Year and Month | 20–March-2019 |
Number of Days | One |
Crew | 03 |
Accommodation | N/A |
Transport | Motor Bicycles |
Activities | Hiking, Nature Exploring, Photography, Sightseeing |
Weather | Good |
Route | Colombo -> Kandy Road -> Ambepussa -> Kurunegala Road -> Yangalmodara -> Narammala Road->Yatigaloluwa -> Mahamewna Monastery -> Yangalmodara -> Kurunegala -> Mallawapitiya -> Kavisigamuwa -> Ridigama -> Viharaya -> Katupilagolla -> Kappetigala Road -> Rambadagalla Viharaya |
Tips, Notes and Special remark |
|
Related Resources | Mahamewna Monastery – Source
Rambadagalla Viharaya – Source Ridi Viharaya – Source |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
We went to these places on a day where we wanted to hike a small mountain in Kurunegala district and we visited these places as they are much attractive and beautiful places around this area. Specially I wanted to go to Rambadagalla to see the giant Buddha statue and I never heard about that beautiful Mahamewna Monastery. However we were able to visit these places and do our hike and return back to Colombo in the night.
මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය – පොල්ගහවෙල
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි. සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.
පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 අගෝස්තු මස 14 වැනි දින ආරම්භ කරන ලද මෙම මහමෙව්නාව භාවනා අසපුවෙහි විරාජමානව වැඩ සිටින සිරි ගෞතම දම්සක් මහා සෑය ත්, සිරි ගෞතම බෝධි මණ්ඩපය ත් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවත් දෙව් මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපය යි.
මෙම සිරි ගෞතම දම්සක් මහාසෑය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සැපයුවේ පින්වත් හොරණ ඩී. කේ. සුභසිංහ මැතිතුමා විසිනි. සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා විසින් සිරි ගෞතම බෝධි මණ්ඩපය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සපයන ලදී. පින්වත් ස්වාමීන් වහන්සේලා 150 නමකට පමණ සුවසේ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමිය සමන්විතය.
සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව සහිත ප්‍රදේශය ජනාකීර්ණ වුවත් පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසන කුටි පිහිටා තිබෙන්නේ නිහඬ නිසසල වනගත පරිසරයක් තුලය. එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සංඝයා උදෙසා දන්පැන් පිදීමෙන් හා සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගනිති.
පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ධර්මය ලොව පුරා පැතිරවීම පිණිස කටයුතු කළ ආයතන අතර ප්‍රධානත්වය හිමි වන්නේ මෙම උතුම් පුණ්‍ය භූමියටයි.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්
-
පුන් පොහෝ දා සීල භාවනා වැඩසටහන:- සෑම පුන් පොහෝ දිනකම පෙ.ව. 6.00 පසුවදා පෙ.ව. 5.30 දක්වා.
-
මාසික සීල භාවනා වැඩසටහන:- සෑම මසකම පළමුවන සතියේ ඉරිදා දින පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
-
ළමා දහම් වැඩසටහන:- සෑම මසකම පුන් පොහෝ දින පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
-
සිරි ගෞතම බෝධි වන්දනාව:- සෑම සෙනසුරාදාවකම ප.ව. 5.45 ට.
-
සිරි ගෞතම දම්සක් මහා සෑ වන්දනාව:- සෑම ඉරිදාවකම ප.ව. 5.45 ට.
