Year and Month | 17-March-2018 (First Visit) 12-January-2020 (Second Visit) |
Number of Days | One |
Crew | 05+ |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> Kurunegala-> Muththettugoda Junction -> Ganewatta -> 10th mile post -> Hunupola -> Dolukanda |
Tips, Notes and Special remark |
|
Related Resources | None |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
- Kachchativu island in Jaffna, Northern province of Sri Lanka
- Thalladi close to Mannar,
- Ritigala between Anuradhapura and Polonnaruwa,
- Dolukanda near Arankale ancient monastery hospital,
- Rumassala in Unawatuna near Galle
Article Source – Internet
ලංකා මෑණියන් විවිධ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම්වලින් යුත් එමෙන් ම විවිධ ආගන්තුකයන් එකතු කරන මනා තෝතැන්නකි. බොහෝ වටිනා නෂ්ටාවශේෂ සහිත පුරාණ නගර, රමණීය වූ වන කොමලියන්, තුරුලතාවන්ගෙන් පිරී ගිය කඳු පද්ධතීන් ලංකා මෑණියන් තව තවත් අලංකෘත කරවීමට සොබාදහමෙන් ලැබුණු දායාදයන්ය. පරිසරයය වඩාත් අලංකෘත නිර්මාණයක් වන්නේම එවැනි අංගයන් නිසාය. එලෙස පරිසරයේ සුන්දරත්වය පිරුණු මනස්කාන්ත දර්ශන රැගත් ස්ථානයන් බොහෝ දැක ගත හැකි අතර ,සොබාදහම් දිනිතියගෙන් ලැබුණු තවත් වටිනා දායාදයක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දොලුකන්ද හැඳින්විය හැකිය. දොලුකන්ද වන දහන ඓතිහාසික හා පරිසර වටිනාකමින් යුතු ප්‍රදේශයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනයට පාත්‍ර වී තිබෙයි. සොබාදහමේ අන්තර්ගත බොහෝ අංගයන් දොලුකන්දේ දැකිය හැකිය. වෘක්ෂ ලතාවන් , කුඩා ජල මාර්ග, ගල් පර්වතයන්, සත්ත්ව විශේෂ, ගල් ලෙන්, ඖෂධ පැළෑටි ආදින්ගේ සුන්දරත්වයෙන් එය මනාව පෝෂණය වී ඇති බව දක්නට ලැබුණි.
දොලුකන්දේ ඉතිහාසය රාම රාවණා යුගය දක්වා දිවෙයි. එකී ඓතිහාසික කරුණු දැන ගැනීමට නම් දොලුකන්ද තරණය කිරීම වැදගත්ය. දොලුකන්දේ අසිරිය විඳ ගැනීමට ඊට පිවිසිය හැකි මාර්ග 2ක් පවතියි. එනම් කුරුණෑගලින් මුත්තෙට්ටුගලට පැමිණ 10 කණුවෙන් උඩුපිල ගම දක්වා වූ 20නප පමණ ගමන් මාර්ගයත් එමෙන් ම ඉබ්බාගමුවෙන් මඩගල්ල මාර්ගයේ 8නප පමණ පැමිණි විට මුණ ගැසෙන ගොඩවෙල හන්දියෙන් දොලුව ගමට පිවිසිය හැකි අතර ඉන් ඔබ්බෙන් දොලුකන්ද පිහිටා තිබෙයි. ගමන් මාර්ගය අති දුෂ්කර වූවත් එය නොතකා එහි සුන්දරත්වය විඳ ගැනීමට බොහෝ දෙනා තවමත් පැමිණෙන ආකාරය අපේ කැමරා කාචයේ සටහන් විය
දොලුකන්ද පිළිබඳව ගොඩනැගුන ජනප්‍රවාද කිහිපයක් පවතියි. ඒ අතර ඉතා ජනප්‍රිය පුරාවෘතයක් ලෙස සැලකෙන්නේ, රාමා සීතා කතා පුවතයි.
