Year and Month | 09-March-2019 |
Number of Days | One |
Crew | 02 (Me & Nirosh) Sobasiri Team |
Accommodation | N/A |
Transport | Motor Bicycle |
Activities | Researches, Nature Exploring, Photography, History, and Culture exploring |
Weather | Good |
Route | Ja-ela -> Mattakkuliya -> Ferguison Road -> Nagalan Street -> Sedawatte -> Kelaniya Viharaya -> Kelanimulla -> Ambatale -> Welivita -> Kaduwela -> Malwana -> Nawagamuwa -> Avissawella Road (Low Level) -> Hanwella Rest House -> Samanabedda |
Tips, Notes and Special remark |
|
Related Resources | Newspaper – Article 1
Newspaper – Article 2 |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
කැලණි ගඟේ උපත සොයා ගඟ දිගේ ගිය ගමනක්
කැලණි ගඟ නැතහොත් කල්‍යාණ නදිය (Kelani River) යනු ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ සහ සිව් වැනියට දිගම ගංගාව වේ. කොළඹ මට්ටක්කුලියේ පිහිටි කදිරාන පාලම යටින් ගොස් මහ සයුර සිපගන්නා කැලණි ගඟේ උපත සොයා කැලණි ගඟ ආශ්‍රිත ජන ජීවිතය සහ ජන සමාජය බැඳී තිබෙන අපූර්වත්වය සමග එහි උපත සොයා උඩුගම් බලා යන ගමන අපි මෙසේ දිග හරිමු. කාලයේ වැලි තලාවෙන් යට වුණු බොහෝ ජන දිවි සරි කෙරුණ මෙම සුවිසල් ගංගාවට සමාන්තරව කිෙලා් මීටර් 160 ක පමණ දුර යතුරු පැදියෙන් ගිය කැලණි නදී වත අපි මෙලෙස ගෙන එන්නෙමු.
කිලෝ මීටර් 335 ක් දිගැති මහවැලි නදිය කොත්මලේ ජලාශය ආශ්‍රයෙන් සහ මහ එළියේ උල්පත් මගින් උපත ලබා මහනුවර සිට රන්දෙණිගල වික්ටෝරියා රන්ටැඹේ ආදි හෙල මහවැලි ව්‍යාපාරය සන්නද්ධ කරමින් සමස්ත නකල්ස් වන පෙතේම ජල කඳ රැගෙන මහියංගණය හරහා උතුරු මැද පළාත ඔස්සේ ෙගාස් ත්‍රීකුණාමලයෙන් මුහුදට වැටෙන්නේ ලංකාවේ දිගම ගඟ ලෙසිනි. එලෙසම දඹුල්ෙලන් පටන් ගෙන මන්නාරම් ඉසව්වෙන් මුහුදට වැටෙන මල්වතු ඔය දෙවන දිගම ගඟ වන්නේ කිලෝ මීටර් 164 කට උරුමකම් කියමිනි.
තෙවන ස්ථානය හිමි වන්නේ ද දඹුල්ලෙන් පටන් ගෙන විල්පත්තු කැලය මැදින් ගොස් දියඹ සිඹගන්නා කිෙලා් මීටර් 148 ක් පමණ දිගැති කලා ඔයටය. ඉන් පසු සිව් වන ස්ථානය හිමි වන්නේ කිලෝ මීටර් 145 ක දුරක් හිමි කැලණි නදියටය. නමුත් අප මෙම ගිය ගමනේදී කැලණි නදියේ සැබෑ උපත පිහිටි ස්ථානයේ සිට මට්ටක්කුලියට දුර ලෙස ගණනය කළේ වෙනත් අගයකි.
උපත ලබන ස්ථානයේ සිට ගංගාවක් ආරම්භ වන්නේ නම් ගඟේ දිග එහි සිට තීරණය කළ යුතුය. නමුත් කැලණි නදිය උපත ලබන ස්ථානය පොල්පිටිය ප්‍රදේශය ද නැතහොත් හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත කඳු බෑවුම අසලින් ද යන වග අපට තිරණය කළ නොහැක. මන්ද පොල්පිටියේ දී කෙෙසල්ගමු ඔය සහ මස්කෙළිය ඔය එකට එකතු එකතුවීම කැලණි නදිය ලෙස ගඟ පහළට ගලා යයි. නමුත් කෙසෙල් ගමු ඔය උපත ලබන්නේ හෝර්ටන්තැන්නෙනි. මස්කෙළිය ඔය උපත ලබන්නේ ගවරවිල කඳු වැටිය සහ සමනල කන්දේ දිය දහරාවන් තුළිනි. එවිට බලන විට මට්ටක්කුලියේ සිට හෝර්ටන්තැන්නේ අදාළ ඉසව්ව තෙක් ඇති දුර කිලෝ මීටර් 165 කට වැඩිවෙයි. නමුත් පොල්පිටියේ සිට මට්ටක්කුලියට ඇති දුර වන්නේ කිලෝ මීටර් 120 ක් පමණි. කෙසේ නමුත් ප්‍රධාන ලෙස ගංගාවක් නිර්මාණය වන්නේ විවිධ ඔය සහ දිය පහරවල්වල එකතු වෙනි. එලෙස බැලූ කල කැලණි නදිය පෝෂණය කරන ප්‍රධාන ඔය යුගලයෙන් ඈතින්ම පටන් ගන්නා කෙසෙල්ගමු ඔය කැලණි ගඟේ සැබෑ උපත නේදැයි අපට සිතුණි.