අසපුවට පැමිණෙන ආකාරය
-
කුරුණෑගල සිට පැමිණෙන්නේ නම්…
කුරුණෑගල සිට (19km) පොල්ගහවෙලට ගොස්, එතැන් සිට 3.5km ක් කොළඹ දෙසට යන විට යාංගල්මෝදර හන්දිය හමුවේ.. යාංගල්මෝදර හන්දියෙන් දකුණට හැරී නාරම්මල මාර්ගයේ 3.5km ඉදිරියට යන විට මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණිය හැකිය… -
කොළඹ සිට පැමිණෙන්නේ නම්…
කොළඹ සිට නුවර පාරේ ගොස්, අඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල දෙසට ගමන් කරන විට යාංගල්මෝදර හන්දිය හමුවේ.. යාංගල්මෝදර හන්දියෙන් වමට හැරී නාරම්මල මාර්ගයේ 3.5km ඉදිරියට යන විට මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණිය හැකිය…
-
ඔබ බසයෙන් හෝ දුම්රියෙන් පැමිණෙන්නේ නම්…පොල්ගහවෙල බස් නැවතුම්පොලට පැමිණ කොට්ටවත්ත හරහා නාරම්මල බස් රථයෙන් මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණිය හැකිය…
Mahamevnawa Buddhist Monastery
Waduwawa, YatigalOluwa.
Polgahawela,
Sri Lanka
Phone: +94 37 22 44 602
Mobile: +94 76 8255 702
Email: info@mahamevnawa.lk
Web: www.mahamevnawa.lk
කුරුණෑගල රිදීගම රිදී විහාරය
කුරුණෑගල රිදීගම ඓතිහාසික රිදී විහාරය මහ රහතන් වහන්සේලා වැඩ සිටි වන්දනීය පූජනීය පුණ්‍ය භූමියකි. උන්වහන්සේලා වැඩ සිටි ලෙන්වල බ්‍රාහ්මී අකුරෙන් ලියන ලද ලිපි රැසක් රිදී විහාර කන්දේ පිහිටි ලෙන්වලින් හමුවේ. රිදී විහාරය අනුරාධපුර යුගයේ සිට ලාංකේය ඉතිහාසයට එක්වන පුදබිමකි. පොළොන්නරුව යුගයේදී ද ප්‍රකටව තිබූ පුණ්‍ය භූමියකි.
කුරුණෑගල කැප්පිටිගල මාර්ගයේ සැතපුම් පහළොවක පමණ දුර ගෙවා රිදීගමට ළගා විය හැකි ය. එතැන් සිට රිදී විහාර පුදබිමට යා හැකි මාර්ග දෙකක් වේ. ඒ පෞරාණික පිය ගැට පෙළ මග ඔස්සේ ය. නැතහොත් නව මාර්ගය ඔස්සේ ය.
රිදී විහාර භූමියෙහි පිහිටි ප්‍රධාන විහාරය වන මහා විහාරය හෙවත් පාත විහාරය උස ශෛලමය ලෙනක්තුළ පිහිටා ඇත. එම විහාරය තුළ සම්බුද්ධ ප්‍රතිමා නිර්මාණය කර තිබේ. ඒ අතර රනින් නිමවා වීදුරු අල්මාරියක් තුළ තැම්පත් කර තිබෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටුගැමුණු රජු දවස එතුමා දඹදිවෙන් කරවා අනුරපුරයට වැඩමවා එහි සිට පෙරහරකින් ද, අනතුරුව ඉන්ද්‍රගුප්ත රහතන්වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් ද එම ස්ථානයට වැඩම කරවා ඇති බව කියැවේ.
දහ අට රියන් දිග සැතපෙන ඉරියව්වෙන් නෙළා ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වේ. එම ප්‍රතිමා වහන්සේ පාමුල තවත් ප්‍රතිමා වහන්සේ කීප නමක් නිර්මාණය කර තිබෙන අතර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවන්ගේ සහ මෛත්‍රිය බෝධි සත්වයන් වහන්සේගේ ප්‍රතිමා ද නිර්මාණය කර තිබේ. දේව ප්‍රතිමා වහන්සේ ද ඒ අතර වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි ප්‍රතිමා වහන්සේ පස්නමක් පමණ එක පෙළට නිර්මාණය කර තිබේ. මෙහි ශෛලමය වහළයේ මාර යුද්ධය, මල්කම් ආදිය සිතුවම් කර ඇත.
