Year and Month | 15-Dec-2018 |
Number of Days | One |
Crew | 01 |
Accommodation | N/A |
Transport | Motor Bicycle |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> High Level Road -> Avissawella -> Yatiyantota Road -> Maniyangama Road -> Temple Road -> Yakdehikanda -> Yakahatuwa |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
යකහටුව/ යකහටුවාව කන්ද – GPS – 6.945325, 80.245656
මානියංගම විහාරය පසුපසින් ඉහළ නගින කඳුවැටිය යකහටුවාව හෙවත් කොබෝතුරාගලයි. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසින් පැමිණෙනවාදැයි ඔත්තු බැලීමට මෙම කන්ද යොදාගත් බව පැවසෙනවා. මේ කන්ද තරණය කිරීමට පනාවල පාරේ තවත් ඉදිරියට ගොස් බෝමළුව හන්දියෙන් හැරී යද්දෙහිකන්ද දක්වා ඇති අතුරු මාර්ගයේ කි. මී 2ක් ගමන් කළ යුතුයි. මේ පාර කොන්ක්‍රීට් දැමූ දුෂ්කර බෑවුම් සහිත මාර්ගයක්. ජීප් රථයකට හෝ ත්‍රිවිල් එකකට ගමන් කළ හැකියි. යද්දෙහිකන්දේදී කන්ද මුදුනට යන මාර්ගය ගැන ගම්වැසියන්ගෙන් අසාගත යුතුයි. කන්දට යාමට ස්ථිර පාරක් නැහැ. රබර් වතු හා වනාන්තර හරහා ගමන් කළයුතුයි. කිතුල් මැදීම හා රබර් කිරි කැපීම මේ අවට සිදුවෙනවා. හේන් බෝග වගාවත් අතරින් පතර දැකගත හැකියි. කොළඹට නුදුරින් දුෂ්කර කඳුකර අත්දැකීමක් ලබාගැනීමට මෙය කදිමයි.
සීතාවක, අවිස්සාවේල්ල, තල්දූව යන මාර්ගවල වීදි සංචාරය කර විහාරයට ගෙවදීමෙන් පසු පෙරහරින් ගෙනෙන ලද කරල් බන්දේසියේ අග‍්‍ර කොටස් ගෙන උපාසිකාවන්ට භාරදී උඩුවියන් බැඳ, පිරුවට අතුරා සකස් කළ වෙනම ස්ථානයක් තබා ගෞරවයෙන් ”නියපිටින්” සහල් බවට පත්කර බුද්ධ පූජාව පිළියෙල කර දහවල් රජතුමා පූජාකළ පාත‍්‍රයට බුද්ධ පූජාව තැන්පත් කර මුතු කුඩය යටින් කරල් කුමරු බුද්ධ පූජාව තබා තේවාව භාර හිමියන් විසින් පූජා වතාවත් ඉටුකරනු ලැබේ.
එම විහාරයේ දෙසියපනස් වැනි දුරුතු පෙරහර පසුගියදා නිමාවිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් තෑගිදෙන ලද කුඩා කාලතුවක්කුව අදත් තිබේ. එයින් පෙරහර පිටත්වීමට වෙඩිල්ල පත්තු කිරීම සඳහා පරම්පරාවෙන්ම රාජකාරිය පවරා ඇති අයෙක් වන ඇම්. ජෝන් විසින්. බෙහෙත් කොටා පිටුපස ඇති කුඩා සිදුරකින් වෙඩි නූල ගෙන නැකතට වෙඩි නූල පත්තු කෙරේ.
වටිනා දැවයෙන් පිටුපස කොටස එදා රජ දවස නිමවා තිබූ ආකාරයටම ඇති අතර කිලෝ තිහක් පමණ බරකින් යුක්තය. මෙම කාලතුවක්කුව ආරක්ෂා සහිතව සුරක්ෂිතව තබා ඇත. විහාරාධිපති හිමියෝ එය වසරකට වරක් පෙරහර සඳහා එළියට ගන්නා අගනා වස්තුවක් හැටියට ප‍්‍රකාශ කරන අතර දැනුම්දීමකින් අනතුරුව එය ගෙනැවිත් පෙන්වීමට කාරුණික වූහ.
ලෙන් විහාර ගෙයි ඇතුළුවෙත්ම දකුණු අත පැත්තේ ඇති දෝලාව ලෙව්කේ දිසාව විසින් විහාරගෙයට පරිත්‍යාග කරන ලද්දක් බව ප‍්‍රකාශ වන්නේ එවකට විහාරාධිපති හිමියන් උපසම්පදාව ලබා වැඩම කරවන ලද්දේ එම දෝලාවෙනි. අදටත් හොඳින් සංරක්ෂිතව බුදුමැදුර තුළ දෝලාව ඇත. විහාරාධිපති ”අඹන්වල හේමාලංකාර” නාහිමියන් විහාරයේ දියුණුවට අපමණ මෙහෙයක් ඉටුකරයි.