රාම හා රාවණා යුධ වදිමින් සිටි අවස්ථාවේදී රාවණා විසින් එල්ල කරන ලද පහරකින් රාම රජු රෝගී වෙයි. රාම රජුට අවශ්‍ය ඖෂධ සෙවීමේ වගකීම පැවරෙන්නේ හනුමන්තාටය. ඔහු ඒ සඳහා හිමාලයට ගිය අවස්ථාවේදී ඔහුට අවශ්‍ය බෙහෙත් ඖෂධ සොයා ගැනීම අපහසු වීම නිසාවෙන් හිමාල පර්වතයෙන් කොටසක් රැගෙන ලංකාවට පැමිණෙන අතරතුරදී ඉන් කොටසක් කඩා වැටුන බවත් එය දොලුකන්ද ලෙස නම් කෙරුන බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ඇතමෙක් එහි තවත් කොටසක් ගාල්ල ප්‍රදේශයට පතිත වූ බව පිළිගැනෙන අතර වර්තමානයේදී එය ගාල්ලේ රූමස්සසල බවත් ,තවත් ජන ප්‍රවාදයකට අනුව එය රිටිගල බවත් පිළගැනේ. නමුත් එය දොලුකන්ද බවට සැලකීමට තරම් පිළිගත හැකි සාධක තිබෙයි. එනම් දුර්ලභ ඖෂධ වර්ග රාශියක් එහි දක්නට ලැබෙයි. මෑත කාලීන කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී තිබෙන්නේ දුර්ලභ වර්ගයේ වී විශේෂයක් දැනට පවතින්නේ හිමාලයේ සහ දොලුකන්දේ පමණක් බවයි. එහෙයින් එම කොටස දොලුකන්ද ලෙස පිලිගැනීම සාර්ථක නිගමනයකි.
රාවණා ,විජය ,පණ්ඩුකාභය රාජ්‍ය සමය දක්වා දොලුකන්දේ ඉතිහාස පුරාවෘතයන් දිවයයි. එමෙන්ම බෞද්ධ ඉතිහාසයත් මේ සම`ඟ බැඳී පවති. ගල්ලෙන්වල හමු වී ඇති බ්‍රාහ්මීය අක්ෂර වලගබ්බා රාජ්‍ය සමයේ බව පිළිගැනේ.
අතීතයේ දොලුකන්ද ගිරි බණ්ඩාර නම් පාලකයෙක් යටතේ පාලනය විය. ඔහුගේ දියණිය පාලි නම් තැනැත්තියකි. පණ්ඩුකාභය කුමරු යුධ වැදීමෙන් අසරණ වී සිටි අවස්ථාවේදී රජුට පාලි කුමරිය හමු වෙයි. ඇය ඔහුව නවතා ගෙන ඖෂධ කරන ලද්දේ දොලුකන්දේ නවතා ගෙනය.“ගලේ නිරිඳු තෙද පාමින් අරන්කැලේ…”ලෙස ගිරි පාලකයා සිය පාලනය ගෙන ගිය ආකාරය ඉතිහාස පොත්පත් සාක්ෂි දරයි. ඒ අනුව පණ්ඩුකාභය රාාජ්‍ය සමයේ පටන් දොලුකන්ද ඖෂධ උයනක් ලෙසට පිළිගැනීමට හැකි තරම් සාක්ෂි හමු වී තිබෙයි.
විජය කුවේණි කතා පුවතත් සමඟ ද දොලුකන්ද බැඳී පවති. විජය රජු දරුණු කුෂ්ට රෝගයකින් පීඩා විඳිමින් සිටියදී අවශ්‍ය බෙහෙත් පැළෑටි ලබා ගැනීමට දොලුකන්දට පැමිණෙයි. ඔහුත් සමඟ කුවේණිය පැමිණි අතර කුවේණිය විසින් වර්තමානයේ කුවේණිගල ලෙස හැඳින්වෙන පර්වතයට වී විජය රජු ආරක්ෂා කරා යැයි ඉතිහාස කතාවන් සාක්ෂි දරයි. එම නිසාම යක්ෂ ගෝත්‍රික ජනපදයන්ට වටවී පවතින ප්‍රදේශයක් ලෙස දොලුකන්ද සැලකිය හැකිය. මේ අනුව දොලුකන්ද භූමිය වටා ගෙතුන ඓතිහාසික, ආගමික පසුබිමක් පවතින බව අනාවරණය විය.