සැතපෙන පිළිම වහන්සේ අබියස මල් ආසනයෙහි උඩ පිඟන් ගඩොල්කැට ඔබ්බවා තිබෙන අතර ඉන් සමහර ගඩොල්වල විවිධ චිත්‍ර ද වේ. එය ඕලන්ද ආණ්ඩුකාරවරයාගෙන් ලද තෑග්ගක් බව කියැවේ.
ලක්දිව වෙහෙර විහාරවල ඇති උළුවහු අතර ඇත් දතින් අලංකාර කළ උළුවහු හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ අතර රිදී විහාරයෙහි ඇත් දත් කැටයමින් යුත් උළුවස්සට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.
මහා විහාරයට උඩු අතින් ඇති උඩ විහාරයට පිවිසීමට ඇත්තේ පියගැට පෙළකි. එහි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන් ම බිතු සිතුවම් ද වේ. මෙහි ප්‍රධාන පිළිම වහන්සේ දොළොස් රියන් හිඳි පිළිම වහන්සේ ය. එම පිළිම වහන්සේට පිටුපසින් මකර තොරණක් නිර්මාණය කර ඇත. කලා විචාරකයන්ගේ අදහස නම් මෙය මෙරට ප්‍රකටම මකර තොරණ යන්න ය. විහාරය තුළ ඇති බිතු සිතුවම් අතර සත් සතිය, සූවිසි විවරණ, සොළොස්මස්ථාන ආදි සිතුවම් රැසක් වේ.
රිදී විහාරයේ සිතුවම් නිර්මාණයෙහි ගෞරවය සිත්තර පරම්පරා කීපයකට හිමිවන අතර මුල්ම සිතුවම් ඇඳීමේ ගෞරවය දෙවරගම්පළ සිල්වත් තැන නමැති සිතුවම් ශිල්පියාටත්, අනතුරුව එම කාරිය පැවරී තිබූ නිලගම පරම්පරාවේ සිතුවම් ශිල්පීන්ටත් හිමි වේ.
සෑ රදුන් වහන්සේලා දෙනමක් රිදී විහාරයෙහි වැඩ හිඳින අතර විහාරයට පිටුපසින් එක් දාගැබක් ද, සැරසුම්ගල කඳු මුදුනෙහි අනෙක් දාගැබ ද පිහිටා ඇත. දොළු කන්ද, රිටිගල කන්ද, ඇටිපොළකන්ද වැනි කඳු කීපයකින් රිදී විහාර කන්ද වට වී ඇත.
වට වන්දනාවේ යෙදෙන හෙළ ගැමියා රිදී විහාරය වන්දනා කිරීමට නිරතුරුව පෙළඹේ. කුරුණෑගල දිසාවෙහි රිදී විහාරය පිහිටා තිබෙන අතර රිදී විහාරයට මෙන්ම රිදීගමටත් රිදී සම්බන්ධ වනුයේ දුටුගැමුණු මහ රජු දවස සිට යැයි රසවත් කතාන්දරයක් ද වේ. රිදී විහාරය භූමියෙහි පිහිටි ගොඩනැගිලි අතරින් අනෙක් සියල්ලට වඩා වෙනස් ගොඩනැගිල්ලක් වේ. එය හැඳින්වෙන්නේ වරකා වැළඳූ විහාරය නමිනි.
රිදී විහාරය වඩා වර්ධනයට යොමුව ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා රිදී විහාරය ප්‍රතිසංස්කරණය කරවූ ආකාරය පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාවංශයෙහි දැක්වේ. රිදී විහාරයෙහි වැඩ වසන මහ සඟ පරපුර රාජසිංහ රජු දවස සිට පැවත එයි. එහි මූලිකත්වය ගෙන ක්‍රියාකරනු ලබන්නේ තිබ්බටුවාවේ මහ සඟ පරපුර විසිනි. එම රිදී විහාරයේ නායක පදවිය වත්මන්හි හොබවනු ලබන්නේ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි.
