Quantcast
Channel: One Day – Lakdasun Trip Reports Archive
Viewing all articles
Browse latest Browse all 598

Day ride to Kodigahakanda Forest and Lenawara Temple

$
0
0
Year and Month  2019-July-07 Lenawara Temple
2020-December-20 Kodigaha Kanda
Number of Days  One
Crew  03
Accommodation  N/A
Transport  Motorcycles
Activities  Hiking, Photography, Sightseeing, Nature Exploring, Pilgrimage
Weather  Perfect
Route  Moratuwa -> Polgasowita/ Kahathuduwa Interchange -> Horana Road  -> Olaboduwa
Kanda Road  -> Kodigahakanda Forest -> Horana Road -> Pokunuvita -> Welikala Road
-> Nagamuwa Road -> Anguruwatota Road -> Lenawara Temple
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Ask the directions from local
      • Take necessary permission
      • Do not harm the environment
      • Follow the footpath only
      • Do not pollute the forest
      • Do not disturb the devotees
      • Do not disturb the villagers
      • Do not litter
      • Leave only footprints
Related Resources  None
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread
  • Day ride to Kodigahakanda Forest and Lenawara Temple

Kodigaha Kanda Forest Reserve (කොඩිගහකන්ද රක්ෂිතය) 

GPS Location – (6.780613, 80.015305)

කොඩිගහකන්ද ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතට අයත් ප්‍රදේශයකි. එරට වානිජ අගනගරය වන කොළඹ නගරයට කිලෝමීටර30 ක් පමණ ආසන්නව පිහිටා ඇති කොඩිගහකන්ද පරිසර පද්ධතිය ස්වභාවික සුන්දරත්වය, ඡෛව විවිධත්වය සහ ‍ඓතිහාසික වටිනාකමද කැටිවු අතිශය සුන්දර පරිසර පද්ධතියකි. කොඩිගහකන්ද පරිසර පද්ධතිය තුළ අපට පෙනෙන්නට ඇති දේ මෙන්ම සැඟවි ඇති දේ බොහෝය. තවද මෙහි වඳවීමේ තර්ඡනයට ලක්ව ඇති ශාක වර්ග මෙන්ම සත්ව වර්ගද රාශියක් ඇත. ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික වු ශාක හා සත්ව වර්ගද වෙයි. සාපේක්ෂව කුඩා පැළෑටි ‍හා කුඩා තෘණ වර්ග බහුල ප්‍රදේශ තිබීම හා ස්වාභාවික දිය පාරවල් මගින් මෙහි සුන්දරත්වය ඔප් නංවා ඇත. ශ්‍රී ලංකාව ප්‍රමාණාත්මකව කුඩා වූද සාගරයකින් වටවු කුඩා දිවයිනක් වීමත් ස්වාභාවික වර්ෂාපතනයන්ට ලක් වීමත් හේතුවෙන් මෙවැනි විශේෂිත වු පරිසර පද්ධති සකස් වීමට හේතු වී ඇත. නමුත් අද මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ මුඛයට පැමිණෙමින් පවතින මෙම ස්වාභාවික පරිසර පද්ධතිය රැක ගැනීම අප සතු යුතුකමකි.

Green in action

The Path

Water Resource

Flowers

පවතින අඳුරට සාප කිරීමෙන් ලැබෙන සෙතක් නොමැත. මඳ එළියක් ලබාදීමට පහනක් දැල්වීම ඉතාමත් අගේය. බස්නාහිර පළාතේ වන අසිරියෙන් අණුවන “කොඩිගහකන්ද”ස්වභාව ධර්මයේ දායාදයකි. අනාගත පරපුර උදෙසා මේ අසිරිමත් වනය රැකිය යුතුය.

දේශීය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ පාරිසරික ගැටලුවකි. රටේ වන ගහනය ක්‍රමයෙන් තුනීවෙමින් පවතියි. එය මානව ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිඵලයකි. මෙයට සාපේක්ෂව ඖෂධ ශාක සීඝ්‍රයෙන් වඳවීයාමට පටන්ගෙන ඇත. සෙසු පළාත් අභිබවා බස්නාහිර පළාතේ මෙම තත්ත්වය බරපතළය.

