Year and Month | June-2020 |
Number of Days | One |
Crew | 02 |
Accommodation | N/A |
Transport | Motor Cycle |
Activities | Hiking, Photography, Sightseeing, Nature Exploring, Pilgrimage |
Weather | Perfect |
Route | Colombo -> Piliyandala -> Bandaragama -> Widiyagoda -Weedagama Road -> Weedagama Tank |
Tips, Notes and Special remark |
|
Related Resources | Visit to Pokunuwita Rajamaha Viharaya Temple |
Author | Ranshan Fernando |
Comments | Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
|
දිගු ඉතිහාසයකට උරුමකම් කියන බණ්ඩාරගම
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බණ්ඩාරගම දිගු ඉතිහාසයකට උරුමකම් කියන සශ්‍රීක ප්‍රදේශයකි. වර්තමානයේ කළුතරට කොළඹට හොරණට සහ පාණදුරට ගමන් කිරීමට හැකි හතරමං හන්දියකින් යුතු නගරයකි.මුලින්ම බණ්ඩාරගමට බණ්ඩාරගම යනුවෙන් ව්‍යවහාර කිරීමට හේතු වූ ග්‍රාම නාම්‍ය සොයා යෑමේදී රජුගේ භාණ්ඩාගාරය පිණිස වෙන් කරනු ලැබූ නගරය භාණ්ඩාර ග්‍රාමය හෙවත් භාණ්ඩර මුල්ල නමින් ප්‍රකට වී රාජකීයන්ගේ නිත්‍ය වාස භූමිය වූයෙන් භාණඩර මුල්ල පසු කාලීනව සුඛෝච්චාරණයේ පහසුවට බණ්ඩාරගම නමින් අමරණීය වූ බව පැරැන්නෝ පවසති.
ඓතිහාසික රයිගම් රාජධානියේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ මේ බණ්ඩාරගම බව මෙහි සංචාරය කරන ඕනෑම අයකුට අදත් දැකගැනීමට හැකිය. පහතරට තෙත් කලාපයට අයත් වුවද අනුරපුර පොලොන්නරු ප්‍රදේශවල ඇති දියුණු වාරි ශිෂ්ටාචාරයට සමාන වාරි ශිෂ්ටාචාරයක් රයිගම් රාජධානියටද උරුම වී ඇත. විශේෂයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් වැව් 6 කින් සමන්විතව ඇත.
1 උයන්වත්තේ වැව
2 වල්ගම වැව
3 වෑවිට වැව
4 ගම්මන්පිල වැව
5 අලුත්ගමකුදු වැව
6 පන්සල් වැව
යනුවෙන් ඕනෑම රටක සමෘද්ධිමත් බව සමඟ දියුණ සාහිත්‍යයට උරුමකම් කීමට හැකි විශිෂ්ට ගණයේ උගතුන් බිහිවීම වැළැක්විය නොහැකිය. රයිගම් රාජධානියේ වීදාගම ගණානන්ද පිරිවෙන් අධිපති වීදාගම මෛත්‍රී හිමියන්ගේ විශිෂ්ට කෘති ඒ යුගයේ සාහිත්‍ය දියුණුවට ඇති ප්‍රබල සාක්ෂියකි. උන්වහන්සේ විසින් රචනා කරන ලද ලෝ වැඩ සඟරාව, බුදුගුණාලංකාරය, එළුඅත්තනගලුවංශය ආදී කෘති රාශියකි. බුදුගුණාලංකාරයේ වීදාගම මහ වෙහෙර ගැන සඳහන් කොට ඇත්තේ මෙසේය.
