Quantcast
Channel: One Day – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 598

Visit to Kohonawala (කොහොනාවල)

$
0
0
Year and Month  31-March-2018
Number of Days  Two
Crew  05
Accommodation  N/A
Transport  Public Transport
Activities  Hiking, Nature Exploring, Photography, Sightseeing
Weather  Good
Route  Colombo -> Avissawella -> Ratnapura -> Balangoda -> Haputale -> Badulla ->
Passara -> Madulsima Road ->Madolsima ->Verallapatana Tea Factory
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Beware of narrow and slippery foot path
      • Beware of rock falling
      • Ask the directions from local
      • Do not disturb to the villagers
      • Do not litter
      • Leave only footprints
Related Resources  Article by LankaNews
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • Visit to Kohonawala (කොහොනාවල)

අඩි 4500ක බෑවුමේ පිහිටි අඩුවෙන්ම ඉර පායන ගම්මානය

පවුලක පැතුම් හිස බර දරාගෙන කරුණෙ අයියා වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ ඔහුට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තමතමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩො හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්‍රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. අයස්කාන්ත කඳු වලල්ලකින් වටවූ මේ හුදෙකලා ගම්මානය ගැන දන්නෝ අතළොස්සකි.උදාහරණයක් කිවහොත් බදුල්ල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන් පවා මේ හුදෙකලා කුඩා ගම්මානය ගැන දන්නේ නැත.

Kohonawala marked in Metric Maps and see the near by mountains

Terrain view to identify the elevation gap. (RED) Trail head at 1300m and (YELLOW) Kohonawala situated near 550m and Loggal oya (BLUE) at 350m

See the location of Kohonawala with surrounding mountain range. Village is fully covered by giant mountains

The exact path to Kohonawala from Verallapathana tea factory

Satellite view of a part of Kohonawala houses and the Temple, School

Trail starting from here

Estate

Tea Factory

Nature

දිනෙන් දින දියුණුවනවායයි පාලකයන් විසින් දිවුරමින් පාරම්බාන අපේ රටේ මෙවැනි හුදෙකළා ගම්මානයක් පිහිටා ඇති වග කියන විටද ඔබ තිගැස්සෙනු නො අනුමානය. පවුල් හතළිස් අටක, පරම්පරා තුනක, හාරසියයකට නො වැඩි ජනගහනයකින් සැදුම්ලත් මේ සුන්දර එහෙත් දුෂ්කර ගම්මානයට ප්‍රවේශ මාර්ගදෙකකි. ඉන් බහුලව භාවිතවන මඩොල්සිම තෙක් වැටී ඇති අඩිපාර කිසිඳු මොහොතක සංවර්ධනය කළ නොහැකි ස්වභාවික බාධකවලින් යුතු දුෂ්කර සුන්දර මාර්ගයකි.නමුත් මේ ගමට පැමිණීමට ගැමියන් භාවිත කරනු ලබන අනෙක් මඟ වන කහටරුප්පෙ මාර්ගය මීට කලකට ඉහතදී සකසන ලද්දකි. මේ මාර්ගය කහටරුප්පේ සිට පැමිණ ලොග්ගල්ලාඔයෙහි එක් ඉවුරකින් අවසන් වේ.

රෝහලක් හෝ ජංගම වෛද්‍යමධ්‍යස්ථානයක්වත් නොමැති මේ ගම්මානයේ අයකු අසනීපවුවහොත් එක්කෝ කඳු නැඟ මඩොල්සිමට යා යුතුය. නැතහොත් ගඟ තරණයකොට කහටරුප්පෙ නගරයට යා යුතුය. උණ ගසක බැඳි පුටුවක ආධාරයෙන් රෝගියා වෛද්‍යවරයකු වෙත ගෙනයාමට අවම වශයෙන් ඔවුනට පැය හතරකට නොඅඩු කාලයක් ගත වෙයි. මේ ඒ ගමේ හැටිය. පහ වසර තෙක් පන්ති පැවැත්වෙන ගමේ පාසල දරුවන්ට සුවිසල් දැනුම හෙවණක් තනාදී ඇත්තේ විදුහල්පතිවරයාට පින්සිදුවන්නටය. පහ වසරින් පසුව මේ දරුවන් යායුත්තේ කහටරුප්පෙ නගරයේ පාසලටය. එය අතිශය දුෂ්කර ගමනකි‍.