මෙහි වෙසෙන වෛද්‍යවරුන් අමු ඖෂධ සොයා ගැනීමේ බරපතළ ගැටලුවකට මුහුණපා තිබේ. නිශ්චිත ඖෂධ මෙන්ම ඒ වෙනුවට යෙදිය හැකි “ප්‍රතිනිධී ඖෂධ” ද වඳවී යමින් පවතියි. මෙයින් පාරම්පරික වෛද්‍යවරු ගැටලු දෙකකට මුහුණ පා තිබේ. පළමුවැන්න රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ශාක සොයා ගැනීමේ දුෂ්කරතාවයි. දෙවැන්න වෛද්‍ය ශිෂ්‍යයන්ට පාරිසරික ප්‍රායෝගික අද්දැකීම් ලබාදීමට ඇති අපහසුව වේ.

පවතින අඳුරට සාප කිරීමෙන් ලැබෙන සෙතක් නොමැත. මඳ එළියක් ලබාදීමට පහනක් දැල්වීම ඉතාමත් අගේය. බස්නාහිර පළාතේ වන අසිරියෙන් අණුවන “කොඩිගහකන්ද”ස්වභාව ධර්මයේ දායාදයකි. අනාගත පරපුර උදෙසා මේ අසිරිමත් වනය රැකිය යුතුය.

සුන්දර වනරජ දහන කොළඹ – කළුතර පරිපාලන දිස්ත්‍රික් දෙකේ සීමා මායිමේ පිහිටා ඇත. මෙය අයත් වනුයේ හොරණ ඔලබොඩුව උතුර ග්‍රාම සේවා වසමට වේ. ඉංගී‍්‍රසි පාලන සමයේ කඳු මුදුනේ ඉංගී‍්‍රසි කොඩියක් සිටවා තිබේ. ඒ මුහුදේ නාවික ගමනා ගමනයේ යෙදෙන නැව්වලට මඟපෙන්වීම සඳහා ය. මේ හේතුවෙන් “කොඩිගහකන්ද යන නම ව්‍යවහාරය වී තිබේ.

අක්කර 35 ක් පුරා විහිදී ඇති භූමියේ කඳු මුදුන මුහුදු මට්ටමෙන් අඩි 378 උසය.”මෙහි මුදුනට බටහිර ඉන්දීය සාගරයේ නැව්, කොළඹ නගරයේ උස් ගොඩනැගිලි, නිරතදිග තැනිතලාව මනාව දිස්වන බව ගැමියෝ පවසති.

වර්ෂ 1986 දී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් කොටගම මහතා සමීක්ෂණයක් කර ඇත. ඒ අනුව තෙත් කලාපීය ද්විතීයික පඳුරු වනාන්තරයක් වේ. මෙහි ප්‍රමාණයෙන් විශාල ගස්වලට අමතරව ඖෂධ පැළෑටි දහස් ගණනක් ඇති බව අනාවරණ වී තිබේ. ජෛව විවිධත්වයෙන් අනූන ස්වභාව සෞන්දර්ය පිරී භූමියකි.

භූමිය පුරා පැතිරී පවත්නා වන ගහනය ශාක විශේෂ 133 න් සමන්විතය. ඒ අතර හොර, වල්දෙල්, පේරතඹල, කීන, දවට, කිතුල්, බෝ, ඉදි, වල්පිච්ච, බෝ, වෙසක්මල්, රුක්අත්තන,උඩවැඩියා වේ. මෙම ශාකවලින් සමහරක් විවිධ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස භාවිත කරයි. යටි වියනක් ලෙස ඖෂධ පැළෑටි විශාල ප්‍රමාණයක් ව්‍යාප්තය. ගුරු වෛද්‍යවරයකුට වෙද සිසුන් කැඳවාගෙන ගොස් ඖෂධ ශාක අභිමුඛව විග්‍රහ කිරීම් කළ හැකි ස්ථානයකි. ස්වභාවික පහසුකම් සහිත මෙවන් තවත් ප්‍රදේශයක් සොයාගත හැකිද යන්න ප්‍රශ්නයක්.

මෙම ස්වභාවික වන පෙතට ජීවය සපයන ජලවහන පද්ධතියකි. අවට විසිරී කඳුපන්තියෙන් ගලා බසින මනරම් දොළපහරවල් කීපයක් වේ. පාරම්පරික ගම්වැසියන් පහත සඳහන් පරිදි මෙම ජල දහරාවන් හඳුන්වනු ලැබේ.