එලෙස මූලිකව ගූගල් සිතියම් (Google Maps) සහ මිනින්දෝරු සිතියම් අධ්‍යයන කර ගඟට සමාන්තරව යන මාර්ගය ද සටහන් කරගෙන ජීපීඑස් සහය ද සමගින් අප ගමන ආරම්භ කළේ කොළොංතොට සිපගන්නා ඉන්දියන් සයුරත් කැලණි ගඟත් එකතු වන මෝය කට අසලිනි. හිමිදිරියෙම අප පැමිණියේ කදිරාන පාලම මතට සිරිපා කන්ද දර්ශනය වන හෙයින් එය දැක බලා ගැනීමටයි. නැගෙනහිරින් මෝදු වන හිරු කිරණ කඳ සමනොළ කඳු යාය මතට වැදෙන විට කඳු පන්තිය හරිම අපූරුවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැක ගත හැකිය. කෙසේ හෝ උදෑසන 6 පමණ වන විට අප ද යන්තමින් සිරිපා කන්ද දුටුවේ ගුවනත සරණ වලාකුළු ඈත් මෑත් වූ විටකදීය.
පසුව අප කාක දූපත පිහිටි ප්‍රදේශයට ගිය අතර ව්‍යායාම කරනු වස් එහි පැමිණ සිටි පිරිස බොහෝමයකි. කාක දූපත අතීතයේ මෙන් කාක්කන් පිරුණු දූපතක් මෙන් නොව ළමා උද්‍යාන සමගින් ක්‍රමවත් ලෙස සංවර්ධනය වී තිබේ. කාක දූපත උද්‍යානයට දකුණු පසින් පිහිටි කුඩා මාර්ගය දිගේ ඉදිරියටම ගමන් කළ අප දුටුවේ මාර්ගය නාවික හමුදා උප කඳවුරකින් නිමා වී ඇති බවයි. කැලණි ගං මෝය අසලට යාමට නම් අපට කඳවුරු භූමිය හරහා යා යුතුමය. එම නිසාම අපි අදාළ නිලධාරීන් සමග කතිකා කර අවසරය ලබාගෙන කඳවුරේ කෙළවරට ගොස් වෙරළට පිය මැන්නෙමු. කුඩා වෙරළ තීරයක් සහිත බිම් ඉදිරියෙන් කැලණි ගඟ සහ ඉන්දියන් සාගරය එකිනෙක හමුවේ. අප සිටින ස්ථානය මේ ඉවුර කොළඹ දිස්ත්‍රික්කය වුවද ගඟේ අනෙක් පස මහා ඉවුර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් විය. මෙම ස්ථානයේ පවා ගඟ අවම වශයෙන් මීටර් 120 කට වඩා පළල විය. මෝය කට අසල ගල් වැටියේ සිට බිලි පිති ආධාරයෙන් මාළු බාන පිරිසක් සිටින අතර ගඟට මුහුදට දැමූ දිරාපත් නොවන අපද්‍රව්‍ය රාශියක් වෙරළට ගොඩ ගසා ඇති බව ද අපි දුටුවෙමු. දකුණු පසින් කැලණි ගං කොමළිය බොහෝ දුර ගෙවාගෙන කඳු හෙල් මැදින් සොඳුරු ජන ජීවිත එකලු කරමින් ගාම්භීර ලෙස ගලා එන්නේ සමස්ත ගඟ තුළ හමුවන අවසාන පාලම වන මට්ටක්කුලිය කදිරාන පාලම යටිනි.
පාලම ද හරි අපූරුවට මෙම ස්ථානයට දැක ගත හැකි විය. මෙම ඉවුරු දෙක අවට සිටින ජනයා කැලණි ගඟ ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයෙන් යැපෙන අතර පාරු සහ බෝට්ටු ආධාරයෙන් ගඟට පැමිණ දියඹට ඇදී යයි. මෙම ස්ථානයේ තවත් විශේෂත්වයක් වනුයේ මීගමුව කළපුවට යන හැමිල්ටන් ඇළේ ආරම්භය ද කදිරාන පාලම අසල තිබීමයි. වත්තල ඇළකන්ද මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් රැගෙන එන බෝට්ටු සියල්ල දියඹට යන්නේ කැලණි ගඟ හරහාය. තවද හැමිල්ටන් ඇළ දිගේ පමුණුගම සේදවත්ත ප්‍රදේශයෙන් මීගමුව කළපුවට එකතු වන්නේ ද කැලණි ගඟේ ජලකඳමය. එක යායට බෝට්ටු සමූහයක් ඇති හැමිල්ටන් ඇළ යනු කුණු සහ අපද්‍රව්‍ය පිරුණු ස්ථානයක් විය.
