Year and Month | 04-June-2018 |
Number of Days | One |
Crew | 02 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> Avissawella -> Ratnapura -> Balangoda -> Haputale -> Bandarawela -> Etampitiya Road -> Maliththa -> Neluwa Road -> Haliela- Neluwa Estate -> Pluckers Hut |
Tips, Notes and Special remark |
|
Related Resources | Facebook Post – Pluckers Hut |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
I got to know this from a Facebook post published by one of a friend on my Facebook list. Then I got this into my ‘to do’ list and thought to have this small ride when I will go around Ella- Badulla. Then suddenly I got a chance after a few months to a destination at Ella and then I reserve a little time to cover this lovely place. Here is the write up from him, Mr Anura Pallamulla. I used some photographs to show you the beauty of distance until Knuckles mountain range as well as the mountains we can identify on the top of Pluckers Hut.
සංචාරක ඉවක් තියෙනවනමි ඹ්නම ගමනක් හොද සංචාරයක් බවට පත්කර ගන්න පුළුවන් කියන්නේ නිකන් නොවෙයිනේ. ඉතින් අපි ආපු ගමනත් සංචාරක ගමනක් නොවෙයි නමුත් සංචාරක ඉවක් තිබුනු නිසා ඒ ගමන දැන් සංචාරක ගමනක් බවට පත්කර ගන්න පුළුවන් වුනා. කසුන් මල්ලි කියපු ඒ සුන්දර ඉසව්වට යනකන් මටනම් ඉස්පාසුවක් තිබුනේ නැහැ . උදෑසනම ගමන් ආරම්භ කරන අදහසින් රාත්‍රි නිද්දට ගිය අපිට ගමන් මහන්සියත් එක්ක එක දිගටම නින්ද ගියා. උදෑසන හයට විතර ඇහැරුනු අපි උදෑසන ආහාරත් නොගෙනම වතු බංගලාවෙන් පිටත් වුනා. මොකද උදෑසනම ගියොත් තමයි හොද ඡායාරූප ටිකක් ගන්න පුළුවන් . නෙළුව වත්ත කියන්නේ හාලිඇලත් ,ඇටම්පිටියත් බන්ඩාරවෙිලත් කියන නගර තුන මැදට වන්නට පිහිටලා තියෙන වතුයායක්. අක්කර 270 පුරා විහිදුනු තේවගාවෙන් පිරුනු මේ වතුයාය මල්වත්ත වැලි වැවිලි සමාගමට අයත් වතු වලින් එකක් තමා.
වතු බංගලාවෙන් පිටත් වුන අපි කිරින්ද මාර්ගය දිගේ කි.මි.2ක් පමන පැමිනි අපි කිරින්ද පන්සල් හන්දියෙන් දකුනට දිවෙන වතු වතු මාර්ගය දිගේ තේ වතු මැදින් ඉහලට ගමන් කලා. තේවතු යාය දිගේ පැමිනි අපි එක පාරම මහා කැලයකට ඇතුල් වුනා . මිටර් 200 ක් පමන කැලය මැදින් ගමන් කරමින් තේ වතු යායට නැවතත් අපි සෙන්දු වුනා . කැලෑ එලි කර සුද්දා තේ වගා කලත් රක්ෂිත ලෙස ඉතුරු කලයුතු තැන් ඒ ආකාරයෙන්ම එදා ඹවුන් ආරක්ෂා කර ඇති බව මනාවට පැහැදිලි වන්නේ නෙළුව වතුයායේ මේ වගේ රක්ෂිත කැලෑ රොදවල් කිහිපයක්ම දක්නට ලැබිමෙනුයි.වතුයායේ සුන්දරත්වය විදගෙනම අපි වට වංගු වතු මාර්ගයේ තවත් කි.මි.2 ක් පමන ඉහලට ගමන් කිරිමෙන් පසු අපි 16 හන්දියට පැමිනුනා. 