දොලුකන්ද උස් කදු මුදුනක් සහිත වීමෙන් සම්පූර්ණ ප්‍රදේශයම ඉන් නැරඹිය හැකිය. ඒවගේම ශීත කාලගුණයක් සහිතය. මෙම රක්ෂිතය අලංකාර එමෙන්ම නිතර දක්නට නොලැබෙන ඖෂධ විශේෂ, පැළෑටි බොහෝමයකින් ගහණය. වයඹ පලාතේ අසිරිය ඔප් නැංවීමේ හැකියාව දොලුකන්දට ලැබී තිබෙන නිසාම සංචාරක ආකර්ශනය දිනා ගෙන තිබෙයි. විවිධ ස්වභාවික ගුහා, කඳු බෑවුම් දක්නට ලැබෙන අතර අතීතයේ භික්ෂූන් වහන්සේලා එහි නැවති භාවනායෝගීව වැඩ විසූ බව එහි නටඹුන් තුළින් පෙනෙයි. අපි දොලුකන්ද තරණය කරමු.
පරිසරයේ සුන්දරත්වය හරියාකාරව විද ගැනීමට නම් එය ස්වභාව දහමේ අපූර්ව නිමැවුමක් විය යුතුය. පරිසරයේ විවිධත්වය ඒ තුළින් මතු විය යුතුය .සියලු ස්වභාවික අංගයන්ගෙන් සපිරුණු ස්ථානයක් ලෙස දොලුකන්ද එක්වන්නේ ඒ නිසාය. විවිධ වූ ස්වභාවික පිහිටීම් අතුරින් මුලින්ම හමුවන්නේ පර්වතයකි. එය දොලුකන්දට මාර්ගෝපදේශකත්වය සපයයි. දොලුකන්දට ඇත්තේ දුශ්කර ගමන් මාර්ගයකි.
දොලුකන්ද තරණය කිරීමට පැමිණෙන්නෙකු නම් පළමුව අම්බලන්ගල තරණය කළ යුතුය. එය විශාල ලෙස පිහිටි ආකාරය දැක ගැනීමට හැකි විය. අම්බලන්ගලට නැග්ගාම විශාල කඳු, ගම්මාන, හිරිපිටිය නගරය , කුඩා ජලාශ ආදිය දැක බලාගත හැකිය.
කුරුණෑගල හා වාරියපොළ දෙසට අංශක 180 ක් පුරා විහිදුණු ප්‍රදේශය දිස්වෙන අතර එවක් පටන් ප්‍රදේශය වළාකුළුවලින් වැසී ගිය ඝන මීදුම් සහිත ස්වාභාවික ප්‍රදේශයක් හරි අපූරු ලෙස දිස් වෙයි. එම ප්‍රදේශ ලෙස ඇත්ගල, මාවතගම කදු ශිඛරය, කුරුමිණියාගල ,යක්දෙස්සාගල, වාරියපොල ,හිරිපිටිය ආදි ප්‍රදේශයන් පැහැදිලි ලෙස දිස් වෙයි. විශාල ලෙස පිහිටි කඳුවැටියේ ආකර්ශනීය ස්ථාන විඳගැනීමට දොලුකන්ද තරණය කරමු.
අම්බලන්ගල තරණය කර පහළට ගමන් කළ පසු ගලින් කරන ලද බැම්මක් හමුවෙයි. ගල් බැම්ම පසු කරන් යන ගමනේදී ඉන් අනතුරුව අපට හමුවන්නේ තවත් ආකර්ශනය පිරුණු ස්ථානයක්ය. එය සොබාදහමේ අපූරත්වය මැද පුරාවිද්‍යාත්මක වටිනාකම්වලින් ද ආඪ්‍ය වූ භූමිභාගයක් ලෙස සැලකිය හැකි ප්‍රදේශයකි. එය නමින් මාලිගාතැන්නනයි.
යම්කිසි පාලකයෙක් සිය වාසභූමිය ලෙස දොලුකන්ද තෝරා ගැනීමෙන් පසුව ඔහු සිය ලැගුම්පොළ තනා තිබෙන්නේ මෙම ස්ථානයේ බවට සාක්ෂි තිබෙයි. මාළිගාව තැනූ ස්ථානය පසුකාලෙක මාලිගාතැන්න ලෙස නම් කෙරිණි. දැනටත් එහි නෂ්ටාවශේෂ ඉතිරිව පවතියි. ගල් කණු ,සදකඩපහන්, ආරාම සංකීර්ණයක නටඹුන් ශේෂව දැකගත හැකිය. මෙය වලගම්බා රජුගේ ඉදිකිරීමක් ලෙස ද සැලකේ. කඩා වැටුණ ස්ථම්භ, අලංකාර තුරුලිය, දියසෙවෙල් බැඳුණු ගල් කණු මාලිගාතැන්නේ ඉතිහාස තතු හෙළි කරන අතර දොලුකන්දට අපූර්ව අලංකාරයක් එක් කරයි. ගල්බැමි, වේදිකාව ආදිය පෙන්වා දෙන්නේ අතීත රජ දරුවනගේ ශ්‍රී විභූතියයි. ගමන අතිශය දුෂ්කර වුවද මෙහි ඇති සුන්දරත්වය සංචාරකයාගේ ගමන් විඩාව අතුරුදහන් කරන සුළු නිර්මාණයන්ගෙන් පිරී පවතියි.