දින දින නොඅඩු දින පුද පැවති මනහර
දනමන රඳන සැදි ගෙඋයන් සිරිත් සර
වැජඹෙන පසිඳු මහ රයිගම්පුර අතුර
බබළන සොඳුරු වීදාගම මහ වෙහෙර
කොටගමුවේ විජයබා පිරිවෙන්පති ෂඩ්භාෂා පරවෙම්ශ්වර තොටගමුවේ රාහුල හිමියන්ද වීදාගම මෙත් තෙරුන්ගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමක් බව ප්‍රකටය. රයිගම් රාජධානියේ අතීතය සොයා යෑමේදී හමුවූ පතහාවත්ත පුෂ්කරාරාමාධිපති දීයකඩුවේ සෝමානන්ද හිමියන් ඒ ඉතිහාසය ගැන කරුණු පැවසුවේ මේ ඇසුරිනි.
රයිගම අද කුඩා ප්‍රදේශයක් වුණත් ඈත අතීතයේ නිරිත දිග සහ දකුණු ප්‍රදේශ මුළුමනින්ම පාලන කළ ප්‍රාදේශීය රාජ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබෙනවා. කුරුණෑගල හා ගම්පොළ රාජධානි සමයේ V වන බුවනෙකබාහු වැනි රජවරුන් නිසා පිරිහී ගිය සිංහල රාජධානියට යාපනේ රජකම් කළ ආර්යචක්‍රවර්තී කියන ප්‍රාදේශීය රජුගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති නිසා විවිධ තර්ජන ගර්ජනවලට මුහුණපාමින් සිටියදී බටහිර හා නිරිත දිග වෙරළ ඔස්සේ කොළඹ දක්වා පැතිරෙමින් තිබූ ආර්යචක්‍රවර්තිගේ පාලන බලය නැවත යාපනය දක්වා සීමා කිරීමට ඉදිරිපත් වූයේ අලකේශ්වර හෙවත් අලගක්කෝනාර නම් රයිගම පාලනය කළ ප්‍රාදේශීය රජතුමා තමයි කුරුණෑගල රජකම් කළ IV වැනි පරාක්‍රමබාහු රජතුමා තම රාජගුරු මහ තෙරිඳුට වීදාගම ශ්‍රී ගණානන්ද පිරිවෙන් විහාරය පූජා කළ අවදියේ මේ ප්‍රදේශයේ රාජකීයන් විසූ දියුණු නගරයක්ව පැවති බවත් එය රයිගම්පුර යනුවෙන් මහාවංශයේ සඳහන් වෙනවා. අලකේශ්වර ඇමැතිවරු යටතේ රයිගම රාජ්‍යය මීට ආසන්න කාලයක බිහිවී තිබූ බව ක්‍රි.ව. 1344 දී මෙරටට පැමිණි ‘ඉබන් බතුතා’ නම් මුස්ලිම් සංචාරකයාගේ වාර්තා සටහනින් මේ බව පෙන්වා දීලා තිබෙනවා. ඔහුට අනුව තමා දුටු ‘අල්කෝනාර්’ (අලගක්කෝනාර) රටේ ප්‍රධාන අධිරාජ්‍යයකු ලෙස බලවත්ව සිටි බවත් ඔහු තමන්ගේ ගමන් බිමන් සඳහා අභිමානවත් සුදු ඇතකු යොදාගත් බවත් ඔහු විසූ ‘කෝනකර්’ (රාජගාමපුර) විසිතුරු නගරයක් බවත් කියා තිබෙනවා.