තිබ්බටුවාවේ මහ සඟ පරපුරෙහි ආරම්භය වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර මාහිමියන් දවස සිදු වූවකි. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වූ තිබ්බටුවාවේ ශි‍්‍ර සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ රිදී විහාරයෙහි පළමුනායක පදවිය මෙන්ම මල්වතු මහා විහාර පාර්ශ්වයෙහි පළමුවන මහානායක පදවිය ද හෙබවූහ. ශාසනික හා ශාස්ත්‍රීය වශයෙන් ද උන්වහන්සේගෙන් මහඟු මෙහෙවරක් සිදුවුණි. රිදී විහාරයෙහි නායක පදවිය දැරූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහා නායක මා හිමිපාණන් වහන්සේ, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ සහ පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේ ද මල්වතු මහා විහාර පාර්ශ්වයෙහි මහානායක පදවිය දැරූ අතිසම්භාවනීය සංඝපීතෘන් වහන්සේලා වන අතර වත්මන් රිදී විහාර නායක පදවිය හොබවන තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ වත්මන් මහානායක මාහිමිපාණන් වහන්සේ වෙති.
දෙස් විදෙස්හි සැදැහැවතුන් සඳහා සියලු පහසුකම් සහිතව නොමිලයේ විශ්‍රාම ශාලා පහසුකම් ද රිදී විහාරය මගින් සපයා ඇත.
රම්බඩගල්ල – මොණරාගල අසම සම සමාධි පිළිම වහන්සේ
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තලෙයිබාන් කුරිරු හස්තයට හසුවී විනාශ වීම දියතම කම්පා කළ මහා ඛේදවාචකයකි. එය බෞද්ධ දේශයේ ලාංකික සංවේදී මිනිසාගේ හදවත පසාරු කළ හී පහරක් සේ වූ අතර දැවැන්ත කඳු ගහණයක් මධ්‍යයේ වූ රම්බඩගල්ලටත් එය දැනෙන්නට විය. ඒ නිසාම රම්බඩගල්ල මොණරාගල විහාරස්ථානය වෙත මිනිස්සු සමූහයක් එකතු වූහ. ඒ අතර සිටි කොලු ගැටයකු මහ හයියෙන් කෑ ගසා පැවැසුවේ ‘ලොකු හාමුදුරුවනේ අපිත් මුස්ලිම් පල්ලි කඩල දාමු’ කියා ය. මේ පුංචි දරුවා තම ආවේගය එලෙස පිට කළේ අත්දැකීමෙන් මුහුකුරා නොගි කුඩා සිත ද කම්පනයට පත්ව තිබූ බැවිනි.
එවිට විහාරාධිපති එගොඩමුල්ලේ අමරමෝලි නා හිමියන්ගේ පිළිතුර වූයේ ‘ඉතිහාසයේ දී අපට කොතෙකුත් ගැහුවත් අප ආපසු හැරී නො ගහපු ජාතියක්’ බවයි. ‘ ඒ නිසා පල්ලි කඩන එක නොවෙයි අපි කරන්න ඕනෑ විනාශ වූ පිළිම වෙනුවට තවත් පිළිමයක් හෝ දහයක් හෝ හදන එකයි. පුළුවන්නම් කළු ගලෙන්ම පිළිමයක් හදමු’ කියා ය.
මේ උණුසුමෙහිම 2001 වෙසක් පෝය යෙදී තිබුණේ මැයි 5 වැනි දිනය. 3 වැනි දා කුඩා දරුවෝ විහාරස්ථානයේ දී සිල් සමාදන් වූහ. එදා දරුවන් සහ දෙමාපියන් එකතු වී මුදලක් එකතු කර විහාරාධිපතින් වහන්සේට පරිත්‍යාග කළේ ගල් පිළිමයක් සෑදීමේ කර්මාන්තයන්ට දිරිදීමක් වශයෙනි. මේ සිල්ලර කාසි සියල්ල ගණන් කළ විට එතන රුපියල් 1358 ක් එකතු වී තිබුණි. අද වන විට හයකෝටි පනස් ලක්‍ෂයක් පමණ වැය වී ඇති මෙම දැවැන්ත කාර්යය වෙනුවෙන් එකතු වූ මුල්ම පරිත්‍යාගය වූයේ පිවිතුරු කුඩා දරුවන්ගේ සිගිති දෑතින් මුදාහල ඒ රුපියල් 1358 ක බරපැණ ය.