මෝය කට පිහිටීම හේතුවෙන් කොපමණ ගංවතුරක් පැමිණිය ද මෙම ප්‍රදේශ ජලයෙන් යටවීමක් සිදු නොවෙයි. කදිරාන පාලම අවට පිහිටි මහල් නිවාසවල ජීවත් වන පිරිස පවා පැවසුවේ ගංවතුර කාලයට ගඟ ඉතා වේගයෙන් මුහුදට ඇදී යන බවත් ඉවුර සමීපය ගඟට යට වන නමුත් නිවාසවලට ගංවතුර නොපැමිණෙන බවයි. නමුත් ගංවතුර සමග පිරෙන හැමිල්ටන් ඇළේ ඇතැම් පහත් බිම්වල තිබෙන මාර්ග ජලයට යට වේ. එනම් ඇළ කන්ද මාර්ගයේ එක්තරා කොටසක් ජලයෙන් යටවන බව අත්දැකීමෙන් අප දැක තිබේ.
කැලණි ගඟේ කිඹුලන් ගැවසෙන නමුත් මේ වන විට කිඹුල් ගහණය මඳක් අඩුව තිබේ. මන්ද අතීතයේ කැලණි ගඟ පිටාරතැන්නේ පිහිටි මුතුරාජවෙල යනු කැලණි ගඟේ එක්තරා අතුරු ප්‍රතිඵලයක් බඳුය. මන්ද වත්තල සිට ජා ඇළ හරහා මීගමු කළපුව දක්වා ප්‍රදේශය වගුරු බිම් වී තිබුණේ ඇතැම් විට කැලණි ගඟේ බලපෑමක් නිසාවෙන් විය හැක. මන්ද ජා ඇළ ප්‍රදේශවල වගුරුබිම් තුළ තවමත් ගැට කිඹුලා වාසය කරයි. විවිධ කුඩා ඇළ මාර්ග ඔස්සේ හැමිල්ටන් ඇළට හෝ පැමිණ කිඹුලන් කැලණි ගඟට පැමිණීම සිදු විය හැක්කක් බැවිනි.
හේනමුල්ලේ විශාල නිවාස සංකීර්ණයක් සේම බොහෝ ජනතාව ජීවත් වන ප්‍රදේශයක් හේනමුල්ල මාවත අසල පිහිටි ඇළ බෙහෙවින් අපවිත්‍ර වී අපද්‍රව්‍ය පිරී තිබුණු අතර එම අපද්‍රව්‍ය ජලය කැලණි ගඟට එකතු වන්නේ අඩි 10 ක් පමණ පළලැති ෆර්ගියුසන් පාර යටිනි. මේ අසලම කැලණි නදී විහාරය පිහිටා තිබෙන අතර කැලණි නදිය මනාවට දර්ශනය වන මෙම විහාරස්ථානය ඉතා උචිත නාමයක් භාවිත කිරීම පැසසිය යුතු කරුණකි.
මෙම ස්ථානය අසල මාර්ගය ගඟට යාබදව පවතින බැවින් කොන්ක්‍රීට් තාප්පයක් මගින් ගඟ හා මාර්ගය වෙන් කළ ස්ථාන කිහිපයකි. මෙම ඉසව්වේ ගඟ ඉතා පළල් වන අතර එහි ගැඹුර ද වැඩිය. විටින් විට සංචාරකයින් රැගත් බෝට්ටු සවාරි මෙම ප්‍රදේශයේ යන වන අපට පෙනුණ අතර ඉන් පසු අප ළඟා වූයේ ගාලුමුව දොර උද්‍යානය වෙතය. එය විශාල තට්ටු නිවාස සංකීර්ණයකි. කැලණි ගඟ දර්ශනය වන මානයේ පිහිටි මෙම සුවිසල් ගොඩනැගිලිවල බොහෝ පවුල් ජීවත් වන අතර එම නිවාස සංකීර්ණ ඉතා අලංකාර ලෙස තොටළඟ ජපන් මිත්‍රත්ව පාලම මතට මනාව දර්ශනය වේ. පසුව අප ළඟා වූයේ තොටළඟ පාලම අසලටය. එම පාලම නිම වා බොහෝ කාලයකි. තොටළඟ යනු වචනයේ අර්ථයෙන්ම තොටුපොළක් පිහිටි ප්‍රදේශයකි. අතීතයේ ගඟ හරහා ගියේ පාරු මගිනි. බ්‍රිතාන්‍යයන් පාරු බොහෝමයක් එක පෙළට ගඟ හරහා තබා ඒ මතින් ලී දමා පාලමක් ලෙස සකස් කොට අශ්වයින් මගින් ගඟ තරණය කළ බවට කතිකාවක් ඇති අතර වෙළෙඳාම හේතු කොට ගෙන අතීතයේ කැලණි නදිය තරණය කරමින් තොට ළඟ හරහා කොළොංතොට පැමිණි බව නොරහසකි. තොටළඟ යටින් යන්නේ ෆර්ගියුසන් මාර්ගය වන අතර ඊට යාබදව පිහිටියේ ලූකස් මාර්ගයය. පාලම නම් අතිශය දැවැන්ත කොන්ක්‍රීට් පාදම් යොදා කණු යොදා කස් කළ නිර්මාණයකි.