යාපනයේ ආර්ය චක්‍රවර්තී රජුට එරෙහිව යුද වැදීමට ප්‍රභූරාජ අලකේශ්වර කෝට්ටේ දියවන්නා ඔය ආශ්‍රිතව ශක්තිමත් බළකොටුවක් හැදුවා. මේ බළකොටුව ගැන නිකාය සංග්‍රහයේ මෙන්ම අලකේශ්වර යුද්ධය නැමැති ග්‍රන්ථවලත් සඳහන් වෙනවා. මේ බළකොටුව ඉදිකළ වහාම යාපනයේ රජු සමඟ යුද වැදුණු ප්‍රභූ අලකේශ්වර සිංහල බල ප්‍රදේශවල තිබූ ආර්්‍ය චක්‍රවර්තිගේ බළකොටු සියල්ල විනාශ කොට ඒ ප්‍රදේශ මුදවා ගැනීමට ක්‍රියාකරලා තිබෙනවා. ගොරකාන පාණදුර දක්වා බටහිර වෙරළේ තිබූ ආර්ය චක්‍රවර්තිගේ බළකොටු සියල්ල මුළුමනින්ම විනාශ කිරීමට අලකේශ්වර සමත් වෙලා තිබෙනවා. ප්‍රභූ රාජයන් ඉටුකළ මේ උත්කෘෂ්ඨ මෙහෙවර ගැන මයුර සංදේශයේ මෙන්ම නිකාය සංග්‍රහයේ පවා සඳහන් වෙනවා.
රට සාමකාමී දේශයක් බවට පත් කළ ප්‍රභූරාජ පිරිහී ගිය බුදු සසුන රැක ගැනීම සඳහා 1369 ශාසන සංශෝධනයන් කරලා තිබෙනවා. වීදාගම මෛත්‍රී මාහිමියන්ගේ මූලිකත්වයෙන් තමයි ශාසන සංශෝධනය කරලා තියෙන්නේ විශේෂයෙන් නිර්මල බුදු දහම රැක ගැනීම අරමුණින් තමයි මේ ශාසන සංශෝධනය කරලා තියෙන්නේ.වසර 25ක පමණ වූ ප්‍රභූරාජ රජතුමාගේ දීප්තිමත් පාලන කාලයෙන් පස්සේ ප්‍රභූරාජ ධුරය සඳහා අලකේශ්වර පවුලෙ හටගත් ගැටුම් හේතුවෙන් රයිගම් පුර රාජ්‍යය පිරිහෙන්නට පටන් ගත්තා. කුමාර අලකේශ්වර, වීරබාහු, විජය ඈපා, තුනුයේස, වීර අලකේශ්වර යන කුමාරවරු අතර පැවැති ගැටුම්වල අවසානය වූයේ වීර අලකේශ්වර සිරකරුවකු වශයෙන් චීනයට රැගෙන යාමයි. අපේ රට අාරාජික වූ සෑම මොහොතකම බෞද්ධ භික්ෂූව එය රැක ගැනීමේ වගකීම දිවිහිමියෙන් භාරගත්තා. ඒ අනුව මේ අවස්ථාවේ පෙරමුණ ගත් වීදාගම විහාරයේ වැඩසිටි මාහිමි තුමාගේ සෙවණෙහි ඇති දැඩි කළ රාජවංශික සිහසුනට පත් කරගනු ලැබුවා. පසුකාලයේ 1415 කෝට්ටේ රාජධානියේ දෙවන වර අභිෂේක ලබනතුරු 6 වැනි පරාක්‍රම බාහු රජතුමා 1412 – 15 දක්වා වසර 3ක් රජකම් කරන ලද්දේ රයිගම් පුර රජු වශයෙනි. අවසන්වරට මුළු දිවයිනම එක්සේසත් කොට දීප්තිමත් යුගයක් බිහිකිරීමට 6 වැනි පරාක්‍රමබාහු රජුට මඟ පෑදුවේ රයිගම ප්‍රභූරාජ අලකේශ්වරයන් ඉදි කළ කෝට්ටේ බළකොටුව නගරය තමයි.
විශේෂයෙන් පරාක්‍රමබාහු කුමාරයාට කවා පොවා ඇති දැඩි කරමින් ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් රාජ්‍යත්වය දක්වා රැගෙන ඒමේ ගෞරවය ඉතිහාසය විසින් වීදාගම මා හිමියන්ට ලබාදෙනු ලැබ තිබෙනවා. එය මුළුමහත් භික්ෂු පරපුරටම ලබාදී ඇති ආදර්ශයක් මෙන්ම ගෞරවයක්.