ගල් පිළිමයක් සෑදීමට වැයවන මුදල කොතරම් දැයි නොදනිතත්, පිළිමයක් කෙසේ හෝ සෑදිය යුතුමයැයි ස්ථිරවම අමරමෝලී නා හිමි සිතේ පැළපදියම් වුනේ මෙම සිදුවීමත් සමඟය. දැන් ඉතින් කල්මරන්නට අවශ්‍ය නොවේ. අවශ්‍යය වන්නේ ප්‍රතිභාපූර්ණ ගල්වඩු ශිල්පියෙකි. ඇත්තෙන්ම එය නම් කෝටි ගණනක් මුදල් සොයනවාටත් වඩා අපහසු කාර්යයකි. ලංකාවේ මෙන්ම මෙතෙක් ලෝකයේ ඉදිවන අසමසම ශෛලමය බුද්ධප්‍රතිමාව සෑදීම අමරමෝලි හිමියන්ගේ අදහස විය. ඒ නිසාම එය නිර්මාණශිල්පියකුට අභියෝගයකි. එසේම ලක්බිමේ දී වසර අටසිය පනස් ගණනකට මෙපිට මෙවන් අසීරු කාර්යයක අද්දැකීම් නොමැති නිසා ගලෙන් වැඩක් කළ හැකි විශිෂ්ට ගණයේ ශිල්පියකු සොයා ගැනීම ද ලෙහෙසි පහසු කාර්යයක් නොවීය.
මෙතරම් මහත් වූ අභිගයක් හමුවේ සෙල් පිළිමය නෙලීමට ශිල්පියකු ද මෙම කාර්යයට දැවැන්ත මුදල් කන්දරාවකුත් නොමැතිව එහෙත් මොණරාගල මහ කන්දමෙන් නොසැලී නැගී සිටින දැවැන්ත චිත්ත ශක්තිය පමණක් රැගෙන අමරමෝලි නා හිමියෝ අවදියෙන් පසු වූහ.
කෙතෙකුත් ආරංචි පැමිණිය ද ඒ ඔස්සේ සතර දිග්බාගයේ ඇවිද ගිය ද ඉතිහාසයේ විකුම් පෑ අපගේ ගල්වඩු මුතුන් මිත්තන්ගේ පරපුරේ මුනුපුරෙකු මේ බිමේ දී සොයා ගැනීමට නොහැකිවීම ඇත්තෙන්ම අභාග්‍යයකි. මේ අතර හෝඩුවාවක් ලැබුණේ නුවරඑළිය රම්බොඩ ප්‍රදේශයේ කෝවිලක ගලින් නෙලූ මනා අංගලක්‍ෂණ සහිත හනුමාන් පිළිමයක් පිළිබඳව ය.