උතුරු දෙසට ගලා බසින – තැඹිලි, දොළ

නැගෙනහිර දෙසට ගලා බසින – අඬන දොළ (නාස් දොළ)

දකුණූ දෙසට ගලා බසින – දිග්ගල දොළ

නිරිත දෙසට ගලා බසින – පීලි දොළ

නැගෙනහිර දෙසට ගලා බසින – ටැංකි දොළ

Artistic

The Path

Rocky walls

Roots designs

Nature

Rocky Plain

Harvest is ready

Photogenic

Landmarks

Nature designs

සිය දිය බෙත්මේ ජලය 100% ක් පානීය ජලය වශයෙන් භාවිතයට ගත හැකි පවිත්‍රතාවයෙන් යුක්තය.

මෙම ජලාශවල මත්ස්‍ය විශේෂ 16 ක් වෙසෙන බව සොයාගෙන ඇත. ඉන් මත්ස්‍ය විශේෂ 06 ක් ලංකාවට ආවේණිකය. සිංහ රාජයෙන් වාර්තාවන දේශීය මත්ස්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයකි. රතු දත්ත සටහන්වලට ඇතුළත් කොළ කනයා, ලේ තිත්තයා යන මසුන් වෙසෙති.

ජල දහරාවල වෙසෙන මසුන් දැකීමෙන් චමත්කාරජනක ආශ්වාදයක් ලැබේ. ඉන් ලබාගත හැකි චිකිත්සා ක්‍රමයක්ද වේ. මානසික රෝග අවම කර ගැනීමට උපයෝගී කරගත හැකිවෙයි. මානසික ආතතියෙන් පෙළෙන රෝගීනට මෙම මත්ස්‍ය චලනයක් බැලීමට යොමු කළ යුතුය. එලෙසම මනාසේ අඳුරු හැඟීම් ඇති රෝගීන්ටද එය මානසික චිකිත්සාවකි. පැරණි පාරම්පරික වැසියන් මෙවැනි ස්වභාවික චිකිත්සාවන් හොඳින් දැන සිටියේය. එපමණක් නොව මත්ස්‍ය දර්ශනය නැරඹීම හෘද රෝගවලට හා අධිරුධිර පීඩනයට මනා ඔසුවකි. මෙවැනි මනෝ ප්‍රතිකාර දර්ශන කලාප රැක ගැනීම දිගුකාලීන අභියෝගයක් වේ.

මෙරටට ආවේණික විෂ වෛද්‍ය ක්‍රමය වසර දහස් ගණනක් අතීතයට උරුමකම් කියයි. ගුරු වෛද්‍යවරුන්ට වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා සජීවි සර්පයන් අවට පරිසරයෙන් පෙන්වීම දුෂ්කරය. එම අභියෝගය ජයගත හැකි ස්ථානයකි. කොඩිගහකන්ද වනය, මෙහි තුරුවදුළු අතරේ උරග විශේෂ 18 ක් වාසය කරයි. දියබරි, කබර රඳනකයන්, පළා පොළඟුන්, කොට පිඹුරන් යන මෙරටට ආවේණික උරගයන්ද වේ. ජාත්‍යන්තරව වඳවී යන රතු දත්තයන් හි ඇතුළත් පිඹුරා මෙහි වෙසෙති. දියනයි විශේෂයක් හා කටුසු විශේෂ දෙකක් සිටින බව සොයාගෙන තිබේ. පාරිසරවේදීන්ගේ හා තරුණ සත්වවේදීන්ගේ ගවේෂණ මගින් මෙහි දැක්වෙන දත්ත අනාවරණ වී තිබේ. මෙම පරිසරය විෂ වෛද්‍ය අධ්‍යාපන කටයුතුවලට ගැඹුරින් ප්‍රයෝජනයට ගත හැකිය.