මාලිගාතැන්න පසු කල අපි දැන් පැමිණ සිටින්නේ තවත් අපූරු තැනකටය. එය ගල් ලෙනකි. පහසුවෙන් කිහිපදෙනෙකකුට වුව නවාතැන් ගත හැකි ලෙස එය නිර්මාණය වී තිබෙයි. ඇතැම් දිනයන්හි භාවනානුයෝගීව වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා නවාතැන් ගන්නේ මේ ගල් ලෙන් තුළය. මෙහි පැමිණි අපට දැක ගත හැකි වූයේ මෑතකදී කවුරුන් හෝ මෙහි ලැගුම් ගත් බවයි. එමෙන් ම ඉන් අද්දරින් ඇති ඡායාරූප සටහන හුළං කපොල්ල ලෙස සැලකෙයි. එය අතිශය භයානක ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. කඳු මුදුනේ පිහිටා ඇති නිසා එහි ආවරණයක් වී නොමැති නිසාවෙනුත් එහි ගමන් කරන්න් ඉතා ප්‍රවේශම් විය යුතු බව අවධාරනයෙන් මතක් කළ යුතුය.
දොලුකන්දේ අසිරිය රැගත් මෙම චාරිකාවේ ඊළඟ නවාතැන්පල රාස්ස මූණ ප්‍රදේශයයි. එයට යන ගමනේ දී ගල් ගුහාවන් කිහිපයක් හමු වෙයි. දොලුකන්දේ උසම ස්ථානය වන්නේ මෙයයි. 600 ප පමණ උස් ස්ථානයක මෙය පිහිටා තිබෙයි. මෙම කන්ද තරණය කළ අපට අරංකැලේ කන්ද, අම්බොක්ක කන්ද, කිඹුල්වානා ඔය, කුවේණිගල, දොලුකන්ද වැව, යක්දෙස්සා ගල ආදි දොලුකන්ද වටා ඇති පරිසරයේ අලංකාරය අපූරුවට දිස් වෙයි.
දොලුකන්ද අලංකාර කරන ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳ අධ්‍යයනයක යෙදුණි. දොලුකන්දටම ආවේණික වූ ඇතැම් පැළෑටි දොලුකන්දේ පවතින සොබා සෞන්දර්ය තවත් වැඩි කළේය. හිමාලවනයට ඇති සම්බන්ධතාවය නිසාම නාගරාජ, වනරාජ, හිරුරාජ, ගුරුලු රාජ, ගරුඩ රාජ ආදි රාජ පහට අයත් ශාක, දුම්මල, බෝවිටියා, අශෝක, කුඩානාම්බ, නාගමේරු ……ආදි ශාක විශේෂ එමෙන්ම ඖෂධ විශේෂ රාශියක් දොලුකන්දේ තවමත් දක්නට ලැබෙයි. විශාල කැලයක් ඇතුලේ මෙවැනි ජීවි විශේෂ දක්නට ලැබීම ලාංකිකයන් වශයෙන් අප ලැබූ භාග්‍යයක් වුවත් මේ වන විටත් එහි පැවැත්ම රදවා තබා ගැනීමට බලධාරින්ගේ අවධානය යොමු වී නොමැති බව සඳහන් කළ යුතුය.
ඇම්.ඒ.උක්කු බංඩා (දොලුකන්ද ප්‍රදේශවාසියෙයකි) මහතාගේ අදහස වූයේ මෙම කැලයෙන් ඖෂධ වර්ග සොරා ගැනීමට පැමිණි කිසිවෙකුට එය පහසු කාර්යක් නොවනා බවයි. පැළෑටි ගලවා ගෙන යාම කෙසේ හෝ වලකා දමන ශක්තියක් මෙම ස්ථානයට ඇතැයි ගම්වාසීනගේ පිළිගැනීමයයි. එම නිසා දොාලුකන්දේ ගුප්ත බලය තවමත් පවතින බව ප්‍රදේශවාසින් විශ්වාස කරයි.