රයිගම් පුර රාජධානියේ අවසන් යුගය වන්නේ 1521 බලයට පත් රයිගම් බණ්ඩාර රාජ යුගයයි. කෝට්ටේ සිහසුනට ඇතිවූ බල අරගලයේදී 7 වන විජයබාහු රජු මරා බලය ලබාගත් බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ යන සහෝදර තිදෙනා පිළිවෙළින් කෝට්ටේ, රයිගම්පුර, හා සීතාවක යන රාජ්‍ය තුනේ බලයට පත්වුණා. මෙකල නිතර පෘතුගීසින් සමඟ යුද වැදුණු සීතාවක රජකම් කළ මායාදුන්නේ සමඟ එකතුවී රයිගම් බණ්ඩාරද සහාය වෙලා තිබෙනවා. නමුත් රයිගම් බණ්ඩාර සීතාවක රාජසිංහ රජු තරම් රණශූරයකු නොවූ බව ඉතිහාසය පෙන්වා දෙනවා. සීතාවක රාජසිංහ මෙන්ම පස්ෙයාදුන් කෝරළය රාජ්‍යය කරගෙන සටන් කළ වීදිය බණ්ඩාර තරම් රණශූරයෙකු නොවූ රයිගම්බණ්ඩාර තමන්ට හැකි පමණින් පෘතුගීසින්ට විරුද්ධව සටන් කරලා තිබෙනවා. 1539 – 40 දී පමණ රයිගම් බණ්ඩාර මියයාමත් සමඟ රයිගම්පුර රාජධානිය සීතාවක රාජධානියට ඈඳා ගැනීමත් සමඟ රයිගම් පුර රාජධානිය අවසන් වෙලා තිබෙනවා.
රයිගම රාජධානියේ පුරාවස්තු ගැන සඳහන් කෙළාත් අනුරාධපුර යුගයේ තියෙන්නේ කළු ගල්වලින් කරන ලද නටබුන් තමයි. පොලොන්නරුව ගත් කළ ගඩොල්වලින් කරන ලද විහාරාරාම හා රජවාසල්වල නටබුන් තමයි හමුවන්නේ. නමුත් රයිගම් රාජධානියේ කබොක් ගල්වලින් කරන ලද ප්‍රකාරයක් තිබෙනවා දැනට කොතලාවල පතහවත්ත පුෂ්කරාරාම විහාර සංකීර්ණය වටා ඇති කබොක් ගල් ප්‍රාකාරය දැන් ෙශ්‍ෂ වෙලා තිබෙන ස්මාරකය තමයි. අද ඒක පුරාවිද්‍යාවේ රක්ෂිත ස්මාරකයක් වෙලා තිබෙනවා. තවත් වැදගත්ම ස්මාරකයක් වශයෙන් පෙන්වා දීමට පුළුවන් රාජකීයන් දියනෑමට භාවිත කළ විශාල පොකුණ කබොක් ගලින් බැඳ ඇති මෙය පසෙන් දෙන පීඩනයට සුදුසුවන ලෙස පිටතට නෙරා තිබෙනවා. මේ ‘පතහ’ නිසා පසුකාලීනව මේ ප්‍රදේශයට පහතවත්ත යන නම ප්‍රකට වූ බව සිතන්න පුළුවන්. උයන්වත්ත වැවෙන් පිරිසිදු ජලය පොකුණට ලැබෙන පරිදි මෙය ඒ කාලේ සකස් කරලා තිබෙනවා. බණ්ඩාරගමට අයිති ගම්මානවල බොහෝ දුරට ජීවත්වෙන්නේ පෙර රජ දවස විවිධ කර්මාන්තවල නියැළුණ අයගෙන් පැවත එන පිරිසක්, ඒ නිසා ඔවුන් විවිධ ක්ෂේත්‍රවල නිපුණත්වයකින් පිරිච්ච මිනිස්සු. විශේෂයෙන් රටේ යුද වාතාවරණයක් පැවැති නිසා ආයුධ නිෂ්පාදන ඉතා ඉහළින් තිබුණු අතර ආයුධ නිෂ්පාදනයේ නිපුණතා දැක්වූ පිරිස් වලින් අඩුවක් වෙලා නැහැ. ඒ අනුව දක්ෂ කම්මල්කරුවන් අදටත් ඉන්නවා. රන්කරුවෝ මෙන්ම රජමාලිගාවට මල් සැපයූ අයත් ඉඳලා