සමනලයින්, පක්ෂීන්, ක්ෂීරපායින් හා උභය ජීවින් ගහනයක් මෙහි වෙසෙති. කුල හතකට අයත් සමනල විශේෂ 46 ක් කොඩිගහකන්ද ආශි‍්‍රතව වෙසෙන බව වාර්තා වේ. ඉන් විශේෂ 6 ක් ලංකාවට ආවේණිකය. රතු දත්තයන් හි වඳවීයාමට ලක්ව ඇති සමනලයින්ද වෙසෙන බව වර්තා වේ. ඖෂධ සළයන් වර්ධනයට මේ සතුන්ගෙන් සිදුවන පරාගන සේවය අතිමහත්ය.

මෙම පඳුරු වනගහන පක්ෂීන්ට රජදහනක් බඳුය. කුල 33 ට අයත් පක්ෂීහු විශේෂ 71 වෙසෙන බව වාර්තාකර තිබේ. මූකලන් කොට්රුවන්, ගිරා මලිත්තන්, හිසකළු කොණ්ඩයන්, මල් කොට්ටෝරුවන් යන මෙරටට ආවේණික පක්ෂීන් වේ. ඔවුන් වනගහනයට එක්කර තිබෙන අලංකාරය අපමණය. දවස පුරා කුරුලු ගී නාද දසත පුරා විහිද පැතිරෙන්නේය. ඉන් ඇතිවන මානසික ප්‍රබෝධය කියා නිම කළ නොහැකි වේ. මෙය යහපත් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන පාරාදීසයක්ය.

හරිත වියනෙහි සැරිසරන ක්ෂීරපායි සතුන් විශේෂ 16 ක් පමණ වේ. ඉන් කොළ වඳුරන් හා රිලවුන් ලංකාවට ආවේණිකය. මීට දශක දෙකකට පමණ පෙරාතුව ඉත්තෑවන්, ඕලුමුවන්, වල් ඌරන්, හඳුන් දිවියන්, උනහපුලුවන් බහුලව වාසය කර තිබේ. මෙම ගහනය වර්තමානය වන විට ක්ෂය වෙමින් පවතියි. ඒ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් කරන අනතුරු ඇඟවීමක නිරූපණයකි. මෙහි සඳහන් සමහර සතුන්ගේ කොටස් දේශීය ඖෂධ තැනීම සඳහා ගන්නා බවද රහසක් නොවේ. ඒ අනුව ඔවුන් ස්වභාවික පරිසරයෙන් අතුරුදන්වීම දේශීය වෛද්‍ය ක්‍රමයට අහිතකර බලපෑමක් බව පැහැදිලිය.

‘කොඩිගහකන්ද’ වනය හුදකලාව පසුවුවද ඔළබොඩුව ගමේ ජනතාවට නිහඬව අපමණ සේවයක් කරයි. කඳු මුදුනේ සිට ගලන ජල දහරාවන් ප්‍රදේශයෙහි කුඹුරුබිම් කීපයක් පෝෂණය කරනු ලැබේ. එපමණක් නොව ගමේ පහත් බිම්හි පවතින ලීං,පොකුණු, ඇළ මාර්ග යන ජල මූලයන් පෝෂණය කරයි. ආයුර්වේද ප්‍රතිකාර ලබන්නන් ඖෂධීය ශාක හා පැළෑටි මෙම වනයෙන් සොයාගනු ලැබේ. ගමේ වැසියන් අවශ්‍ය කරන දර සපයා ගැනීමට ද උපකාරි වේ. ව්‍යාපාරික වශයෙන් නොව යැපුම් අවශ්‍යතාව මත හානියකින් තොරව ප්‍රයෝජනයට ගනු ලැබේ.

Thrones

Nature

Getting close

Surrounding views

Surrounding views

Surrounding views

Surrounding views

Natural designs

Kodigaha Kanda Forest

Surrounding views

මෙම වටිනා ඔසු අරණ සංරක්ෂණය සඳහා වැඩකටයුතු කරණුයේ ‘මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම” වේ. ඔවුන් 2008 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ජෛව සංරක්ෂණ කටයුතු රැසක් අරඹා ඇත. එමගින් වැසියන් පරිහරණය කරන භූමිවල සෝදා පාළුව වැළකීමට ගල් වැටි යොදා තිබේ. පරිසර හිතකාමි ගෙවතු වගා ව්‍යාපෘති මගින් ගැමි දිවියට ශක්තියක් සපයයි. ස්වභාවික අමුද්‍රව්‍ය ඇසුරෙන් කෙරෙන නිෂ්පාදන මග පෙන්වීම් රැසක් වේ. ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් වනයේ සදීමා මායිම් ලකුණු කොට තිබේ. මෙහි අධ්‍යයන කටයුතුවලට පාසල් හා දහම් පාසල් සිසුන් සහභාගි කර ගැනීම අගය කළ යුතුය. සංරක්ෂණයට අවශ්‍ය මඟපෙන්වීම සඳහා මිහිතල “මිතුරෝ නිරතුරුව“ මැදිහත් වේ.