Write up Source – Sunday Lankadeepa
අවිස්සාවේල්ල නගරයේ සිට පනාවල මාර්ගයේ කි.මී. 4 පමණ ගිය පසු ”යකහටුවාව” කඳුවැටිය පාමුල පිහිටි මෙම ගල්ලෙන් විහාරය හමුවෙයි. කඳුවැටියෙන් ගලාබසින සුන්දර දොළ පහර දෙකක් මැද පිහිටි මෙම ලෙන් විහාරය කි.පූ. (103-76) වළගම්බා රජ සමයට උරුමකම් පායි. වළගම්බා රජතුමා අනුරාධපුරයේ ලංකාව ආක‍්‍රමණය කළ ද්‍රවිඩ සේනාවන් පලවා හැරීමට මානියම්ගම පිහිටි ගල්ලෙනේ සිට සේනා සංවිධානය කළ බවත් පසුව ගල්ලෙන් විහාරයක් කළ බවත් ඉතිහාසයේ කරුණු කියාපායි.
රජමහා විහාරයේ මකර තොරණ් දෙක අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අඩි 6 පමණ උස රූපයක් අඹා ඇත. දුරුතු පෝය දින රජ මහා විහාරයේ අලි ඇතුන්ගෙන් සමන්විත මහා පෙරහරක් පැවැත්වෙයි. එහි පෙරහර පිටත්වීමට දැනුම්දෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරිත්‍යාග කළ කාලතුවක්කුවෙනි.
මානියම්ගම රජ මහා විහාරයේ දුරුතු පෙරහරේ විශේෂත්වය වන්නේ කරල් කුමාරයාය. ප‍්‍රදේශයේ කුලවත් දරුවකු මේ සඳහා තෝරාගන්නේ රජදවස සිට රජු පිලිබිඹු කිරීමක් ලෙසය. යෝජිත කුඹුරේ ගොවි මහතා කුඹුරට ප‍්‍රවේශ මාර්ගය පිරිසිදුකර ලියද්ද වටා ගොක් රැුහැන් ඇද කුඹුරේ මල් පැලක් ද සාදා තිබිය යුතුය. හේවිසි කණ්ඩායම්, පෙරටුකර මහා සංඝරත්නය හා කරල් නෙළන කුමාරයා ලියද්දට කැඳවාගෙන ගොස් සෙත් පිරිත් කර පිරිත් පැන් ඉස කරල් නෙළා, කරල් මිටිය සුදු පිරුවටකින් ඔතා බන්දේසියක තබා අවට කුඹුරුවල නෙළන කරල් ද ගොවීන් එහිම තබා බන්දේසිය කුමරු මතින් ගෙන පෙරහරෙන්ම ගමන් කරයි.
මානියම්ගම කඳුවැටියේ උසම ස්ථානය අඩි 1410 පමණ වේ. රජ මහා විහාරය, මෙම කඳුවැටිය බෑවුමේ පිහිටා ඇත. කඳුවැටිය ”යකහටුවාව” නමින් හඳුන්වයි. යක්+හකුව, හකහටුව වශයෙන් ව්‍යවහාරයේ ඇති අතර මුළු ප‍්‍රදේශයේම පරීක්ෂා කළහැකි නිසා රජ දවස ප‍්‍රධාන නිරීක්ෂණ මුර කුටියක් පිහිටා තිබී ඇත.
මෙම කඳුවැටියේම ”කොබෝකුරා” (කොබෝතුරා) ගලේ සිටි ලිහිණි පැටියකු රජවාසලට ගෙනගොස් ඇතිකළ අතර ලිහිණියා අතිදැඩි වී රාජසිංහ රජතුමාට හිතවත් වී රජු සමග ගැවසෙමින් සිටින අතරතුර දිනක් රජු සමග සංචාරයේ යන ලිහිණියා දිවයන මුවකු දැක ඉගිල ගොස් මුවා අල්ලා පාදයකින් ගසක් අල්ලා, අනික් පාදයෙන් මුවා මෙල්ල කිරීමට යෑමේදී මුවාගේ ශක්තිය වැඩිකමට පැනීමේදී ලිහිණියා දෙපළුවී ගොස් ඇත. රජුට තම හිතවතා ගැන දුක සිතී එම සත්වයා සිහිවීම පිණිස රජු ලිහිණි රූපය තුන්කෝරළයේ කොඩියට එක් කළේය.
කඳු මුදුන ආසන්නයේ පැතිර තිබෙන්නේ කොබෝතුරාගල පර්වතයයි. එම පර්වතය නැගීම නම් ඇඟ හිරිවැටෙන වැඩක්. ඒ තරම් සෘජු බෑවුමක් සහිතයි. එය තරණය කිරීමට සබරගමුව පළාත් සභාවෙන් කොන්ක්‍රීට් පියගැට පෙළක් ඉදිකර තිබෙනවා. නමුත් අපට දැකගැනීමට ලැබුණේ එහි අත්වැට කඩාදමා ඇති බවයි. කඳු මුදුනට සබරගමුව කඳුවල හා කොළඹ දක්වා බස්නාහිර තැනිතලාවේ අංශක 360ක අපූරු දර්ශනයක් දැකගත හැකියි. අහස පැහැදිලි දිනවල සමනල කඳුවැටියත් අලංකාරව දිස්වෙනවා.
Thank you for reading !