අපි ශාක විශේෂයට අයත් ශාකයක් ලෙස කාසිපෙති නැතහොත් පනාපෙති ශාකය හැඳින්විය හැකිය. ජත්‍රීය පත්‍ර ඇති මෙම ශාකය ශාාක ක`ඳ මත ජීවය ලබයි. පත්‍ර ද්වීරූපතාවයෙන් දැකගත හැකි වූ අතර මුලින් ඉලිප්සාකාර හැඩයෙන් යුතු පත්‍ර කාලයත් සමඟ වෘතාකාර හැඩයක් ගනු ලබයි. පණු රෝගයට සහ රක්තපාතයට ඖෂධයක් ලෙස මෙම පැළෑටිය යොදා ගනියි.මෙහිදී ප්‍රතිකාාර සඳහා ගනු ලබන්නේ ශාක පත්‍රයයි. ඖෂධ ගුණය පිළිබඳ කතා කිරීමේදි කාසිපෙති ශාකයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මන්ද අධික ලෙස ලේ වහහනය වීමක් සිදුවන අවස්ථායකදී ඊට ප්‍රතිකාර මෙම ශාකය යොදා ගත හැකිය.
රාජ පහට අයත් ඔසු පැලයක් වන වන රාජ ශාකය සර්ප විෂ නැසීම සඳහා යොදා ගන්නා ඖෂධයක් ලෙස ද හැඳින්විය හැකිය. ගුප්ත අනුභාවයක් සහිත බව පිළිගැනේ. විචිත්‍රවත් ශාක පත්‍ර අලංකාරයක් සහිත මෙම ශාකයේ කොළවල උඩු පැත්ත ලා රත් පැහැයෙන් යුතු විල්ලුද රෙදි කඩක් මෙන් බබළයි.ඒ නිසාම දොලුකන්දේ පරිසර සුන්දරත්වයට එය මනා ආලෝකයක් ගෙන දෙයි.ඒ මත විහිදී ගිය රන්වන් පැහැති රේඛාවන් දැක ගත හැකිය. ශාකයේ කඳ වදකහ කදට සමාන බව ප්‍රදේශවාසියෙක් විසින් තවදුරටත් තොරතුරු ඉදිරිපත් කරයි. මේ ගුප්ත බලැති ශාකය හුදකලාව වැවෙන අතර පවතින්නේ කොළ පහක් පමණි. එක් දඬුවක් එන විට එක් කොළයක් ගැලවී වැටෙයි. මේ පැළය දෙසට වනයේ ඇති සියලු වන ස්ත්‍රීහු නැමී නමස්කාරයෙන් සිටින බවට විශ්වාසයක් පවතියි. ඒ නිසාම මෙම ශාකයට වනරාජ නම යෙදී ඇති බව සිතිය හැකිය. වනරාජ ශාකය දොලුකන්දේ සුන්දරත්වය වැඩි කරනවා පමණක් නොව එය නිවස තුළ තබා ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න හා ඉසුරු සම්පත් උදා කර ගත හැකි බව ද පිළිගැනේ.
හොටක් සිහි ගන්වන අයුරින් මල් පොහොට්ටු ඇති ශාකයක් දොලුකන්දේදි අපගේ අවධානය දිනා ගනු ලැබීය. අපත් සමගින් ගමනට එකතු වුණු මහතාගෙන් ඒ පිළිබ`ඳව විමසූ විට එම ශාකය රාජ පහට අයත් වන ගුරුළුරාජ වන බව පැවසීය. පොහොට්ටු සමයේ දී එය ගුරුළු හොටක් සිහි ගැන්වුවද එහි මල් කිනිත්ත සිහි ගන්වනුයේ සිවලෙකුගේ වල්ගයයි. ආයුර්වේදීය ඖෂධ නිෂ්පාදනයට මෙම මල් වර්ග යොදා ගනියි. කොතරම් විචිත්‍රවත් ශාකයක් වුවත් මොනතරම් සෞන්දර්යක් අවට පරිසරයට ලබා දුන්නත් එක් අතකින් පාරිසරික වශයෙන් දක්වන සංවේදී බව නිසාත් අනික් අතින් ඒ වෙනුවට ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙනුත් මෙම ශාක විශේෂ බොහෝමයක් වද වී යාමේ අවධානමක් දැකිය හැකිය.