දිනකට දහ දහස් ගණනින් වාහන සහ කන්ටේනර් රථ එහා මෙහා යන තොටළඟ පාලම දැවැන්ත බවේ සංකේතයකි. තොට ළඟින් සමු ගත් අප මීළඟට පිවිසුණේ ෆර්ගියුසන් පාරේ අවසානයත් සමග පටන් ගන්නා නාගලන් වීදියටයි. නාගලගම්වීදිය යනු එළවළු, පළතුරු පදික වෙළෙඳුන්ගෙන් පිරි ඉසව්වකි. අබලන් මාර්ගයක් පවතින බැවින් උදෑසන සහ සක්‍රීය වේලාවන් තුළ මෙම ඉසව්වෙන් එහා මෙහා යාම තරමක් අසීරුය. වීදියේ ආරම්භය කිට්ටුවට වම් පස විහාරස්ථානයක් ඇති අතර එහි කොළඹ නගරයේ ප්‍රධාන ජල මාපකය ස්ථාන ගතව ඇත. පංසල් භූමියෙන් කෙළවර ගඟ ආසන්නයේ ඇති මෙම ජල මාපකය ස්ථම්භ 2 කි. අඩි ප්‍රමාණය අනුව උස දක්වා ඇති අතර ඒ අසලම ගඟේ සවි කරන ලද කුඩා මාපයක් ද ඇත.
නාගලගම්වීදිය වෙසෙන පැරණි වැසියෙකු අපට හමු වූ අතර ඔහු පවසන පරිදි 1980 දශකයේ පැමිණි ගංවතුරින් නාගලගම්වීදිය. ලුකස් පාර අතර සමස්ත ප්‍රදේශයට ජලයෙන් යට වී ඇත. ඉන් පසු තවමත් එවැනි බරපතළ ගංවතුරක් පැමිණ නැති වග ඔහු පැවසීය. තවද මීට වසර කීපයකට පෙර අතිශය ජරාජීර්ණ වූ තහඩු වෙළෙඳ සංකිර්ණය වෙනුවට වර්තමානයේ නවීන ගොඩනැගිල්ලක් තිබීම අගනා බව ඔහු පැවසීය.
නාගලගම්වීදිය තොටළඟ ආශ්‍රිතව ඇති ප්‍රධාන ඉසව්වක් වන අතර මෙහි සිටිනා වෙළෙඳ ප්‍රජාව බහුල වීම හේතුවෙන් ඔවුන් වාර්ෂිකව ඔවුන්ගේ විවිධ සමිති හරහා පුණ්‍යෝත්සවය කටයුතු ඉටු කරයි. වාර්ෂිකව වෙසක් තොරණ ඉන් ප්‍රධාන වේ. නාගලගම්වීදිය තවත් පසෙකින් වැදගත් වන්නේ කැලණි ගඟට එකතු වන තවත් ප්‍රධාන ඇළ මාර්ගයක් වන සෙබස්තියන් ඇළ නිසාවෙනි.
බේරේ වැවෙන් යා වෙන ඇළ මාර්ග ඔස්සේ කොටුව පාවෙන වෙළෙඳසල් පිහිටි ඇළට එකතුවන ජලය සෙබස්තියන් ඇළ මාර්ගයට සමාන්තරව කෙත්තාරාමය, ග්‍රෑන්ඩ් පාස් හරහා දෙමටගොඩ ඇළ ද එකතු කර ගනිමින් නාගලගම්වීදියෙන් කැලණි ගඟට වැටෙන සෙබස්තියන් ඇළ කොළඹ නගරයෙන් ප්‍රධානතම අප ජලය හා දූෂිත සාන්ද්‍රික ජලය කැලණි ගඟට රැගෙන යයි. සෙබස්තියන් ඇළ මතින් නාගලගම් වීදියේ සිට දිවෙන මාර්ගය සේදවත්ත, අඹතලේ මාර්ගයයි. මෙම මාර්ගය සේදවත්ත, වැල්ලම්පිටිය, කොහිලවත්ත, කැලණිමුල්ල, මුල්ලේරියාව හරහා අඹතලේ ජල පොම්පාගාරය අසලින් කොළඹ අවිස්සාවේල්ල පහළ මාර්ගයට (Low Level Road) සම්බන්ධ වේ. ගමන ඉදිරියට ගිය අප මීළඟට නැවතුණේ නව කැලණි පාලම යටින්ය. මෙයද තොටළඟ මෙන් දිනකට දස මාසයකට අධික රථ වාහන සංඛ්‍යාවක් දරා ගනියි. මෙම පාලමින් සෘජුවම බේස් ලයින් මාර්ගය හා සම්බන්ධ වන බැවින් දවසේ බොහෝ අවස්ථාවල පාලම නිතැතින්ම තදබදයෙන් පවතියි. මෙතැනම මීට යාබදව නව කැලණි පාලමක් ගොඩ නගමින් පවතින අතර එය එල්ලෙන පාලමක් මෙන් පවතියි. රුවන්වැල්ලේ සිට කිතුල්ගල හරහා ඉහළට යන විට කැලණි ගඟ මතින් බහුලව ඇත්තේ එල්ලෙන කම්බි පාලම්ය. එවැනි ආකාරයට තැනන මෙම එල්ලෙන පාලම රුපියල් කෝටි ගණනක දැවැන්ත ජාතික ව්‍යාපෘතියකි. මෙම නව පාලම කලින් මාර්ග තදබදයට පිළියම් අපේක්ෂා කරන අතර මෙම නව පාලම හේතුවෙන් ඔරුගොඩවත්ත දක්වා පිහිටි දුගී පැල්පත් නිවාස ඉවත් කර ඔවුන්ට නව දෙමහල් නිවාස ලබා දීමට කටයුතු කර තිබේ.