තිබෙනවා. විශේෂයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා මේ රටේ කෝලම් නැටුම් කලාව අධ්‍යයනයක් සඳහා බණ්ඩාරගම තෝරාගෙන තිබුණේ ඉපැරණි කාලයේ සිට ඒ නැටුම් කලාව මේ ප්‍රදේශයේ ජනතාව අතර ප්‍රචලිතව පැවැතුණ නිසයි. මේ අය රජමාලිගයේ රාජකීය පිරිස වෙනුවෙන් නැටුම් කලාව ප්‍රගුණ කළ අය තමයි. සිංහල වෙදකම ඉතාම හොඳින් දැනගත් පිරිසක් බණ්ඩාරගම අවට ගම්වල ජීවත්වෙලා තිබෙනවා. වීදාගම කැඩුම් බිඳුම් වෙදකම මෙන්ම පීනස් රෝග සඳහා ද වීදාගම වෙද පන්සල ඉතාම ප්‍රසිද්ධයි. බණ්ඩාරගම අවට ගම්මානවලින් උපත ලැබූ යතිවරයාණන් වහන්සේලා අතර ධර්ම භාණ්ඩාගාරයක් බඳු වූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන් උපත ලැබූ රේරුකාන ගම බණ්ඩාරගමට අයිති ගමක්. සටන්කාමී ඉතිහාසයකට උරුමකම් කියූ ජනතාවක් වාසය කළ බණ්ඩාරගම තවමත් ඒ අභිමානය ඔස්සේ ගමත් පන්සලත් අතර අවියෝජනීය සබඳතාවක් පැවැතීම සතුටට කරුණක් බව උන්වහන්සේ අවසන් වශයෙන් පැවසූහ.
සරත්චන්ද්‍ර මද්දුමගේ බණ්ඩාරගම බැලන්තුඩාවේ උපත ලද අයෙකි ඔහු බණ්ඩාරගම අතීතය ගැන තොරතුරු පැවසුවේ මේ අයුරිනි.
වී ගොවිතැන මුල් කරගත් සමාජ රටාවකට උරුමකම් කියූ ජනතාවක් තමයි මේ ප්‍රදේශයේ ඈත අතීතයේ ඉඳලා ජීවත් වෙලා තියෙන්නේ. කරත්ත රස්සාව ඊට අමතරව කරලා තියෙනවා. ගැලණිගම අද ප්‍රසිද්ධ ගමක් අද ගැලණිගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අධිවේගී මාර්ගයේ ප්‍රවේශ මාර්ගයක් තිබෙන නිසයි. නමුත් අෑත අතීතයේ ගැල්කරුවන් විශාල පිරිසක් ජීවත්වූ ප්‍රදේශය ගැලනිගම වෙලා තියෙනවා. ‘අට්ටලාගාම’ කියන ගම තමයි අටුළුගම වෙලා තියෙන්නේ. පෙර රජදවස මුර අට්ටාලයක් තිබූ නිසා එම ගම අට්ටාල ගාම වෙලා ඊට පස්සේ අටුළුගම බවට පත්වෙලා තිබෙනවා. වී ගොවිතැන් කරලා බත සරි කර ගන්නවා. ඊළඟට පරදේශක්කාරයන්ට විරුද්ධව යුද්ධ කරනවා. වැව් හදනවා. පන්සල් හදනවා මෙවැනි උතුම් ශිෂ්ටාචාරයක් අපේ බණ්ඩාරගමට ඒ කාෙල් ඉඳලා තිබිලා තියෙනවා. අතීතයේ අක්කර 140ක වපසරියකින් යුතු උයන්වත්ත වැව අද වන විට කුඹුරු අක්කර 350කට අධික ප්‍රමාණයක් මේ වැවෙන් පෝෂණය වෙනවා. මේ වැව සමීපයේම රාජකීයන්ගේ උයන පැවැති නිසා උයන්වත්ත ලෙස ව්‍යාවහාර කරන්න පටන්ගෙන තිබෙනවා. වැවේ බටහිර දෙස ඇති ස්ථානයක් ‘අග්‍රනාන පොකුණ’ නමින් හැඳින්වෙනවා. මෙය රාජකීය අසුන් නාවන ස්ථාන වශයෙන් පිළිගැනීමට පුළුවන්.
සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් පසු මුලින් අපි අයිතිවූයේ පාණදුර ආසනයටයි. පසුව බණ්ඩාරගම ආසනය බවට පත් වුණා. මා දන්නා කාලේ හර්බට් වික්‍රමසිංහ මහත්තයා බණ්ඩාරගම මහජන නියෝජිතයා වුණා. ඊට පස්සේ 1977 දී රාජා සමරනායක මහත්තයා එජාපයෙන් බණ්ඩාරගම ආසනය ජයග්‍රහණ්‍ය කළා. තිලක් කරුණාරත්න මහතාද මේ ආසනය නියෝජනය කළා. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ලේකම්වරයකු වූ ටියුඩර් දයාරත්න මහතාද ප්‍රදේශයේ ජනතාව අතර හිටපු හොඳ ෙද්ශපාලනඥයෙක්. බණ්ඩාරගම ආසනය නියෝජනය කළා වගේම අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයෙකු වශයෙන් ක්‍රියා කළා. බණ්ඩාරගම ආසනයේ ජනතාව ප්‍රගතිශීලී අදහස් දරන පිරිසක් තමයි. බණ්ඩාරගම ගම්සභාවට ඡන්දේ ඉල්ලූ කිරිඇල්ල මහතාගේ ප්‍රත්‍රරත්නයක් තමයි වර්තමාන උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බණ්ඩාරගම වැසියෙක්. ඒ කාලේ විදාගම වලව්ව ඒ මහතාගේ නිවෙස තමයි.
කලාකරුවන් අතර වීදාගම මල්වත්ත කියන ගමේ උපත ලද යූ.ඩී. පෙරේරා සංගීතඥයකු මෙන්ම හොඳ ගීත රචකයෙක් ද වුණා. මොහිදින් බෙග් ගායනා කළ ‘කරුණා මුහුදේ නාමු ගිලීලා’ යන ගීතයත් ‘සිළුමිණ සෑය වඳිම්’ යන ගීතයත් ආදී ගීත රැසක් රචනා කරලා තිබෙනවා. ඊළඟට අපේ ප්‍රදේශයේ දක්ෂ බෙර වාදකයෙක් ඒ කාලේ හිටියා ඔහුගේ නම සන්දොරිස් ජයරත්න. ඔහුගේ බෙරවාදනවලට රාජ්‍ය සම්මාන පවා හිමිවෙලා තිබෙනවා.
අදටත් අපේ ගම්වල ජීවත්වන වැඩිහිටියන් සරල සැහැල්ලු දිවි පැවැත්මට හුරු පිරිසක් නිසා සොබාදහම සමඟ හොඳින් ජීවත් වෙනවා.
පෙර රජ දවස පටන් ගෙන ආ සටන්කාමී බවත් පන්සලෙන් ලැබුණ හික්මීමත් සමඟ අපේ ජීවිත ඉදිරියට යන බැව් අවසන් වශයෙන් කියන්න පුළුවන් බව සරත්චන්ද්‍ර මද්දුමගේ මහතා ප්‍රකාශ කළේය.
සටහන – ලංකාදීප
Thank you for reading !