දොලුකන්දේ දැකිය හැකි ශාක විශේෂ අතර දුම්මල ශාකය කාගෙත් අවධානයට පාත්‍ර වූවකි. මන්ද මේ වන විට මෙම ශාකය වෙළඳපලේ වැඩි ඉල්ලුමක් සහිත ශාකයක් බවට පත්ව තිබෙයි. යක්ෂ ගෝත්‍රික පිරිස් වාසය කළ දොලුකන්දේ ඊටම ආවේණික ශාක දක්නට ලැබීම පුදුම සහගත දෙයක් ද නොවේ. එකී ශාකය ව්‍යාප්ත වී තිබෙන දෙසට ඇවිද ගිය අපට එහි සුවඳ විද ගත හැකි විය. ගුරුකම්වලට වර්තමානයේදී මෙම ශාකයේ වැඩි ඉල්ලුමක් ලැබී තිබෙන බව නොරහසකි. මෙය යකැදුරන්ට, යක්ෂ ගෝත්‍රයට නැතිවම බැරි ශාකයකි. ඒ නිසාම මෙය විනාශ වීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම වගකීමකි.
මීට අමතරව අවධානය දිනා ගත් ශාක විශේෂයක් ලෙස අශෝක ශාකය හැඳින්විය හැකිය. රාවණා රජු සීතා දේවිය මෙහි ගෙනවිත් වසර 12 ක පමණ කාලයක් රදවා සිටි බව පුරාණයේ සඳහන්ය. එකී රදවා තිබූ භූමිය අශෝක ගස්වලින් පිරි උයනක් ලෙස සැලකේ. ඒ අනුව දොලුකන්දේ මෙවැනි ශාක දක්නට ලැබීම භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.
දොලුකන්දේ අසිරිය තවත් වැඩි කිරීමට එහි ජීවත්වන ශාක හා සත්ත්ව විශේෂ මහත් දායකත්වයක් සපයන බව පැහැදිලි වෙයි. කලවැද්දන්, සමනල් විශේෂ, වලිකුකුළන්, කුරුලු විශේෂ ආදි වන ජීවිත බොහෝමයක් සිය පණනල රැකගන්නේ දොලුකන්දෙන් ලැබෙන ජීව ගුණය නිසාවෙනි.
පරිසරයේ ඇති නිහඩතාවය හා සුන්දරත්වය නිසාම භික්ෂූන් වහන්සේලා මෙම භූමිය සිය වාසස්ථානය ලෙස තෝරා ගත්තා විය හැකිය. ඉහතින් දැක්වෙන්නේ උන්වහන්සේලා සක්මන් මළුව ලෙස තෝරා ගත් ප්‍රදේශයයි.
දොලුකන්ද නැරඹීමට ගිය ගමනේදී සුවිශේෂි වූ ශාක හා සත්ත්ව විශේෂ අත්දැකීමට හැකි විය. පරිසර සෞන්දර්ය පිළිබඳ කතා කරන විට එහි ඇති පාරිසරික අංගයන් රාශියක් දැක බලා ගැනීමට හැකිය. හිමාල වනයේ පමණක් දැකිය හැකි ඇතැම් ඖෂධ ලංකාවේ දක්නට ලැබීම අගය කළ යුත්තකි. එවැනි විශේෂත්වයක් හිමි කර ගත් දොලුකන්ද වයඹ ප්‍රදේශයේ පිහිටීම ප්‍රදේශවාසීන් ලෙස අප ලැබූ භාග්‍යයකි. ගල්තලාවන් කඳු ශිඛරයන් කරා වැටී ඇති මෙම ගමන් මාර්ගය තරමක් දුෂ්කර වුවද එහි ඇති ඓතිහාසික හා සෞන්දර්යාත්මක වටිනාකම අගය කළ යුතුමය. නමුත් මෙවැනි වටිනා සම්පතක් විනාශයට යාමට ඉඩ හැරීම සුදුසු නොවෙයි. බලධාරින්ගේ අවධානය යොමු විය යුතුය. සුන්දර වූ වෘක්ෂලතාවන්, ඖෂධ වර්ගයන්, ගල් ලෙන්, පොකුණු , සත්ත්ව විශේෂයන්ගෙන් යුතු දොලුකන්ද සැබවින්ම සොබාදහමේ අගනා සම්පතක් ලෙස අගය කිරීම වටියි.
Article Source – Internet
Thank you for reading !