මෙම පාලම මතට තොටළඟට පාලම පවා පෙනෙන අතර කැලණි ගඟේ මීටර් කිහිපයක් අතර පාලම් ත්‍රිත්වයක් සහ ද්විත්ව දුම්රිය මාර්ගයක් පිහිටි එකම ස්ථානය මෙය වේ.
කැලණි පාලම යටින් අප පිවිසියේ සේදවත්තටයි. සේදවත්ත අඹතලේ මාර්ගය කැලණි ගඟ අසලින් පිහිටි මාර්ගයකි. මාර්ගයේ සිට ගඟට අඩි 10 ක පමණ බැස්මක් තිබුණ ද පසුගිය වසරවල මෙන් ගංවතුර තත්ත්වයන්හි දී කොළඹ ආශ්‍රීතව ගංවතුරෙන් යට වන ප්‍රධානම ප්‍රදේශය මෙම ප්‍රදේශයයි. මීට හේතුව වන්නේ හල්මුල්ල ප්‍රදේශයේ දී කැලණි ගඟ දැවැන්ත වැලමිට වංගු දෙකක් දරන හෙයිනි.
ඉහළ සිට ගලා ගෙන එන දැවැන්ත ජල කඳ සේද වත්ත හල්මුල්ල ආශ්‍රිතව පවතින වැළමිට වංගුවෙන් වංගු ගැසී ගලාගෙන යාමට වඩා බලයකින් ජලය පැමිණෙන හේතුවෙන් එම ජලය සෘජුවම පිටාර ගලමින් සේදවත්ත හරහා යමින් නැවත අනෙක් පසින් කැලණි ගඟට එකතු වේ. මෙම ප්‍රදේශයේ පවතින භූමි මට්ටමට වඩා උතුරා යන තරම් සිවුසල් ජල කඳක් කැලණි නදියෙන් නිකුත් වන්නේ මෙම ඉසව්ව ගඟේ පිටාර තැන්න ද වන හෙයිනි.
ගඟක පිටාර තැන්න යනු සාමාන්‍යයෙන් සශ්‍රීක ප්‍රදේශයකි. විවිධ ඩෙල්ටාවන් පිහිටා ඇති හෙයින් ගඟක් අනිවාර්යයෙන් මුහුදට සමීප වත්ම පිටාර මට්ටමට පැමිණෙයි. මහවැලි ගඟේ පිටාර තැන්නේ ජනවාස පිහිටා නොමැති මුත් කැලණි ගඟ පිටාර තැන්නේ ජනාවාස බොහෝමයක් පිහිටා තිබේ. වසරකට වරක් අනිවාර්යයෙන්ම ගංවතුර සමග ගඟ පිටාර ගැලීමට ලක් වීම සේදවත්ත ආශ්‍රිත ජනයාට වාර්ෂිකව තවත් එක අංගයක් පමණකි.
කැලණි ගඟ මෝය පිහිටි ප්‍රදේශ තුළ ජන ජීවිතය තරමක සංකීර්ණ බවකින් යුතු ප්‍රදේශ වන අතර ඇතැම් ප්‍රදේශවල විවිධ නීති විරෝධී ජාවාරම් කරනුයේ සාගරය සහ ගංගාව එකතුවීමේ ස්ථානයේ පිහිටීම ඵලදායක හෙයිනි. අතීතයේ බත්තල් සහ පාලම් පාරු යොදාගෙන භාණ්ඩ ප්‍රවාහනය සිදු කළ අතර හැමිල්ටන් ඇළ යනු මිනිසා විසින් තනන ලද්දකි.
කිලෝමීටර් 14.5 ක් පමණ දිගින් යුත් මෙම හැමිල්ටන් ඇළ වර්ෂ 1804 දී බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගන ලද්දකි. කොළඹ සහ මීගමුව යා කරන මෙම ඇළ මාර්ගය මුතුරාජවෙල වගුරු බිමේ ලුණු ජලය පිටවුමක් ලෙස නිම විය. බ්‍රිතාන්‍ය ජාතික ගෙවින් හැමිල්ටන් (Gavin Hamilton) ගේ නාමය මෙම ඇළට යෙදවීය.
පෘතුගීසි සහ ලන්දේසීන් විසින් විවිධ කාලවකවානුවල මෙම ඇළ මාර්ගය විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක විය. මන්ද මෙම ඇළ මාර්ගය මීගමුව පමණක් නොව පුත්තලම දක්වා යාවෙන ඇළක් ලෙස සකස්වීමයි. වර්තමානය වන විට සමස්ත ඇළ මාර්ගය දෙසට කබොක් ගල් අතුරා ක්‍රමවත් ලෙස ඉවුරු උස් කර බැඳ තිබේ. මන් ද මෙම ඇළ මාර්ගය සමීපවම හේකිත්ත සිට බෝපිටිය දක්වා අතුරු මාර්ගයක් දිව යන හෙයිනි. තවද ඇළ මාර්ගය දෙපස ජනාවාස වී ඇති බැවින් ගංවතුර තත්ත්වයක දී අවම හානියක් ගෙන එන ලෙස හැමිල්ටන් ඇළ සකස් වී ඇත.