“සමහර මානව ක්‍රියාකාරකම් “කොඩගහකන්දේ’ මතු පැවැත්මට බරපතළ තර්ජනයකි. වනගහනය වටා මහා පරිමාණව සිදුවන කළුගල් කැඩීම් ව්‍යාපාර වේ. ඉන් භූගත ජල ස්වභාවයේ පැවැත්ම වෙනස්වීමට පටන් ගෙන තිබේ. ඉන් මතුපිට පස් ස්ථරය ඉවත්වයාම සිදුවන බවද පෙන්වා දෙයි. ගල් බෝර දැමීමෙන් නිකුත්වන අධික ශබ්දය නිසා පක්ෂීන් හා සෙසු සතුන් වනයෙන් බැහැර වන්නේය. වනයේ ගස් වෙළෙඳාම සඳහා කපා දැමීම බලවත් තර්ජනයකි.

මෙය මිහිතල මිතුරෝ පරිසර සංවිධානය ඉදිරිපත් කර ඇති තොරතුරුවලින් මතුකරන අනතුරකි.

ඉඟි කර ඇති අනතුරු යථාර්ථය වුවහොත් සිදුවන අගතීන් කීපයකි. මිනිස් පැවැත්මට නිතර ඔක්සිජන් වායුව හා ජලය ප්‍රදේශයට අහිමි වේ. එමෙන්ම මානසික සහ කායික සෞඛ්‍යයට හිතකර භූමියක් විනාශ වන්නේය. ශාක හා සතුන් මුල්කොටගත් ජෛව විවිධත් සම්පත විනාශ වනු ඇත. දේශීය වෛද්‍ය කටයුතුවලට අවැසි වටිනා ඔසු වැනසී යාම වළක්වා ගත නොහැකිය.

ආචාර්ය පණ්ඩිත වෛද්‍ය ලක්ෂ්මන් වසන්ත රුක්මාල් රාජ්‍ය සම්මානලාභී හිටපු විදුහල්පති

Surrounding views

Designs

Wow amazing

Main landmark

Green in dark

Keep only the footsteps

Butterfly

Flowers

More Flowers

More to see

Near by in action

Near by in action

Near by in action

ලෙනවර රජමහා විහාරය

Lenawara Rajamaha Viharaya at Akarawita

රයිගම් කෝරළයේ මුංවත්තබාගේ පත්තුවේ පිහිටා ඇත. වත්මන් මිල්ලෙනිය ප්රායෙද්ශීය ලේකම් බලප්රනදේශයට අයත්වේ. රත්නපුර පානදුර මාර්ගයේ රයිගම මන්සංධියෙන් හැරී කිලෝමීටර් හයක් පමණ ගමන් කිරීමෙන්ද, තවත් මාර්ග කිහිපයකින්ම ලෙනවර රජ මහා විහාරයට ලගාවිය හැකිය.
මෙම විහාරස්ථානය පොලොන්නරු යුගයට අයත්ය. බස්නාහිර පලාතේ පවතින පැරණිතම විහාරස්ථාන වලින් එකකි. හයවන පැරකුම් රජ සමයේ ලියැවුණු පැපිලියාන සෙල්ලිපියේ රයිගම් නුවර බද ලෙනවර ගල්ලෙන් විහාරය නමින් සටහනක් පවති.
පසුකාලයේ ඉංදියාවේ සිට හෙළදිවට පැමිණි රාමසුන්දර නම් ත්රියවේදධාරී බ්රානහ්මණයා මෙම ගල්ලෙනක භාවනානුයෝගීව සිටි බවක්, එතුමා විසින් මෙහි විසූ ලෙනගල නම් පරම්පරාවට කරන ලද පරිත්යා ගයක් ලෙස පීනස් වෙදකම ලබාදුක් බවත්, එතුමා විසින් ලෙනගල පරපුරට එම වෛද්ය් ශාස්ත්ර ය රන් පත්තිරුවල ලියවා පරිත්යාකග කළ බවත් තවදුරටත් එකී පැපිලියාන සන්නසෙහි දැක්වේ. වර්තමානයේ පවා ලෙනවර පංසල පීනස් වෙදකමට නම් දරා ඇත.