New name board of the school

Surrounding

Beginning

A Famous bathing place

More to go

Butterfly

Flowers

More flowers

Madolsima Dunhinda Fall

Went to the bottom of it

She is bit tall

Madolsima Dunhinda

Lower cascades

Normal view

Beauties

Mountains

There are lot of mountains

Should go to the bottom

Another one

Nature

More to see

Some giants

Grassland

Nature

More views

Met it

Might be a තුරු හාල් දණ්ඩා

More to go

කොහොනාවල හුදෙකලා දුෂ්කර ගම්මානයක් වුවද මේ ගමෙහි කටුමැටි බිත්තියෙන් යුතු ගෙවල් කිසිවක් දක්නට නොලැබේ. කොතරම් ආර්ථික අපහසුතා තිබුණද, ගැහැට සමඟ ගැටෙමින් දුක සමඟ පොරබදිමින් බාධකවලට බාධා පමුණුවමින් ඔවුන් දියුණුවන ලොව සමඟ ස්වංපෝෂිතව නැඟී සිටීමට උත්සාහ ගනිති. ඔවුන් ආධාර නොඉල්ලති. පින් පඩි නො අයදිති. රජයේ රස්සා ඉල්ලා නොයති.ලැබෙන දෙයින් සතුටුවන මේ අව්‍යාජ ගැමියන් එකමුතු මුතුමෙන් රකිති.අගයති.

නිරතුරුවම ආගන්තුක සද්කාරයන්ගෙන් පිරි මේ සුන්දර ගැමියන් තම ගමට පැමිණෙන ආගන්තුකයන් හද පිරි උණුසුමින් පිළිගනිති.

අනෙකුත් ගම්මාන අතර මෙම ගම්මානය සුවිශේෂ වන්නේ මෙම ගමට ඉර පෑයීමේ සහ ඉර බැස යාමේ රටාව අනුවය.මෙම ගම්මානයට ඉර එළිය වැටෙන්නට ආරම්භ වන්නේ උදෑසන 10- 11 අතර කාලයේය.එසේ මෝදුවන ඉර හරි හැටි එළිය දෙන්නේ මැදියමට ආසන්නවය.ඉන් පසුව ඉර සවස 4-5 අතර බැසයන්නේ මේ ගම්මානය කළුවර කරමින් ය.මීට හේතුව මේ ගම්මානය කඳුවලල්ලකින් වටව අඩි 4500ක් පමණ බෑවුමක පිහිටා තිබීමය.

Getting down

Green valley

These are their daily pathways

Ambalama seen

The Ambalama

For devotees

More views

Pine Apples

Some houses seen

Part of Kohonawala houses

The Path

Narrow path

Nature

More to go

Near to the school

Beauties

An Entrance

Mountains

Mushrooms

More to go

We are close

More

Cross it

Another famous bathing place

Slow shutter

Streams

Reached

Beauties

මේ ගම්මානය පිළිබඳ ඉතිහාසය බොහෝ රසවත් ය.1818 කැරැල්ලේදී සටනට සහය පළකළ රණකාමීන් වූ රන්පත්මුදියන්සේ පරම්පරාව මෙම ගම්මානයේ සැඟවී ඇත.එදා සිට කොහොනාවල ජනාවාසයක් වූ අතර ඒ කතාන්දරය සනාථ කරමින් අදටද මේ ගම්මානයේ ජීවත්වන්නේ රන්පත්මුදියන්සේ පරපුර පමණකි.

මෙම ගම්මානයට පන්සලක් තනන්නේද මෑත කාලයේදීය.ඒ ඔලබොඩුවේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ මේ ගමට වැඩම කළ පසුවය.මේ ගම සැබෑවටම රටට ලෝකයටම ආදර්ශයක් ය.මේ ගමේ ස්වයංපෝෂිත මිනිසුන් කාටවත් බරක් නැත.තමන්ගේ ජීවන බර තමන් විසින්ම කරතබාගෙන ඔවුන් යන්නේ ඉදිරියටමය.ඒ දිරියෙන් යන ගමන ඉතා සාර්තකය.

Under construction

The only place

Cultivation

Rocky plains

Streams

Nature

Summits but near to the main roads

Beautiful

Another village waterfall

Kohonawala Ella

Slow Shutter

Lower Kohonawala Falls

Hills

Nature

Drop

Another one

Slow shutter

Zoomed view

Kohonawala Fall II

More to go

Entered

Village

A House

Nature

Environment

Amazing Environment

Beauties

Streams

A Temple far away

Village foot path

More to go

Nature

Under Construction

Over the Oya

Butterfly

Where we came from

More

And more

There were lot

Near by Mountains

Another beauty

Nature

Nature

Final Capture

Surrounding Environment

Thank you for reading !

Sobasiri Team ©


Viewing all articles
Browse latest Browse all 598

Trending Articles