අමරමෝලි නා හිමි තවත් කීප දෙනකු සමඟ පිළිමය බලන්නට ගිය ගමනේ දී දේවනායගම් ඊශ්වරන් මහතා අප හිමියන්ට කෝවිලේ දී අහම්බයෙන් මුණ ගැසෙන්නේ දෛවය දායාද කළ තිළිණයක් පරිද්දෙනි. හනුමාන් පිළිමය කළ ශිල්පියා ගැන දැන ගන්නේ ඊශ්වරන් මහතාගෙනි. මෙම මූර්ති ශිල්පියා ලංකාවේ කෙනකු නොවේ. ඔහු මදුරාසියේ මුත්තයියා ස්ථපතිය. ඔහු සොයා දැන් මදුරාසියට යා යුතු ය. අමරමෝලි හිමියන්ට මදුරාසියට යාමට වීසා ගුවන් ගමන් ටිකට්පත ද සකසා දෙන්නේ ඊශ්වරන් මහතා ය. මදුරාසි හමුවට ඊශ්වරන් මහතාද එක් වෙයි. ඒ වන විට ස්ථපති මහතාගේ වයස අවු. 64ක් පමණ වෙයි. ඔහු ඇමරිකාව, එංගලන්තය, මැලේසියාව, බැංකොක් ආදි රටවල මූර්ති ශිල්පියකු වශයෙන් තම ප්‍රතිභාව ප්‍රකට කළ ඉන්දියාවේ ‘පද්ම ශ්‍රී’ හා ‘ශිල්ප කලාමනී’ ගෞරව නාමයන්ගෙන් ද උපහාර ලැබූ පාරම්පරික මූර්ති ශිල්පියෙකි.
මෙතුමා යටතේ හත් අට සියයක් පමණ නිර්මාණ ශිල්පීහු සේවය කරති. හාමුදුරුවන් පැවැසූ විස්තර අනුව අඩි 50ක පිළිමයක් සෑදීමට මෙම නිර්මාණ ශිල්පියා එකඟ වෙයි. ස්ථානය ඇසින් නොදුටුව ද යන මුදල අනුමාන වශයෙන් ගණන් සාදා ඔහු පවසන්නේ මෙම කාර්යයට ඉන්දියානු රුපියල් දශ ලක්‍ෂ දහයක් පමණ වැය වෙන බවකි. මුදල ගැන කිවූ පමණින් අමරමෝලි හිමියන්ගේ අධිෂ්ඨාන ශක්තිය ඉරි තලන්නට පටන් ගත්තේ පිළිමය සෑදීම වෙනුවෙන් තම අතේ ඇත්තේ එදා දරුවන් එකතු කර දුන් මුදල පමණක් බැවිනි.
ඊශ්වරන් මහතාට අප හිමියන්ගේ නොසන්සුන්කම මුහුණෙන් දැණුනු බැවින් ඔහු හිමියන්ගේ කනට කර පැවැසුවේ ‘ස්වාමීන් වහන්ස ගණන අපට ලාභයි’. ඒ ගැන තවත් කතා නොකරන ලෙසය. මෙම හමුවීමෙන් පසුව ස්ථපති මහතා මොණරාගල විහාරස්ථානයේ ගල් තලාව බැලීමට ලංකාවට පැමිණියේ ය. මහා භූමි ප්‍රදේශයක් වසා යෝධ හස්තිරාජයකු සේ නැඟී සිටි ගල් කුළ දැක ඔහු තම අත්ල මත බුද්ධ ප්‍රතිමාවක දළ සටහනක් ඇන්දේ ය. මෙම රේඛා සටහන දුටු අමරමෝලි නා හිමියන්ට සිතුනේ දෛවය විසින් ඉතාම සුදුසු ශිල්පියා තමාට මුණ ගස්වා ඇති බවය. ගල්තලාව දැකීමෙන් පසුව ස්ථපති මහතාගේ අදහස වෙනස් වී තීරණය කරගත් අඩි 50 ක පිළිමය අඩි 67.5 ක් දක්වා තවත් විශාල වෙයි. ඒ සමඟ වැයවන මුදල ඉන්දියානු රුපියල් දශ ලක්‍ෂ 5.3 ක් වේ යැයි ඔහු ඇස්තමේන්තු කරයි. මෙසේ පිළිමයේ ප්‍රමාණය විශාල වෙද්දී වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා අඩු වීමෙන් පෙනී යන්නේ ස්ථපති මහතා වවාගෙන නොකන ඉතා අවංක මිනිසකු බව ය.