The Entrance

Staircase

Beautiful

Side view

View from the top

Old is Gold

Surrounding

Surrounding

Nicely placed

Calm and clean

Through the leaves

Top of the rock

Bo leaves

Surrounding

ලෙනගල පරපුරට ලද මේ වරය නිසාත් එය ලබාදුන්නේ මෙම ගල් ගුහාව තුළදී වීමත් නිසා ලෙනවර යන නාමය මෙම පුදබිමට හිමිව ඇතැයි සැළකේ.
මෙහි ඇති ප්රමධාන ඓතිහාසික ස්මාරකය ලෙස දේවාලය හැඳින්විය හැකිය. එය විශේෂ අවස්ථාවකදී හැර විවර නොකරයි. මෙහි ඇති පුරාණ උපුල්වන්, කතරගම, සමන් හා විභීෂණ දේව රූපද, නාරිලතා සිතුවම්ද ලක්නට ඇත. දේවාලයේ පවතින පුරාණ උලුවැස්ස බොහො පැරණි ලක්ෂණ පෙන්නුම් කරයි.
15වන සියවස වන විට මෙම විහාරස්ථානය ඉතාම දියුණු තත්වයේ පැවත ඇත. එකල පැවති විහාරයක නටබුන් සධක තැන තැන විසිර ඇත.

Surrounding

Another view

Under the blue sky

Pagoda

Another view

Surrounding

මුලින්ම කටාරම් කොටා ලෙන සකසා විහාර ආරම්භ කර ඇත්තේ අනුරාධපුර යුගයේ දී බව සැලකෙනවා. ඉන් පසුව පොලොන්නරු යුගයේ ද මෙම විහාරස්ථානය දියුණුව පැවති බව සිතිය හැකියි. කෝට්ටේ යුගය වන විට ද මෙම විහාරස්ථානය ඉතා දියුණුව පැවති බව පැපිලියාන ශිලා ලේඛනයේ සඳහන් වෙනවා. එහි සඳහන්ව ඇත්තේ ‘රයිගම් නුවර බද ලෙනවර ගල්ලෙන විහාරයට පිදූ ලබුගම හා සල්තොටින් ගෙවතු එකක් හා කුඹුරු බිජුවට තුන් පෑලක වප’ යනුවෙන්. ලෙනවර විහාරය මුහුදු මට්ටමේ සිට අඩි 600ක් උසින් කඳුගැටයක් තමයි පිහිටා තිබෙන්නේ. එම ස්ථානයට ගොඩ වූ විට නැඟෙනහිරෙන් සමනල කන්ද ද බටහිරෙන් කළුතර දාගැබත් දැකිය හැකියි.

අක්කර 10ක් විශාල පර්වතය මත පිහිටි මළුව තුළ පැරණි බෝධී වෘක්ෂය, ඝන්ඨා ස්ථම්භය හා ගල් ලෙනෙහි තනා ඇති විහාර මන්දිරයද පිහිටා තිබෙනවා. පසෙකින් විෂ්ණු කතරගම, සමන්, ආදී දේවාල දැකිය හැකියි. එයට නුදුරින් කඳු මුදුන මත තැනූ දාගැබ දැකගත හැකියි.

With the clouds

Surrounding

Colombo

Surrounding

Colombo Buildings

Surrounding

Under the shades

Surrounding

Surrounding

The sky

We had few time and we went to the nearest view point to see the sun set and it was an amazing view over there. We saw the Colombo buildings clearly and captures the sun set step by step colorfully. Finally, we spent there until getting dark around 6.pm and left from the Lenewara Temple.

Surrounding

Misty

Sun setting

Getting dark

Like the moon

Under the colors

Time to leave

It’s sinking

Disappearing

See the colors

Surrounding

Surrounding

End of a day

It’s in the darkness

Thank you for reading!

Sobasiri Team ©


Viewing all articles
Browse latest Browse all 598

Trending Articles