනකට පැමිණියෙමු. සිතියමේ ලකුණු කළ කන්දේ ඉහළම මුදුනට මීට ටිකක් දුරින් පිහිටියද මෙම ස්ථානයට ආ කල දසතින්ම අපට පෙනුණේ පහළ හෙළයි.
නමුත් GPSවලට අනුව කඳු මුදුන සහ කන්දේ උස ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තු සිතියම වල මීටර 1648 ක් ලෙස සඳහන් වූ නිසාවෙන් නඩයම මෙම කඳු මුදුනේ තබා මා සහ මධුසංක සොයුරා නැගෙනහිර දිශාවට පල්ලම් බැස ගියේ අනෙක්කඳු වැටිය සොයා ගැනීමටය. මීදුම පහව ගිය පසු අපි තවත් කඳු මුදුනක් දුටුවෙමු. නඩය සිටි ස්ථානයෙන් මීටර 800 ක් පමණ පහලට බැස කුරු ශාක පිරුණු ඉඩමක ගල්තුලාවකට අප ළඟා වුණෙමු. එහි කොටියාගේ වසුරු පවා අපි දුටුවෙමු.
පසුව අප ගොස් නඩය එම ස්ථානයට කැඳවා ගෙන ආපසු අා ගමනේ දී පවා නැවතත් නෙලු කැලයක් මැදින් යාමට අපට සිදු විය. එහිදී මුදුනේ උල්පතක් තිබිණි. කෙසේ හෝ නඩයම ගල්තලාවට ගෙන්වා ගත් පසු අපි නවාතැන් අවට කන්දේ කෙළවරවත් පිරිස්සන්නටවීමු. එහිදී අප ගල්කිරිපොත්ත කන්දේ සහ දකුණු දිශාවේ කෙළවරද හමුවූ අතර පෙර මාසයේ අප සුදුගල කන්දට ගිය ඉසව්වද එහිදී දැක ගැනීමට ලැබුණි.
ඇස් අදහාගත නොහැකි තරම් පරිසරය පුදුමාකාරය. ඊටත් වඩා මෙම නිමැවුම් පුදුම සහගතය. මන්ද අප මෙම කෙළවරට පැමිණි සුළු බෑවුමක් ගොස් මීදුම පහව ගිය පසු අප සිටි ඉසව්ව ට දකුණු පසින් පොළ පහළට නෙරා ගිය දැවැන්ත ගල් පර්වතයක් දුටුවෙමු. එහි ගිය අපි සුන්දර දර්ශන දුටු අතර මෙම ස්ථානය මදක් උස්වූ බැවින් එතන සුළු වේලාවක් ඉඳ නැවත බලන විට අපට නඩය සිටි ස්ථෘනයට මදක් දුරින් හා ඉහළින් ක්ෂණිකවම කන්දක් දැකගත හැකි වුයේ මීදුම එහෙ මෙහෙ වූ නිසාවෙනි.
හණිකට එම ස්ථානය කරා ගිය අප පුදුමයට පත්කරවන දර්ශන දැක ගැනීමට ලැබුණි. එකම විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණ විවෘත අවකාශය අැති දැවන්ත කළු ගල් තලාවකි. එය බොහෝ දිගය. එම කන්දේ කෙළවරට ගිය පසු අපගේ ගමනේ සාර්ථකත්වය අපට දැකගත හැකි විය.
එනම් මීට සියවසකට පමණ පෙර මෙහි මිනුම් කටයුතු සඳහා පැමිණි සුදු ජාතිකයා විසින් කළ සටහනයි. එය පවතින ගල් පර්වතයක කොටා තිබුණේ මෙසේය. Cerskine april 18 to 29. 1910 මෙය තවමත් පැහැදිලිව දැක ගත හැකි විය. එය පිහිටියේ කන්දේ උසම ස්ථානය වන මිටර් 1648 අපගේ මෘදුකාංගයේ සටහන් වූ ස්ථානයටයි.
එක එකා නඩයේ පිරිස මෙම ස්ථානයට ළඟවූයේ ඝන මීදුමක් මැදය. මීදුම අතරින් කෙනෙකු පැමිණීම විටෙක චිත්‍රපට දසුනක භීතිය දනවන රූපරාමුවක් ලෙස පෙනුණි. අප පැමිණි මොහොතේ සිට විනාඩි දහයක් පමණ යන තුරු මීදුම පහව නොගියහ. මීදුම මඳකට පහව ගිය විට අප දුටුවේ දසුදුගල කන්ද සහ ගොළුම්බානියා කඳුවැටියයි. පහළ පයිනස් කැලය අසල සුදු පාට බංගලාව ඇති බවත් එම නිම්නය ඇටන්වල ගම දක්වා පෙනෙන බවත් අපි දුටුවෙමු.
කෙසේ හෝ හෝරාවක් පමණ අපි කන්ද මුදුනේ ගිමන් හැරියෙමු. වෙලාව දවල් 1 ට ආසන්න වූ නිසාවෙන් සියල්ලෝම දිවා ආහාරය ගන්නට වූහ. මෙම ස්ථානයේ සුළං ප්‍රවාහය ඉතාමත්ම අධිකය. අපව පහළට ගසාගෙන යන තරම් මා සුළඟ දරුණු විය. අපට මතක් වූයේ මෙහි ඊසාන දිගින් පිහිටි රිවස්ටන් කන්දයි. මෙම කඳුවල මහා අසාමාන්‍ය ලක්ෂණයක් වූයේ අධික සුළඟය. මෙය ගිය මස සුදුගල .. අප අත්වින්දෙමු.
මීදුම වලාකුළුවලින් වෙළා ගස් පරිසරය රතු කහ කොළ සුදු පැහැයෙන් ගස් පුෂ්ප හා අතු රාශියක් විය. කවද මීටර් 1900 ට වැඩි උසින් යුත් හෝර්ටන් තැන්නේ පමණක් අප දැක ඇති මහරත්මල් ශාක මීටර් 1648 ක් වූ උසින් යුත් නකල්ස් හි කඳු වැටියක තිබීම සුවිශේෂී විය.
කෙසේ හෝ ගමන අවසන් කර අප නැවතත් කපාගෙන පැමිණි මහ දිගේ පහළට ගමන් කර පසු ගම්මානයට ළඟා වූයේ හතරේ කණිසමටය. කෙසේ හෝ අපි පෙර සුදු මහත්වරු මිනුම් කටයුතු කළ නකලස් වන පෙතේ සිවුවන කන්ද වන කිරිගල් පොත්ත මත තරණය කළෙමු.
However I think after 10 years I was able to resolve a mystry which was raised by Mithila in Lakdasun Forum about that Survey landmark. I didn’t know about this topic and soon after I published that land mark photo in my FB Ashan told me about this topic which he also searching for an answer. http://www.lakdasun.org/forum/index.php?topic=224.msg67594#new
Online Article –
http://www.lankadeepa.lk/sunday/rasawitha/දුම්බර-වන-පෙතේ-සැඟවුණු—-‘‘දෙවැනි’’–කිරිගල්පොත්ත/57-535079
http://www.lankadeepa.lk/sunday/rasawitha/වළාකුළු–වනාන්තරයක්වූ–කිරිගල්පොත්ත–කඳු-මුදුන/57-535598
Thanks for reading!
Sobasiri Team © 2018