කැලණි නදියෙන් ඇළ පටන් ගන්නා ස්ථානයේ බෞද්ධ ජනතාව සංකේතවත් කරනු වස් බුද්ධ ප්‍රතිමාවක් ද කිතුනු ජනතාව සංකේතවත් කරනු වස් සා.අන්තෝනි මුනි ප්‍රතිමාවක් ද ස්ථාපනය කර ඇත. තවද එම ස්ථානය අවට බංකු අතුරා විවේකීව ගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සකසා තිබේ. තවද එම ස්ථානයේ අලංකාරවත් ගුවන් පාලමක් ඇළ මතින් තනා ඇති අතර සමස්තයක් ලෙස ඇළ හරහා කුඩා පාලම් දහයක් පමණ තනා තිබේ. මහ මුහුදට ගොස් රළ සමග හැප්පී මසුන් අල්ලාගෙන එන ධීවරයින් කැලණි ගං මෝය දිගේ හැමිල්ටන් ඇළට ඇතුළු වෙයි. හේකිත්ත නගරයේ ප්‍රධාන මංසන්ධිය මසුන් අලෙවි කරන ප්‍රධානතම ස්ථානය වේ.
පසෙකින් වත්තල ප්‍රදේශයත් පෑලියගොඩ ප්‍රදේශයත් අතරින් ගලන කැලණි නදියට අවට පිහිටි නිවාසවලින් එක් කරන අපජලය සහ අපද්‍රව්‍ය නම් බොහෝය. මන්ද අප දුටු ආකාරයට බොහෝ ස්ථානවල ඉවුර අසල කුණු සහ අපද්‍රව්‍ය රැස් වී තිබුණි. කැලණි ගඟ අතීතයේ පාලම්පාරු මගින්ද, බත්තල් මගින්ද වර්තමානයේ දැවැන්ත පාලම් හරහා ද ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ජනතාවට උපකාරි වූවා සේම ගුවන් තලයට යාමට ද කැලණි ගඟ උදව් වන්නේය.
එනම් පෑලියගොඩින් ගුවන් ගත මුහුදු ගුවන් යානා (Sea Planes) තිබීමයි. මෙම මුහුදු ගුවන් සේවය පුද්ගලික හෝටල් අංශයට හිමි වූවක් වන අතර කැලණි නදියේ බොහෝ ඉඩ කඩ පිහිටි දිගු ප්‍රදේශයක මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහිදී ගුවන් ගත වන කුඩා ගුවන් යානා දිවයිනේ විවිධ ප්‍රදේශවලට පියාසර කරනුයේ දෙස් විදෙස් සංචාරකයින් රැගෙනය. කැලණි නදින මෙලෙස ගුවන් ගමන්වලට ද බෙහෙවින් උපකාරී වන්නකි. මහ වැලි නදිය ලංකාවේ කෘෂි කර්මාන්තයට බොහෝ ලෙස උපකාරි වනවා සේම කැලණි නදිය ලංකාවේ වැඩියෙන්ම වාණිජ කටයුතු සඳහා උපකාරී වෙයි.
ෙකසේ හෝ තවත් දිනයක අපට අපූරු අවස්ථාවක් හිමි වූයේ කැලණි ගං මෝය සිට තොටළඟ ආසන්නයට බෝට්ටුවකින් ගමන් කිරීමටයි. එහිදී අප දුටු පරිදි බොහෝ වාණිජ ව්‍යාපාර කටයුතු සඳහා ගඟ උපකාරි වනවා සේම ගංගාව ආශ්‍රිතව දිවි ගෙවන ජනතාවගේ රෙදි සේදීම, ජල ස්ථානයට පවා ගංගාව උපකාරි කර ගන්නා බව පෙනිණ. කඳු වළලු මැදින් ඉපිද බොහෝ දුරකතර ගෙවා ගෙන විවිධ හැලහැප්පීම්වලට ලක් වෙමින් විවිධාකාරයෙන් ජල දූෂණයට ලක්වෙමින් මුහුදට එකතු වන ස්ථානය ආසන්නයේ ජල ස්නානය පවා කිරීමේ කටයුත්තේ ඵලදායි බව ඒ මොහොතේ අපට සිතුණි.
ඊළඟට අප පිවිසියේ කාක දූපතේ සිට කදිරාන පාලම වෙත පැමිණ හැඳල ආසන්නයේ සැරිසරා පසුව ගංගාවට සමාන්තරව මාර්ග ඔස්සේ ඉදිරියට යාමටයි. කදිරාන පාලම යනු සිය දිවි හානි කර ගැනීම් රැසකට බඳුන් වූ ස්ථානයක් බව අවට පිහිටි නිවැසියන්ගෙන් දැනගැනීමට ලැබුණි. හිරු බැස යන සන්ධ්‍යාවක අප මෙහි සුන්දරත්වය දැකීමට පැමිණි අතර ධීවර රැකියාවට යනෙන බෝට්ටුවල අලංකාරය හිරු බසින සමයේ අපි දුටුවෙමු. තවද සඳ බටහිර මුහුදට පෙනෙන සමනොළ කන්ද අලුයම් වරුවක අපි දැකගත්තෙමු. කැලණි ගඟේ දිගේ ඉදිරියට යාමට අප පර්ගියුෂන් පාරේ සිට පිටත් වූයේ තොටළඟ වෙතය.