ඇත්තෙන්ම ස්ථපති මහතාට අවශ්‍ය වූයේ වැඩේ උඩින් පල්ලෙන් ගසා අත පිසදාගෙන සල්ලි මල්ලක් කරේ තබාගෙන යාම නොවේ. ශිව, දුර්ගා, ක්‍රිෂ්ණා, හනුමාන් වැනි දැවැන්ත පිළිම සහ සුවිසල් කෝවිල් ආදිය පෙර අපර දෙදිග නිර්මාණය කර ඇති ඔහු ගේ ජීවිත කාලය තුළ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර නොතිබුණේ ය. මෙය ස්ථපති මහතාගේ ප්‍රථම බුදුපිළිම නෙලීම වන අතර ශිල්පියාගේ වයස අනුව ඔහු අතින් නිමැවෙන එකම බුදුපිළිම වහන්සේ ලෝකයේ අසමසම ශෛලමය සමාධි පිළිම වහන්සේ ලෙස තම අතින් නෙලීමට ලැබීම ඔහු ජීවිතයේ ලද පරම භාග්‍යයක් වන අතරම ඔහු එම අති දුෂ්කර අභියෝගය භාර ගැනීමට එඩිතර වූයේ ඔහු සතුව පැවැති පරිණතභාවය සහ ආත්ම විශ්වාසය පිළිබඳව ඔහුගේ හෘදසාක්‍ෂිය සැක නොකළ බැවිනි.
මෙම අසදෘශ මහා පිළිම වහන්සේ මිහිමතින් නැගී අහස්කුස සිසාරා දෙවි – මනුස්සයන්ගෙන් පුද සත්කාර ලබන විට ඒ අසහාය පිළිරුව නෙලූ ස්ථපති ගල් වඩු ශිල්පී නාමය ද සදානුස්මරණීය වනු ඇත. මේ මහා දැවැන්ත විශ්මකර්ම කාර්ය වෙනුවෙන් ආර්ථික වාසිය ඒකායන අරමුණ නොකර ගත් පිනට ස්ථපති නාමය ද පූජනීය වනු ඇත. මෙම පසුබිම් කථනය ස්ථපති නිමැවුම් ශිල්පියාගේ හදවත ඇමැතුවා විය හැකි ය. පිළිමය නෙලීම ආරම්භ වන්නේ 2002 සැප්. 13 වැනිදා ය. අනාගත ලෝකය විසින් ඉතිහාසය ආලෝකවත් කළ ස්වර්ණමය දි නයක් ලෙස මේ දිනය සටහන් කර තබනු ඇත.
ඒ සමඟ මහා ගල් පර්වතයේ බඳ අඩි 40ක් හරස් ගැඹුරට හැරෙයි. ගල් තලාව පතුල අඩි 17ක් යටට හෑරෙන අතර පිළිමයේ පෙර බිමෙහි අඩි 6ක් ගැඹුර රමණීය පොකුණක් ද තැනෙයි. එසේම පිළිමය ඉදිරිපස දැවැන්ත මළුව කළු ගල සම මට්ටම් කර සැකැසූ මහා වේදිකාවකි. මෙය නම් මහා වික්‍රමාන්විත රජවරුන්ගේ අභිමානය ද සසළ කරවන ඓශ්චර්යවත් කලා කෘතියකි.