16 හන්දිය කියන්නේ නෙළුව වතුයායේ මෙන්ඩිස් ලෑන්ඩි කොටසේ පිහිටලා තියෙන තුංමන් හන්දියක් තමා . එතනින් වමට දිවෙන වතු මාර්ගය දිගේ අපි“ ප්ලකර්ස් හට්ස් “ කරා ගමන් කලා එම මාර්ගයේ මිටර් 300ක් පමන ඉදිරියට ගමන්කල පසු එන්න එන්නම මැවෙන සොදුරැ දසුන් නම් පුදුම සුන්දරත්වයක් තමා එක්කලේ . 16 හන්දියේ සිට ගමන් කරපු කිලෝමිටරයක දුර ගමන් කරන්න අපට විනාඩ් 45 ට වඩා කාලයක් වැයවුනේ නෙත ගැටෙන ඒ සුන්දර දසුන් සියල්ල කැමරාවේ සටහන්කර ගැනිමට වුන නිසයි . සුන්දර දසුන් දැක බලාගෙනම අපි ඹන්න අපේ ගමනාන්තය වන“ ප්ලකර්ස් හට්ස්“ කරා පැමිනුනා.ඇත්තටම “ ප්ලකර්ස් හට්ස්“ වලට පැමිනි පසු නෙත ගැටුනු දසුනින් මම පුදුමයට පත්වුනා . මේ ඉන්නේ මොන ඉසව්වකද කියලා මටනම් එක පාරටම හිතා ගන්න බැරුව ගියා. අපි කදු වටේ කරක් ගහලා එන දොමෝදර මෙතන ඉදන් බලන විට ලගම පහලින් . ඒ වගේම නමුණුකුල කන්ද හරියට අපි දිහා බලන් ඉන්නේ මොනවා හරි අපෙන් අහන්න වගේ .එ වගේම ඇල්ලේ පුංචි සිරිපාදේත් ඇල්ල රොක් එකෙත් හරස්කඩ දර්ශනයේ සුන්දරත්වය මටනම් හිතා ගන්නවත් බැහැ. එතනින් එහාට තියෙන නායබැද්ද කන්ද පුනාගල කදු ඒ වගේම හෝටන්තැන්න මායිම තවත් එතනින් ගියාම පිදුරුතලාගල කන්ද හග්ගල කන්ද නාරංගල කන්ද වගේ මෙතනට අංශක 360 කම දර්ශන තලයක් තමයි තියෙන්නේ . ඉතින් මේ වගේ තැනකට එක පාරම ආපුහාම ඹ්නෑම කෙනෙක් සොභා සෙෘන්දර්යට වශී වෙනවා කියන්නේ මේකට තමයි.
වතු අදිකාරි කසුන් මල්ලි ප්‍රකාශ කලේ මෙතනට වැල්ලවාය නගරය පැහැදිලිව දැක ගන්න පුළුවන් බවත් ඇල්ල සිට දිවෙන බදුලු දුම්රිය මාර්ගය වගේම ඇල්ල වැල්ලවාය මහා මාර්ගයද මෙතනට හොදට නිරික්ෂනය කරන්න පුළුවන් බවයි. නෙළුව වතුයායේ කෙලවරක පිහිට් “ ප්ලකර්ස් හට්ස් “ කොටස අයත් වන්නේ උඩුවර වතුයායටයි නමුත් මෙම ස්ථානයට ලගා වන්නට පහසුම නෙළුව වත්ත හරහා අප පැමිනි මාර්ගය විමත් විශේෂයි. 2003 තේ දළු කඩන අයට විවෙික ගැනිම සදහා ඉදිකල මෙම “ප්ලකර්ස් හට්ස් “ මුලින්ම ඉදිකරලා තියෙන්නේ . මුහුදු මට්ටමේ සිට මිටර් 1700 වඩා ඉහලින් පිහිටි මෙම සොදුරු සංචාරක ඉසවිව තවමත් සංචාරකයන් අතරනම් ප්‍රසිද්ද නැහැ.. එයට හේතුව සංචාරකයින් මෙම තැන ගැන නොදැන සිටිමයි. එහෙනමි ඹබත් දවසක ගිහින් මේ සොදුරැ අද්දැකිම ලබා ගන්න කියලා මතක් කරන ගමන් යන්න පාරත් කියන්නම්කෝ.
ඹබ බදුල්ල පැත්තෙන් යනවානම් හාලිඇලින් වැලිමඩ පාරේ කි.මි. 3ක් වගේ යනවිට හමුවන මොරේතොට හන්දියෙන් වමට ඇති මාර්ගයේ කි.මි.4ක් වගේ ඉහලට ගමන් කල පසු කිරින්ද හන්දියෙන් වමට තවත් කිලෝමිටර් එක හමාරක් ගිය පසු කිරින්ද පන්සල් හන්දියෙන් දකුනට ඇති වතු මාර්ගයේ කි.මි.2 ක් පමන ගමන් කල පසු මොන්ඩිස් ලෑන්ඩ් කොටසේ 16 හන්දියෙන් වමට දිවෙන වතු මාර්ගයේ කිලෝමිටර් එකක් පමන ඉදිරියට ගමන් කල පසු නැවත වමුවන මාර්ගයෙන් වමට මිටර් 500 ක් පමන ගමන් කල පසු සුන්දර “ ප්ලකර්ස් හට්ස් ‘ කර ලගා වන්නට පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ තැන් කිවිවා කියලා ගිහින් විනාශ කරලා දාන්න එපා අනාගත පරපුරටත් දකින්න ඉඩ තියන්න.
Thank you for reading !