විවිද ආකාරයේ පසුබිම් මූලාශ්‍ර මගින් අප ලද තොරතුරුවලට අනුව ඇතැම් නිවැසියන් ගංවතුර සමග ඔවුන්ගේ ආර්ථිකයේ ඉහළ නැංවීමේ කාලයක් ලෙස සලකයි. ඔවුන් වැසි සමය ආරම්භ වත්ම රටේ නිසි ලෙස සුදානම් වෙමින් සිටිය ද ආධාර සහ උපකාර අපේක්ෂාවෙන් ඊට ද මනා සූදානමකින් කටයුතු කරයි. නමුත් ඇතැමුන්ට ගංවතුර මහත් පීඩනයකි. කෙසේ වුවද වර්තමානය වන විට වර්ෂා සමය ළංවත්ම මෙම ප්‍රදේශවාසීන් ගංවතුරට සූදානම් වන අතර පසුගිය කාල වල දී අනපේක්ෂිත තත්ත්ව වලදී ඔවුන් අත් විඳි ව්‍යාපාර සහ නිවාස අලාභහානි හේතුවෙන් ඇතැම් පුද්ගලයන් ප්‍රදේශය අත හැර පවා ගොස් ඇත.
වැල්ලම්පිටයි ආදී ප්‍රදේශවල අප යන විටත් ගඟ පිහිටියේ මාර්ගයේ මට්ටමින් අඩි 10 කට වඩා පහළිනි. නමුත් වර්ෂා කාලයේ ගංවතුර හේතුවෙන් ජල මට්ටම් මාර්ගයේ මට්ටමත් වඩා අඩි කිහිපයක් තරමට පිරෙන බව පසුගිය අවුරුදුවල අපි අත්දැක්කෙමු. මෙම මාර්ගයට සමාන්තරව පෑලියගොඩ සිය කැලණි විහාරය හරහා බියගම මාර්ගය පිහිටා ඇත. සාමාන්‍යයෙන් ගංවතුර සමයේ දී කඩුවෙල සිටම මාර්ගය හා ප්‍රදේශ ගංවතුරට යට වෙමින් පවතින අතර ෙස්ද වත්ත අඹතලේ මාර්ගයට යනු සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් යට වන මාර්ගයක් වේ.
ෙස්දවත්තේ පිහිටි ද්විත්ව දුම්රිය මාර්ගය යනු කැලණි ගඟ මතින් දිවෙන එකම දුම්රිය මාර්ගය වේ. මේ හැර අන් කිසිඳු ස්ථානයකින් කිසිඳු දුම්රිය මාර්ගයක් කැලනි ගඟ හෝ එහි ප්‍රධාන අතු ගංගා යුගළය මතින් දිව යන්නේ නැත.
ෙමහි පිහිටි එක් දුම්රිය මාර්ගයක් මෑතක දී නිර්මාණය කළ අතර අනෙක් දුම්රිය මඟ කළු පාලම ලෙස හඳුන්වයි. එය බ්‍රිතාන්‍ය සමයේ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය ආරම්භ වීමත් සමගම නිර්මාණය කරන ලද ප්‍රථම දැවැන්ත දුම්රිය පාලම වේ.
වර්ෂ 1865 දී මෙම දුම්රිය මඟ නිර්මාණය කිරීමට පටන් ගත් අතර 1867 වන විට ප්‍රථම දුම්රිය මඟ නිර්මාණය කිරීමට පටන් ගත් අතර 1867 වන වන ප්‍රථම දුම්රිය මේ මතින් ධාවනය වුණි. මෙම දුම්රිය මහ වසර 150 ක් මුළුල්ලේ දකුණු වෙරළ බඩ සහ කැලණි වැලි දුම්රිය මාර්ග හැර අනෙක් සියලුම දුම්රියයන් ධාවනය කළ ලංකාවේ පැරණිතම සහ එකම දුම්රිය ෙපාළ වේ. කොළඹ කොටුවෙන් ලංකාවේ දසතටම දිව යන දුම්රිය සියල්ලන්ගෙන්ම සියයට අනූවක් පමණ දුම්රිය කළු පාලම උඩින් ධාවනය වන අතර එදා මෙදා තුර පාලම දැඩි ශක්තියකින් යුක්ත විය. තවද කළු පාලම මතින් කැලණි ගඟට පැන දිවි නසා ගත් පුද්ගලයන් සහ ආදරවන්තියන් බහුලය. මේ සියල්ල දරාගෙන කළු පාලම මතින් අදටත් යකඩ යකා ධාවනය කරයි.
කෙසේ හෝ කැලණි ගං පිටාර තැන්නේ අසිරියත් ගංවතුර හා සබැඳි අත්දැකම් සහ සංසිද්ධි ආශ්‍රයෙන් සන්නද්ධ වූ අපි මීළඟට කැලණිමුල්ල හරහා කැලණි විහාරයට යාමට සූදානම් වීමු. මෙම ප්‍රදේශවල කැලණි ගඟේ ස්වභාවය දැඩි සංසුන් බවක් උසුලන නමුදු ගඟේ පළල හා ගැඹුර ඉතා විශාලය. ගඟේ කිඹුලන් ගැවසෙන ඉසව්වක් වුවද ප්‍රදේශවාසීහු ජල ස්නානය හා රෙදි සේදීම වැනි කටයුතු තවමත් සිදු කරනු ලබති. සේදවත්ත හරහා යන මාර්ගය කළු ගල් බැම්මක් යොදා විශේෂයෙන් ආරක්ෂා කොට ඇත්තේ ඉවුරු ඛාදනය වළක්වා ගනු පිණිසය. කෙමෙන් කෙමෙන් අප කොහිලවත්ත පසු කරමින් ඉදිරියට ඇදුණේ කැලණියේ පිහිටි කැලණි විහාරය අසලින් ගලන කැලණි ගෙඟ් තවත් රසබර තොරතුරු සොයා ගෙනය.