ස්ථපති මහතා නිතර ලංකාවට පැමිණිය ද ඔහු කිසිදා මුදල් ගැන කතා නොකරයි. එතුමා සම්බන්ධ කර දුන් ඊශ්වරන් මහතා අදත් මේ දැවැන්ත කාර්ය පසුබිම වසා හිඳින යෝධ සෙවනැල්ලකි. අමරමෝලී හිමියන් පවසන්නේ දේවනායගම් ඊශ්වරන් නාමයේ පරිසමාප්තාර්ථයෙන්ම ඉටු දෙවියකු බවත් ස්ථපති මූර්ති ශිල්පියා බෝධිසත්ව ගුණ සපිරි උතුම් මිනිසකු බවත් ය. මෙතෙක් කෝටි 6 1/2 ක් පමණ මුදල් කන්දක් මෙම දැවැන්ත කාර්ය වෙනුවෙන් වැය කර ඇත්තේ ව්‍යාපාරික ප්‍රජාව, දානපති පරිත්‍යාගශීලීන් මෙන්ම දුප්පත් මිනිසුන් තම ශක්ති ප්‍රමාණයෙන් හරි හම්බ කළ ධනයෙනි. පුරා වසර 11 ක් තුළ මොණරාගල මහකළු ගල මුදු මොළොක් කිරීමට තරම් දහඩිය ශ්‍රමය වැගි දස දහස් ගණනක සැදැහැවත් මිනිසුන්ගේ ශ්‍රම දානයට මිලක් නියම කළ නොහැකි ය. කුරුණෑගල ද දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ පිහිටි මොණරාගල විහාරස්ථානයට පැමිණිය හැක්කේ කුරුණෑගල සිට නුවර පාරේ කි.මී. 4 ක් පමණ පැමිණ මල්ලවපිටිය හන්දියෙන් වමට හැරී කැප්පිටිගල පාරේ තවත් කි.මී. 20 ක් පමණ ගමන් කිරීමෙනි.
මෙම පිළිමය නෙලීමේ කාර්යයේ නියැලී සිටින්නේ ඉන්දියාවේ ද්‍රවිඩ හින්දු භක්තිකයන් වීම විශේෂිතය. ද්‍රවිඩ ත්‍රස්තවාදී භීෂණයෙන් මේ බිම ගිනිගෙන දැවුණු වකවානුවේ ඉන්දියානු ද්‍රවිඩයන් මෙහි පැමිණෙන්නේ වෙනත් ආගමික නායකයකුගේ ප්‍රතිමාවක් නෙලීම සඳහාය. ඔවුන් එසේ ආගම් භේද නොසලකා මෙම කාර්යයට අත ගසා ඇත්තේ දැඩි භක්තියෙනි. ඔවුන් වැඩ බිම දකින්නේ පූජාසනයක් පරිද්දෙන් බව අමරමෝලි හිමියෝ පවසති.
ජාති කුල ආගම් බේද මේ මොණරාගල මහා පරුවතය මතදී බෝර වැටී කුඩු පට්ටම් වී ඒ මහා ගිරිකුළ මතින් වෑහෙන්නේ වර්ණභේද කුල මල නොමැති සදාතනික වූ උත්තම ගුණ කදම්භම ය. තම ජාතියේම කුරිරු නරුමයන් හිසට හිසක් ලෙයට ලෙයක් ඉල්ලූ එදා ඒ උණුසුම් වටා පිටටාවේ දී මේ ද්‍රවිඩ සහෘද කලාකරුවෝ හෘදයාංග බවෙන් පිරි ළතෙත් ගුණ, හද සිසිලස රැගෙන මේ බිමට පැමිණයහ.
එදා ධාතුසේන, පරාක්‍රමබාහු, අග්ගබෝධි වැනි නිරිඳුන්ගේ නාමයන් සෙල් පිළිම ඉදිරිපස ලියැවෙන විට මෙතෙක් ලෝකයේ ඉදිවන අසමසම මොණරාගම සමාධි පිළිම වහන්සේ අබියස සදාතනික සිහිවටන ඵලකයේ ස්වර්ණමය අක්‍ෂරයෙන් එගොඩමුල්ලේ අමරමෝලි නාමය ලියැවෙනු ඇත.
තව වසර දහසකදී වුවත් මතු පරපුර මල් දෝතක් මේ අසදෘශ සම්බුද්ධ ප්‍රතිමාවේ පාදපද්මය අසළ තබා වැඳ නමස්කාර කරන විට මේ මහා ප්‍රතිමාව වෙනුවෙන් ශ්‍රමය ධනය තම නිර්මාණ ශක්තිය දානයක් සේ ප්‍රදානය කළ මිනිසුන්ගේ නාමයට ද එය පූජෝපහාරයක්ම වනු නියත ය. (Currently the construction was completed)
Thank you for reading !