කැලණි ගඟ ඇතැම් අවස්ථාවල අංශක අනූවකින් හැරී තම ගමන් මග වෙනස් කරගන්නා අතර ඇතැම් අවස්ථාවල අංශක හැටක පමණ කෝණයකින් හැරී ගමන් මග වෙනස් කරගනී. ඇතැම් විට මෙවැනි නැමි දෙකක් එක ළග පිහිටීම නිසා ඉහළින් ගඟ නිරීක්ෂණය කරන්නෙකුට ඉංග්‍රීසි ඉසෙඩ් අකුරේ හැඩය පෙන්නුම් කරනු ඇත. මල්වාන රක්ෂපාන ගල ආසන්නයේදීත්, කඩුවෙල පාලම ආසන්නයේදිත් පෙන්නුම් කරන්නේ අංශක හැටක පමණ හැරවුමකි. එවැනි ස්ථානයකදී නැම්මේ ඇතුළු පැත්තෙන් ගොඩබිම ඩෙල්ටාවක් පරිදි පිහිටනු ඇත. මේ ඩෙල්ටා ප්‍රදේශ සංරක්ෂණය නොකළහොත් හෝ ඒ ආසන්නයේදී ගඟට බාධාවන් යෙදුවහොත් හෝ ගං ඉවුරු මත අධික බරක් යෙදුවහොත් හෝ ගඟෙ නැම්මේ පිට පැත්තෙන් ඉවුර තව තවත් පළල්වීමට මෙන්ම ඇතැම් විට ඩෙල්ටාව කඩාගෙන ගග ගලා බැසීමටද ඉඩ තිබේ. අද රණාල ප්‍රදේශයේදී මෙම අනතුර දක්නට ඇති අතර පසුගියදා කඩුවෙල පාලමේ කොන්ක්‍රීට් කණුවලට පිටින් ගොඩබිමේ කොටසක් ඛාදනයට ලක්ව ප්‍රධාන මාර්ගය ගිලාබැසීමේ තත්ත්වයකට මුහුණ දුන්නේද මිනිසුන් සොබාදමේ රීති හඳුනා නොගෙන හිතුවක්කාරී ලෙස පරිසරය වෙනස් කිරීමේ ප්‍රතිඵල ලෙසය.
අංශක හැටක පමණ හැරවුමක් සහිත මල්වාන රක්ෂපාන ගල අසළදී ගඟ ගලායාමේ මාර්ගය වෙනස්වීමේ අවදානමක් අද මතුවී තිබෙනවා. ස්වභාවික පිහිටීමේ පවතින විශාල ගල් පර්වතයක් නිසා ගඟ පටුවීමත් එයට පෙර ගඟේ විශාල නැම්මක් සහිත වීමත් නිසා විශාල ජලකඳක් ගෙන එන අවස්ථාවලදී ගලට ඉහළින් ඉවුර කඩාගෙන ගඟ පළල්වෙලා. දැන් එය මහපාර අයිනටම කඩාගෙන ඇවිත් තිබෙන්නේ.
හංවැල්ල ඕලන්ද බලකොටුව
කැලණි ගං මිටියාවතේ ඉදිකරන ලද පැරණි පෘතුගීසි බල කොටුවක ලන්දේසින් විසින් අල්ලා ගැනීමෙන් පසුව වැඩි දියුණු කෙරිණ. මෙහි ඕලන්දයින් යනුවෙන් සඳහන් වී ඇත්තේ ද ලන්දේසීන්මය. ඕලන්දයේ වාසය කරන්නන් යන අරුතින් ඕලන්දයින් නම් වේ. ඕලන්ද වාසි ජාතිකයින් ලන්දේසීහුය. කැලණි ගඟේ දකුණු ඉවුරේ ඇළක් කපා නිර්මිත ජල දුර්ගයකින් හංවැල්ල කොටුව වට වී ඇත. ශක්තිමත් කළුගල් බැම්මකින් කොටු පවුර ඉදිකර ඇති අතර එහි මුර කුටි පහක් පමණ තිබිණි. මෙහි බිම් සැලැස්ම පංචාස්‍රයක හැඩයෙන් යුක්ත වේ. ඒ තුළ බැරැක්ක හා ගබඩා ද පිහිටුවා තිබිණි. වර්තමානයේ හංවැල්ල තානායම පිහිටා ඇත්තේ හංවැල්ල කොටුව අසලය. අද මෙහි නටබුන් පමණක් දක්නට ලැබේ. වර්ෂ 1761 දී ලන්දේසීන්ට නතු වීමෙන් පසු හා වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය ප්‍රහාරවලටත් වරින්වර සිංහල ප්‍රහාරවලටත් ගොදුරු වීම නිසා මෙම බලකොටුව විනාශ වී ඇත.
|
Next Articles of the series –
Thank you for reading !